Thursday 17 December 2015

බ්ලොග් සම්මාන උළෙල - නෙලුම්යාය


මාර්තු 26 බ්ලොග් සම්මාන උළෙල
ලබන අවුරුද්දේ බ්ලොග් සම්මාන උළෙල බොහෝ විට මාර්තු 26 වන සෙනසුරාදා මේ අවුරුද්දේ පැවැත්වූ ශාලාවේම නව මාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා ගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට තීරණය කර තිබෙනවා. අපට ගිය වාරයේ ජන මාධ්‍ය අමාත්‍යංශයේ ශාලාව ලබා දුන්නේද ඔහුයි. (වෙනත් ශාලාවක් ලබා දෙන්න පුලුවන්නම් කියන්න ). කල්‍යාණ මිත්‍ර ඇතුළු බ්ලොග් කරුවන් කිහිප දෙනෙකු මෙය සංවිධානය කිරීමට සහය දැක්වීමට කැමැත්ත පළ කලා.
එදාට උත්සවය මෙහෙයවීම හා කවර අංගයන් ඇතුලත් කල යුතුද යන්න සඳහා යෝජනා එවන්න.
එසේම වඩා වැදගත් ලෙස අප දෙන බ්ලොග් සම්මාන සඳහා ඔබගේ යෝජනාද එවන්න. අපි ඒ එන හැම යෝජනාවක්ම සළකා බැලීමට පොරොන්දු වෙනවා. බ්ලොග් කරුවන්ට, බ්ලොග් නොලීවත් කොමෙන්ට් දමන අයටද මේ සඳහා සහභාගී විය හැකියි. වසරේ හොඳම බ්ලොග් කරු 1, 2, 3 මෙන්ම නෙළුම් යාය අඩවියේ එක් එක් අංශ සඳහාද එක ත්‍යාගය වශයෙන් පිරි නමනවා.
“මේ සඳහාතෝරා ගනු ලබන බ්ලොග් ලිපි ආදිය වර්ගීකරණ එකොළහකට අයත් වනවා. ඒ නම් දේශපාලන, කවි/නිසඳැස් , කාලීන සංවාද, කෙටි කථා , ඡායාරූප, තාක්ෂණ, විද්‍යා, හයිකු, සංචාරක, සංගීතය හා ඉතිහාස යනුවෙන්. මෙයින් දේශපාලන, කවි/නිසඳැස් , කාලීන සංවාද, කෙටි කථා, සංචාරක යන අංග වලට එක, දෙක, සහ තුන ස්ථාන තෝරා ත්‍යාගයන් දීමටත් අදහසක් තිබෙනවා.”
ත්‍යාගය ට ඇතුලත් වන්නේ මුදල් හෝ පොත්, නෙලුම් යාය සම්මානය හා සහතිකයක්.
යෝජනා එවිය යුත්තේ: editor@nelumyaya.com ලිපිනයට.

නෙලුම්යාය අඩවියේ පෝස්ටුව - http://nelumyaya.com/?p=4842

.

Thursday 22 October 2015

රාමා මේවා දන්නෑ වාල්මිකී......


වාල්මිකී උඔ දන්නෙ නෑ
මවු යෝනියකින් මිසක
නගුල් ලීයෙන් දරුවන් නූපදින බව..........

වාල්මිකී උඔ දන්නෙ නෑ
කෛකෛගේ දුස්ට කම් වලට
දඩුවමක් දිය නොහැකි තරමටම
දශරථ ස්ත්‍රී ධූර්තයෙකු බව.......................

වාල්මිකී උඔ දන්නෙ නෑ
රාජධානියක් භරතට දී
අත පිහදාගන්න තරමටම
රාම බියගුල්ලෙකු බව...................

වාල්මිකී උඔ දන්නෙ නෑ
රාමගේ නැට්ට වගේ
ලක්ෂ්මනයා කැලේට ආවෙ
මං ගැන පිස්සු වැටිල බව...........

වාල්මිකී උඔ දන්නෙ නෑ
පිනට හම්බුනු සැපත් නොතකා
රජ පුටුවෙ සපත්තුවක් ඉන්දවපු
භරත මන්ද මානසික දරුවෙකු බව............

වාල්මිකී උඔ දන්නෙ නෑ
මෙච්චර ගෑනු ඉන්න රටක
මං පස්සෙම ඇවිත්
මහා මිනිස් සංහාරයක් කරපු
රාමට පිස්සු බව......

