ඔන්න ඉතින් එහෙනම් හා හා පුරා කියලා එකෝමත් එක කතාවක් පටන් ගත්තා. හැබැයි ඉතින් මේකත් අර ලස්සනම ලස්සන කුමාරි බලන්න රාස්සිගේ බෙල්ල කපල අස්ස ගුඩුං ආපු කුමාරයාගේ කතාව නම් නෙවෙයි ඕං.මෙලෝ රහක් නැතුව ලබ් ඩබ් කියල ගැහෙන අපේම හදවත්වල රිද්මය හෙයාගෙන යන, කළු සුදු හිත්වල අළු පාට හොයන ඔයාගෙයි මගෙයි කතාව.
කවිපද හතරක හිරකරන්න බැරි කොයිතරම් හීන කන්දක් අපි හැමදාම පාට
කරනවද, උදේ පාන්දර වලාකුළු අතරින් රත්තරන් පාටට කවුළුවක් ඇරියා
වගේ ඉර එළිය වැටෙද්දී අපි අතර කී දෙනෙක් නම් ලස්සනම ලස්සන අශ්ව
කරත්තයක නැගුණ ලස්සන කුමාරිකාවක් කුමාරයෙක් එතනින් ඒවි කියල
තවමත් බලාගෙන ඉන්නවද (එනවටම නෙවෙයි ඉතින්) අවුරුද්දට කොහා
එක්ක අපි කී දෙනෙක් නම් තවමත් තරගෙට කුහූ කියනවද..... හ්ම්ම් ....
ඉන්ජෙක් වෙච්ච ඉවාන් අයියට මාතා අයියට කවදාවත් හිතිලම නැද්ද කඳු
දෙකේ දෙපැත්තට ගිහින් දේදුන්නේ කොන හොයන්න... අපි හිනා වුණත්
ඒත් මේ අපි අපිම නේද? මේ සම්මුති සමාජය ඉරි ගහල කොටු කරපු අපේ
ජීවිතවල මොන තරම් නම් හැඩතල තියෙනවද.
වෙලාවකට අපි අපිවම හොයනව.
යාළුවනේ එකෝමත් එක පණගහන්නේ ඔයයි මායි ජීවත් වෙන මේ
පොළව උඩ ගෙන්දගම් රස්නෙට කරවෙලා ගිය මිනිසුන්ගේ සුවඳ හොයන්න
එයාලගේ කළුසුදු හීනවලට පාට කවල නිදහසේ ඉගිල්ලවන්න. එහෙනම් ඉතින්
ඔන්න වර්ණ කුලකයේ වර්ණයි, මිත්‍ර වර්ණයි (සබරේ ඇනෝ)
බලාගෙන ඉන්නවා එකෝමත් එක... කතාවක් කියද්දී හූ මිටි තියන්න,
ලුණු ඇඹුල් එකතු කරන්න සයිබරයේ යාළුවෝ ටික නැගම් එනකන්...

ප.ලි. තරහ ගන්ට එපෝ අනිත් යාළුවන්ගේ ජොබ් එක හොයාගන්ට බැරි උනෝ...
ලිව්වේ - මිත්‍රවර්ණ (සබරෙ ඇනෝ)
ලින්කුව - http://ekomatheka.blogspot.com/
.