වාල්මිකී උඔ දන්නෙ නෑ
මවු යෝනියකින් මිසක
නගුල් ලීයෙන් දරුවන් නූපදින බව..........
වාල්මිකී උඔ දන්නෙ නෑ
කෛකෛගේ දුස්ට කම් වලට
දඩුවමක් දිය නොහැකි තරමටම
දශරථ ස්ත්‍රී ධූර්තයෙකු බව.......................
වාල්මිකී උඔ දන්නෙ නෑ
රාජධානියක් භරතට දී
අත පිහදාගන්න තරමටම
රාම බියගුල්ලෙකු බව...................
වාල්මිකී උඔ දන්නෙ නෑ
රාමගේ නැට්ට වගේ
ලක්ෂ්මනයා කැලේට ආවෙ
මං ගැන පිස්සු වැටිල බව...........
වාල්මිකී උඔ දන්නෙ නෑ
පිනට හම්බුනු සැපත් නොතකා
රජ පුටුවෙ සපත්තුවක් ඉන්දවපු
භරත මන්ද මානසික දරුවෙකු බව............
වාල්මිකී උඔ දන්නෙ නෑ
මෙච්චර ගෑනු ඉන්න රටක
මං පස්සෙම ඇවිත්
මහා මිනිස් සංහාරයක් කරපු
රාමට පිස්සු බව......
වාල්මිකී උඔ දන්නෙ නෑ
චාලි මරවලා තාරාදේවි බේරගන්න
රාම ලඟට දුවන් ආපු හනුමා
ඇගෙ අනියං සැමිය බව.................
වාල්මිකී උඔ දන්නෙ නෑ
හුඹහක් උඹ වටේ එතෙනකං
ඒකවත් නොතේරුන
උඹ මහ මැටි හරකෙක් බව..............
වාල්මිකී උඔ දන්නෙ නෑ
අහස් යන්තරයක් හදපු
පලවෙනි මිනිහ දුෂ්ටයෙක් කියල
පචයක් ගොතාපු උඹ
සේරටම වැඩිය දුෂ්ට බව....................
ඩබ්.කේ ලියපු අමුතුම අමුතු කවිය
හැමෝට ම පෙන්නන්නයි
මෙතනට ගෙනාවේ.......
වෙනස්කම් දෙකක් කරා
මාතෘකාවක් දැම්මා රූපයක් දැම්මා
ඩබ්.කේ තරහා වෙන ඒකක් නෑ......
ලින්කුව - http://wkwijeratna.blogspot.com/2015/10/blog-post.html?showComment=1445508269011#c3398041954485897395