වාල්මිකී උඔ දන්නෙ නෑ
චාලි මරවලා තාරාදේවි බේරගන්න
රාම ලඟට දුවන් ආපු හනුමා
ඇගෙ අනියං සැමිය බව.................

වාල්මිකී උඔ දන්නෙ නෑ
හුඹහක් උඹ වටේ එතෙනකං
ඒකවත් නොතේරුන
උඹ මහ මැටි හරකෙක් බව..............

වාල්මිකී උඔ දන්නෙ නෑ
අහස් යන්තරයක් හදපු
පලවෙනි මිනිහ දුෂ්ටයෙක් කියල
පචයක් ගොතාපු උඹ
සේරටම වැඩිය දුෂ්ට බව....................



ඩබ්.කේ ලියපු අමුතුම අමුතු කවිය
හැමෝට ම පෙන්නන්නයි 
මෙතනට ගෙනාවේ.......
වෙනස්කම් දෙකක් කරා
මාතෘකාවක් දැම්මා රූපයක් දැම්මා
ඩබ්.කේ තරහා වෙන ඒකක් නෑ......

ලින්කුව - http://wkwijeratna.blogspot.com/2015/10/blog-post.html?showComment=1445508269011#c3398041954485897395

Thursday 8 October 2015

නිහිංසාගේ පළවෙනි ම පෝස්ටුවත් කවියක්.....................



සිතල රාත්‍රිය ගිනියම්ව හඩ නැගු වේදනාව ........
සුපුෂ්පිත කොද කැකුළු මත වැටුණු පිනි කදුළු .....
සුදු සද කිරණ නොදිලිසුනු අමාවක රැය .....
දරාගනු හැකිවේද ගගනත සිනානොමසන්ව ......

හද හැඩුවේ නුඹෙන් දුර ගිය මගේ සෙනෙහසට ....
නෙත කදුළු වැගිරුනේ නුඹ නොඑන බව හැගී .....
හිරු සදු මිලිනවුයේ සීතලව ගල්ගැසූ විරාමයේ .....
මිහියකට දරා  ගනු කෙලෙස තුටු සිතක් නොමැතිව .....

බාලෝලිය මල් පිපුනේ නැති උනාට නුඹේ නමින් ....
මගේ හිතේ මල් පිපුනේ නුඹේ සෙනේ පුදින්නයි ....
වාරුකන් වැසි මගේ ලොවට නොවැස්සට .....
වැහි කදුළු වැටුනේ නුඹේ සෙනේ දොරේ ගලන්නයි .....



තනි අාචාරියෙක් රජ කරනා
කමෙන්ටු අතර තනිවුණ
නිහිංසාගේ පළවෙනි පෝස්ටුව
කවියකින් නිමැවුණකි මේ වගේ.............


ලින්කුව - http://nihinsa777.blogspot.com/2014/01/blog-post.html


.

Wednesday 23 September 2015

වර්ණගෙයි සබරේ අැනෝගෙයි අලුත්ම උත්සහය.......

ඔන්න ඉතින් එහෙනම් හා හා පුරා කියලා එකෝමත් එක කතාවක් පටන් ගත්තා.  හැබැයි ඉතින් මේකත් අර ලස්සනම ලස්සන කුමාරි බලන්න රාස්සිගේ බෙල්ල කපල අස්ස ගුඩුං ආපු කුමාරයාගේ කතාව නම් නෙවෙයි ඕං.මෙලෝ රහක් නැතුව ලබ් ඩබ් කියල ගැහෙන අපේම හදවත්වල රිද්මය හෙයාගෙන යන, කළු සුදු හිත්වල අළු පාට හොයන ඔයාගෙයි මගෙයි කතාව.












කවිපද හතරක හිරකරන්න බැරි කොයිතරම් හීන කන්දක් අපි හැමදාම පාට 
කරනවද, උදේ පාන්දර වලාකුළු අතරින් රත්තරන් පාටට කවුළුවක් ඇරියා 
වගේ ඉර එළිය වැටෙද්දී අපි අතර කී දෙනෙක් නම් ලස්සනම ලස්සන අශ්ව 
කරත්තයක නැගුණ ලස්සන කුමාරිකාවක් කුමාරයෙක් එතනින් ඒවි කියල 
තවමත් බලාගෙන ඉන්නවද (එනවටම නෙවෙයි ඉතින්)  අවුරුද්දට කොහා 
එක්ක අපි කී දෙනෙක් නම් තවමත් තරගෙට කුහූ කියනවද..... හ්ම්ම් .... 
ඉන්ජෙක් වෙච්ච ඉවාන් අයියට මාතා අයියට කවදාවත් හිතිලම නැද්ද කඳු 
දෙකේ දෙපැත්තට ගිහින් දේදුන්නේ කොන හොයන්න... අපි හිනා වුණත් 
ඒත් මේ අපි අපිම නේද? මේ සම්මුති සමාජය ඉරි ගහල කොටු කරපු අපේ 
ජීවිතවල මොන තරම් නම් හැඩතල තියෙනවද. 
වෙලාවකට අපි අපිවම හොයනව.

යාළුවනේ එකෝමත් එක පණගහන්නේ ඔයයි මායි ජීවත් වෙන මේ 
පොළව උඩ ගෙන්දගම් රස්නෙට කරවෙලා ගිය මිනිසුන්ගේ සුවඳ හොයන්න 
එයාලගේ කළුසුදු හීනවලට පාට කවල නිදහසේ ඉගිල්ලවන්න. එහෙනම් ඉතින් 
ඔන්න වර්ණ කුලකයේ වර්ණයි, මිත්‍ර වර්ණයි (සබරේ ඇනෝ) 
බලාගෙන ඉන්නවා  එකෝමත් එක... කතාවක් කියද්දී හූ මිටි තියන්න, 
ලුණු ඇඹුල් එකතු කරන්න සයිබරයේ යාළුවෝ ටික නැගම් එනකන්...

ප.ලි. තරහ ගන්ට එපෝ අනිත් යාළුවන්ගේ ජොබ් එක හොයාගන්ට බැරි උනෝ...

ලිව්වේ - මිත්‍රවර්ණ (සබරෙ ඇනෝ)

ලින්කුව - http://ekomatheka.blogspot.com/

.

Thursday 10 September 2015

හේම ශ්‍රී ද අල්විස් අද අසරණයි


ක්ලාස් එකක නිකන් ඉන්න ගමන් කෙල්ලෙක් සිංදුවක් කිව්වම, එයාව දවසේ පුවත කරගෙන, හතර අතට ශෙයා කරල, ලයික් දාල, කමෙන්ට් කරල, පුම්බල පුම්බල උඩ අරින්න නම් කට්ටිය එමටයි. ඒත් මේ වගේ දෙන්නෙක් ගැන ඒ තරම් වදවෙන්න වෙලාවක් නැතුව ඇති. ලංකාවෙ ඉන්නෙ අරුම පුදුම විචාරකයො ටිකක්… කලකිරෙනව ඇත්තටම…
ගීත 4000 ක් ලියු ඔහුත්…ගීත 1000 ගායනා කළ ඇයත් අද අසරණයි…..!!!
මේ ශ්‍රී ලංකා කලා ක්ෂේත්‍රය පෝෂනය කල දැවැන්තයන් දෙදෙනෙකි
අන්තර් ඡාලය පීරා බැලුවත් …ඔවුනගේ සොයාගත හැකිවූ ඡයාරෑපය බැලූවිට ඔවුන් කොතරම් නම් අසරණදැයි ඔබට පැහැදිළි වනු ඇත.
ඔහු හේම ශ්‍රී ද අල්විස්ය
ඇය ඔහුගේ ප්‍රිය බිරිද අයිරින් ද අල්විස්ය,
මේ යුගයේ අද වනවිට ගීත දහයක් ලියා ගීත 3ක් ඡනප්‍රිය කරගත් එකා
ලක්ෂපතියෙකි, ගීත 3 ක් අමාරැවෙන් කියා 1 ක් ඡනප්‍රිය කරගත් එකාද ලක්ෂ පතියෙකි ධනවාදය කලාව මාර්කටින් කරන්නේ එලෙසය මේ මා කියනා මිනිසා ලියූ ගීත
සංඛ්‍යාව 4000 කි. ඒ අතර(ඉන් බිඳක් )
මධු සදෙන් තවත් සුපුන් සදක්.
මයුරාසන මත වැඩ හිදිනා.
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවෙ.
ඔබ සොයනා කලු කෙල්ල මමයි.
මාගෙ මේ රට මාගෙ මේ රට.
ඇයි බඹරෝ පෙමිමල අතහැරලා.
දැන් කියන්නේ වෙනස්ම කතාවකි..!!
ඔවුන්ට ප්‍රෙමදාස ඡනාධිපති දුන් නිවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත උදුරා ගන්නා ලදී. ආශ්චර්යමත් හෙටක් යනු එහි දිගුවකි.අනතුරැව කුළි ගෙවල්වල ඡිවත්වූ ඔවහු සිය අවසන් නවාතැන් පොලවෙත පැමිණ ඇත එය කුඩා කාමර කැබැල්ලකි 173, වලපල පන්සල පාර පානදුර එහි ලිපිනයයි.
ඒ කුඩා කාමර කැබැල්ලේ ඔවුන් ඡිවිත කාලයටම ලාංකීය සංගීත කෂේත්‍රයට කල මහගු දායදට එකතුකරගත් සබිබ සකලමනාවම ඇත පරණ ඇදක්, ඇදුමි දාන ලී කබඩි එකක් ප්ලස්ටික් පුටු දෙකක් හා ඇල්බීසීයා ලීයෙන් තැනූ මේස කබලක් .. ඉතිහාසයක් පුරා ඔවුනගේ සිහිනයේ කැට කැබිලිතිය.හොදම ගීත රචකයාට දුන් හා හොදම ගායකාවට දුන් දිරාගිය සහතිකද මළ බැදුණු සහිවටනද ඒ අතරය.
ඉතිං ඈ හොදටෝම ලෙඩින්ය. ඔහු ඇළග දනින් වැටී සාත්තුවෙයි වැසි වැටෙන කලට කාමරය දොරෙ ගලයි වැස්සට සනීප අසනීප නැතිබැරිකමි අදාලම නැත.
ඔවුන් ඉල්ලා සිටින්නේ නෙතට කදුලු උනනා ඉල්ලීමකි ඒ වෙලක් ඇර වෙලක් හෝ දී ඔවුන් ඡීවත් කරවනා ලෙසයි
ලින්කුව - https://asammathaya.wordpress.com/
.

Saturday 5 September 2015

මනාගේ පළමු පෝස්ට් එක...............

මනා දකින විදිහට මනා කියනනෙ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න හෙන අහිංසකයෙක් :p. ඒකෙන් වැඩක් නෑ ඉතින්. කොහොමහරි මේ පෝස්ට් එකෙන් කියන්න හදන්නෙ ඉස්සරහට මනාගේ පින්තාරුව හැඩ කරන්න හිතන් ඉන්නෙ කොහොමද කියල. 

මනා ටිකක් සංගීතයට බර කෙනෙක්. ඉතින් ඔයාලට සංගීතය ගැනත් දැන ගන්න පුළුවන් වෙයි. ඒ වගේම නවීන තාක්ෂණික දැනුම සහ පරිගණක ආශ්‍රිත දැනුමත්, තව විවිදාකාර දේවල් ගැන දන්නා තරමින් ඔයාලට දැනුම ගෙනත් දෙන්න තමා හිතන් ඉන්නේ.හැබැයි මේ බ්ලොග් පිටුව එක දේකට කොටු කරන්න මනාට හිත දෙන්නෙ නැ . එහෙම උනොත් මනාගේ පින්තාරුව ලස්සන වෙන එකක් නෑ කියල හිතෙනවා. පින්තාරුව ලස්සන වෙන්නෙ එකට විවිදාකාර පාට එකතු උනහමනේ ;).

මේක කෙටි පෝස්ට් එකක් තමා :D. එත් එකෙන් මනාගේ ඉදිරි දැක්ම ගැන සරලව දැන ගන්න පුළුවන් උනානෙ ;). අපි ඉදිරියට හොඳ පෝස්ට් එකකින් හම්බෙමු. ඔයාලගේ නොමද සහයෝගය හැමදාටම මනා බලාපොරොත්තු වෙනවා. එහෙනම් ජය වේවා හැමෝටම!!! .

මේ පොස්ටුවේ නමත් මේකමයි.
මීට අවුරුද්දකට විතර කලින් 
මනා ලියපු පළවෙනි පෝස්ටුව
කමෙන්ටු ඒකක්වත් නැතුව
පාලුවෙන් ඉන්නවා තාම..................

ගියොත් ඒ පැත්තට 
මනාගේ පළවෙනි පෝස්ටුවට
වටිනාකමකුත් දීලා ම ඒන්න...............

Sunday 23 August 2015

කවි බැදුමේ මුල් කාලේ කවි..........................



හිස් අහසත් බොල් පොලවත් ඉතිරි උනොත්    ඇති
උස් අදහස් ඵහෙම හිතති කිසිම  දෙයක්           නැති
ඇස් ඇර නැති අපේ ලමයි අතින් අතට              යති
දෙස් දුන්නත් උන්ට  රටක්  අපේ  කියා            නැති

බල තන්හාවෙන් තුරු හිස් ගහ කොල වන        සති
මුල මැද අග නැති සැලසුම් සංවර්ධන               පැති
මිල කරගන්නට බැරි දේ කුනු කොල්ලෙට      දෙති
නල වන දරුවත් උකුලෙම නයකාරයො         වෙති

රට  වටේම ක්‍රීඩා පිටි  හැදුවට   නය               වෙවී
වැට පනීවි ගැමි දරුවන් නව මෙවලම්          නොවී
තැට මුවාට හැම දෙනාම  චින්තනයේ             කවි
වට  උනේම ඵක පවුලකි බලයෙන් මත්       වෙවී

බදු බර ඇන ඇන අරගත් මුදලෙන් හරි          අඩක්
උදුරන ක්‍රමයට ගෙනවිත් දැම්මොත් ගල්  ගොඩක්
අදුරට නියවන උන්දැට   ඵ්කත්  ලොකු       වැඩක්
කොදු ඇට නැති උන් හැදුවා හොරාට හොඳ ඉඩක්

පතුල  බැළුව මහත්වරුනි ආස්චර්යෙ             ර‍ගේ
වතුර දමන විට මුහුදෙන් පිරිත් වැඩපු           අගේ
උතුර  දකුන මාරුවෙලා නැව්  ඵන්නෑ          නගේ
කතුර දුන්නෙ පටි කපන්න කිලි කෙල්ලෙක් වගේ

මිහින් ඵයාර් නම තිබුනට නෙමැත ගුවන්       බස්
ගිහින්  වැඩට හැමකෙනෙක්ම මුර කරන්නෙ ගස්
ඇහින් දැකපු චින්තනයේ වැඩ සේරම           පුස්
විහින් කපපු වල හින්දා කමු අපි දැන්             පස්


අඩවියට ලින්කුව - http://kavibeduma.blogspot.com/


සටහන - සදැස රකිමින් අගේ අැති කවි ගෙත්තම් රැසක් ලියා අැති අඩවියකි.
ජනප්‍රිය රැල්ලට විරුද්ධව කාලයක් තිස්සේ කවි ලියූ බ්ලොගයකි.... 

Sunday 2 August 2015

විදානෙට හෙණේට හිටපු ටිකිරා අයියාගේ සමපෝෂ ගුලියේ පෝස්ටුව ......

සත්‍ය කතාව - කතාව මේකයි.. විදානේ ගිය අවුරුද්දේ සුපිරියට 

ලියපු බ්ලොගයක් කරා... ඒත් ගිය අවුරුද්දේ ඔක්තෝබර් වල ලියුවා 

මේ පහත තියෙන පෝස්ටුව.... ඒත් ඔය කියන සමපෝෂ ගුලිය ගැන

 ඒකේ කොහෝවත් ලියලා තිබුණේ නැහැ... ඉතින් කොල්ලාට ඒකට 

ලොකු මඩ පාරක් වැදුනා..... අපි ඉතින් බලං හිටියා ඊළග පෝස්ටුවෙන්වත් 

මේ සමපෝෂ ගුළිය ගැන කියයි කියලා.... ඒත් නැහැ.... අායෙම ඒක ගැන 

අැහුවා විතරයි..... විදානෙයා අා ගිය අතක් නැහැ.... දදා හිටපු මලදානෙත් අනාථයි.....



බොක්කෙන් වගේ කියන කතාව - මචං විදානේ... කොහොම හරි 
බ්ලොගය ලියපං..... පුළුවන් වෙලාවට අපේ මිතුරන්ගේ බ්ලොග් පැත්තටත් අැවිත් යමං.... 



පඹහින්න ගම, ටිකිරා අයියාගේ සමපෝෂ සංග්‍රහය 

සහ බස්සිට අදහසක්.....


පහුගිය සතියේ බස්සි ලියල තිබ්බ බෝඩිම් කට්ට (tips for boarding life - 1) 
පොස්ට් එක කියෙව්වම හිතුනු දෙයක් තමයි බොඩිමක් විතරක් 
නෙවයෙි හොස්ටල් ජීවිතේ ගැනත් යමක් කියන්න ඕන කියලා.
කොළඹ බදුල්ල පාරේ කිලෝ මීටර් 156 ක් විතර ගියාම 
බෙලිහුල්ඹය තියනවා, ගොඩාක් අයට ඉතිං බෙලිහුල්ඔය කිව්වම 
මතක් වෙන්නේ ටිකක් සිසිල්, සුන්දර පරිසරයක්.. ඔය සබරගමුව 
විශ්වවිද්‍යාලය පිහිටල තියෙන්නේ කලින් කියපු බෙලිහුල්ඔය 
ඉඳන් තවත් කිලෝමීටර් හතරක් විතර ගියාම මුණගැහෙන 
පඹහින්න කියන ගමේ.. හැබැයි පඹහින්න ගමට මේ විශ්වවිද්‍යාලයක්
 කියන එකක් ආවේ අමුතුම ආකාරයකට..

ගොඩක් අය දන්නවා ඇති සමනල වැව, ඔය වැව ගැන සිංදු එහෙමත් 
ලියලා තියනවා අපේ සහෝදර බ්ලොග් සෙට් එකක් වන 
කුරුටු ගෑ ගී පවුරේ (ආඬි එකොලොස් දෙනාගෙ බ්ලොග් එකේ) 
ඈයොත් මෙන්න මෙකවිය කුරුටු ගාල තිබුනෙත් ඕං ඔය 
කියන සමනල වැවගැන සිදුවීමක් ගැන තමයි. කොහොමින් 
කොහොම හරි ඔය කියන සමනල වැව සහ ඒ ආශ්‍රිත විදුලි 
යෝජනා ක්‍රමය හදන්න ආපු සේවකයනට නවතින්න ගොඩනැගිලි 
සංකිර්ණයක් ඉදිකරල තියනවා. ඒ ගොඩනැගිලි සංකීර්ණයේ
ආපන ශාලා, කුඩා ක්‍රීඩා පිටියක්, 100*20 ගොඩනැගිලි කිහිපයක්, 

නිළධාරීන්ට නවාතැන් සඳහා නිළ නිවාස, කාර්යාලයක්, පිහිනුම් 
තටාකයක් වගේ දේවල් වලින් යුක්ත වෙලා තියනවා. 
                                  සමනල වැවැ කදුමුනට පෙනන අයුරු

                                    සමනල වැව් බැම්ම සහ සොරොව්ව

සමනල වැව ව්‍යාපෘතිය අවසන් උනාට පසු මෙම ගොඩනැගිලිවල 
අයිතිය විදුලිබල මණ්ඩලයට හිමිඋනා. පසු කාලීනව එවකට පැවති 
රජයේ අවශ්‍යතාවක් මත මෙම ගොඩනැගිලි වලින්, කිහිපයක් 
ගෙන ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයට අනුබද්ධව, මෙහි අනුබද්ද 
විශ්වවිද්‍යාලක් පිහිටුවා තියනවා., මෙම අනුබද්ද විශ්වවිද්‍යාලය 
1996 වෙද්දි ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාල බවට පත්වෙනවා, 
මෙම විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය රහංගලත්, ව්‍යවහාරික 
විද්‍යා පීඨය බුත්තලත් ආරම්භ කරනවා.

හරි දැං අපි මාතෘකාවට ගොඩ වෙමු. මං කිව්වේ  මේ විශ්ව
විද්‍යාලය තියෙන්නේ පඹහින්න කියන ගමේ කියලා. ඇත්ත වශයෙන්ම
කියනවා නං මහතැනන සානුවේ තියන මේ ගමේ බෙලිහුල්ඔය 
හරියේ තියෙන සුන්දරත්වයනං නෑ.. මේ පලාතේ මිනිස්සු වැඩිපුරම 
කරන්නේ හේන් ගොවිතැන. තක්කාලි, අමු මිරිස්, මඤ්ඤොක්කා 
වගේ බෝග තමයි වැඩිපුරම වවන්නේ.  අවුරුද්දේ මාස නමයක් 
විතරම පෑවිල්ලට යටවෙන මේ පැත්තේ අන්තිමට ඉතිරිවෙන්නේ 
අව්වට පිච්චිලා දුඹුරුපාට වෙච්ච අඩිය තියපු ගමන් දූවිලි ඇවිස්සෙන 
කර්කෂ පොලවක් තමයි. මේ මිනිස්සුන්ගේ විශ්වාසයක් තියනවා 
මෙන්න මේ ගානට පොලව වේලුනාම, ගමට ලස්සන දෙනගම 
ඉස්සරහින් තියන පරවියන්ගල කන්දේ මානං කැලේට ගිනිතිබ්බම 
ඉක්මනටම වැස්ස ලැබෙනවා කියලා. ඉතිං මිනිස්සු කරන්නේ 
මහ කැලෙත් මානං කැලෙත් අතර අඩි විස්සක විතර තීරුවක් සුද්ද 
කරනවා (මේ තීරුවට කියන්නේ ගිනි පටිය කියල මේ තීරුව නිසා 
ගින්න මහ කැලේට පැතිරෙන්නෙ නෑ). ඊට පස්සේ මානමට 
ගිනිතියනවා. රෑ කාලෙට ගිනිගන්න කන්ද දිහා බලන් 
ඉන්න එකෙත් පොඩි සුන්දරත්වයක් තියනවා.. හැබැයි ගිනිගත්ත 
කන්ද පහුවදාට අඟුරු කෑල්ලක් වගේ පේනකොට නං 
දැනෙන්නේ මාරම දුකක්. 


                                        පරවියන්ගල කන්ද 

මේ කන්දට ගිනිතියලා සතියක් යන්න කලින් මේ පැත්තට අනෝරා 
වැහි ඇදගෙන හැලෙවා. ඒක අවුරුදු පහක් විතර අද්දැකීමෙන්ම 
දන්න සිද්ධාන්තයක්.. මාස ගානක් පායල පායල කරකුට්ටන් 
වෙච්ච පොලවට වැහි බින්දු  වැටෙනකොට ඒ පොලවෙන් 
නික්මෙන සුවඳ හරිම ආස්වාදනීයයි.. අපිත් මුලින්ම මේ විදියට 
වැස්ස දවසේ පොඩි එවුන් වගේ වැස්සට පැනල හොදටම මඩ තැලුවා.. 

දවස් දෙකතුනක් යනකොට අර වේලිලා දුඹුරු පාට වෙච්ච 
ත(න/ණ)කොල වලින් ලා කොලපාටට දළු දාන්න පටන් 
ගන්නවා.. ඒක හරිම ලස්සන දර්ශනයක්, ඒ වගේම තමයි 
ගිනි අරන් කරකුට්ටන් වෙච්ච කළුපාට කන්දේ, මානම 
ආයෙත් පූදිනවා දවසින් දවස ඒක දිහා බලං ඉන්න ආසයි..

මේ ගමේ මිනිස්සුන්ගේ කෘෂි ආර්ථීකේට අමතර ආදයම් 
මාර්ගත් මේතැන විශ්වවිද්‍යාලයක් බිහිවෙච්ච නිසා ඇතිඋනා. 
මේ ඊයේ පෙරේදා වෙනකංම විශ්වවිද්‍යාල නේවාසිකාගාර 
විදියට භාවිතා කළේ මේ පඹහින්න ගමේ මිනිස්සුගේ ගෙවල් 
තමයි, සිසුන්ට අවශ්‍ය කෑම බීම හදල දෙන්න ව්‍යාපාරික 
ස්ථානත් බිහිවෙනවා. මේ පැත්තේ බස් ගමනාගමනයත් 
සිදුඋනේ යලට මහට හින්දා පඹහින්න හංදියේ 
ත්‍රි රෝද රථ ගාලක් එහෙමත් ඇතිවෙනවා.. වැදගත්ම 
දේ ඒක නෙවෙයි.. එවකට සමනලවැව පොලිස් මුරපොල, 
සමනල වැව පොලීසිය බවට පත්කරගන්නට අපි ඕකට යන 
කාලේ හැකිවෙනවා.. ඒක මං හිතන්නේ අපි විසින් ගමට කරපු 
ලොකුම සේවයක් කියලා මම තදින්ම විශ්වාස කරනවා. 

ඔන්න ඔය කියන ගමේ තමයි ටිකිරා අයියගේ කඩේ තිබුනේ.. 
මං හිතන්නේ තව දිගට මේක ලිව්වොත් කියවන අයට එපා වෙන්න 
ඉඩ තියනවා. ඒ නිසා ටිකිරා අයියාගේ සමපෝෂ සංග්‍රහය සහ 
බස්සිට දාන අදහස ගැන ලඟදීම පොස්ට් එකක් දාන 
බලාපොරොත්තුවෙන් අදට නවතිනවා..

ඔය පැත්ත ගැන ලියවුනු වෙනත් එව්වා...




ප/ලි  :  ඔය පොටෝ එහෙම අල්ලල තියෙන්නේ මමම තමයි 


බ්ලොගයට ලින්කුව - http://cvpsur.blogspot.com/2014/10/blog-post_26.html

Tuesday 28 July 2015

ලංකාප්‍රිය ඔහේ ලියන්න පටං ගත්ත පළවෙනි දවස......

පළවෙනි ම පෝස්ටුවට 
ලංකාප්‍රියම තියපු නම ........... ඔහේ ලියනවා
අද වෙනතුරුම ඔහු
අවුරුදු පහ හමාරක් ............ඔහේ ලියනවා

ඔහේ ලියනවා

මන් ඉන්නේ පිට රටක.. මොන කරුමෙකටද 
මන්ද මගේ රටේ හිත හදාගෙන ජීවත් වෙලා 
රටටම වැඩ කරන්න .. ඊට පස්සේ ඔහේ මැරිලා 
යන්න කොච්චර ආසාවක් තිබුනත් උත්සාහ කල 
හැම පාරම මට හිතුනේ එක්කෝ මම වැරදි 
කාලෙක ඉපදිලා එහෙම නැත්නම් වැරදි 
රස්සාවක් මුලදීම අල්ලාගෙන කියල.. 
ඇත්ත තමයි. මම කරන්න පටන් ගත්තේ 
ජීවිතේටම කරන අදහසක් වත් නොතිබුන එකක්. 
අපේ රටේ අපි හිතන පතන රස්සාවල් 
කරන්න ලැබෙන්නේ කාටද ? හම්බවෙන ඒකෙ 
එල්ලිලා ඔහේ ජීවිතේ ගැට ගහ 
ගන්නවා මිසක් .  තාමත් බලාපොරොත්තු   
තියාගෙන ඉන්නවා ඒ වෙනස අපේ රටේ වේවි ..
එතකොට හිතට එකඟව රටට සේවය කරලා 
මැරිලා ඒ පොළවටම පස් වෙන්න පුළුවන් 
වෙයි කියල.. එහෙම නුනොත් ඉතින් මම 
හම්බකරගත්තු කීයක්   හරි ඉතුරුකරගෙන මගේ 
අවසාන කාලෙට වත් ආපහු ගිහින් මගේ 
රටේ කොහේ හරි කොනක පැලක් අටවාගෙන 
කාටවත් කරදරයක් නැතුව මං හදපු ගහක් යට 
මැරිලා යනවා.

මේ කාලේදී මම වගේම අත්දැකීම්   
නිසා පිටරට ආව මට වඩා සිය දහස් 
ගුණයක් වටිනා මිනිස්සු මට හමු වුනා.. 
අපි ඔක්කොම සරීරයෙන් මෙහෙ හිටියත් 
හදවතින් ඉන්නේ උපන් පොළොවේ.. නින්ද ගියාම 
හීනෙන් දකින්නේ ලංකාව.

අවුරුද්දකට වතාවක් නිවාඩු ලැබුනම දුවගෙන 
යන්නේ(ලක්) අම්මා ලඟට.. කටුනායකින් 
බහිනකොට කඳුළු පිහිනවා වගේම ආපහු   
එනකොට යානය උඩට ගන්නකොටත් පහලින් පෙනෙන 
පොල්ගස් කරටි දිහා බලාගෙන කඳුළු පිහිනවා.. 
ඇහේ කඳුළු පිස්සට හිතේ කඳුළු දවස් ගණනක් ගලනවා..
අපේ කතාවට කොහෙද පත්තර ? බ්ලොගක් ඇරියා.. 
ඒකටත් පින් දෙන්න ඕන  ඇහින් නොදැකපු 
බ්ලොග්වලින් දැකපු ලංකාවේ කොල්ලෝ 
දෙන්නෙකුටයි.. උන් දෙන්න කොච්චර මට 
තල්ලුව දුන්නද ? අන්තිමට බ්ලොග් නමින්   
විතරක් දන්නා එක  මලයෙක්  මට බ්ලොග් 
අරින ලින්ක් එක පවා දීල තිබුන.. ඔන්න ඉතින් 
මගේ හෑල්ල ලියන එක පටන් ගත්ත.




.

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........