Sunday 28 June 2015

මාධවීගේ පළවෙනි වල් කවිය.......

ස්වස්ථි සිද්ධම් කියලා 
පටන් ගත්ත මාධවියා
කවි පහකට පස්සේ දිනක්
කවියක් ලිව්වා......

ඒ කවියෙන් ගත්ත ගැම්ම
අදවෙනතුරු පවතිනවා
මල්(වල්)කවි රැජිණය කියලා
රටම දන්නවා......



දවසක්දා හැන්දෑවක
උයන් තෙරක බංකුව මත
දෙටු පුරවැසියන් තිදෙනෙක්
ඉඳගෙන උන්නා

එකෙකු වයස හැත්තෑවයි
අනෙකා හට අසූවකුයි
ඉතිරි කෙනා අනූවකැයි
කියලා කියමූ

මේ තිදෙනා ආගිය තතු
කතාකරන අතර තුරේ
තමන්ගෙ අසනීප ගැනත් 
දොඩමින් හිටියා

තමන් පෙළෙන අති දුෂ්කර
අපහසුතා කියන අතර
මෙන්න මෙහෙම දෙබසකි එහි
අහන්න ලැබුණේ

මට අවුරුදු හැත්තෑවයි
උදේ අටට ඇහැරෙන්නේ
වැසිකිලියට ගිහින් විඳින
දුකක් අම්මපා

උදේ දහය වෙනතුරාම
පැය දෙකකුත් තවත් ටිකක්
චූ කරගන්නට බැරුවයි 
මං විඳවන්නේ

අයියෝ ඕකත් වැඩක්ද
මගේ වයස අසූවනොවැ
මම ඇහැරෙමි හත වෙනකොට 
මෙන්න මගේ ලෙඩේ

දහය වෙනතුරුත් පැය තුන
වැසිකිලියේ මම ලැග ඉමි
වර්චස් පොඩ්ඩක් හෙලන්න
නොවිඳිනා දුකක්

මේ දෙන්නගෙ දෙබස අසා
වයස්ගතම පුරවැසියා
අමාරුවෙන් ගොතගහලා
මෙහෙම කියනවා

අනූවකිය මගේ වයස
තමුසෙලාගෙ ලෙඩත් ලෙඩද
මම කියනා මේ කතාව 
හොඳට අහනවා

උදේ හතට හරියටෝම
විරේක වුණු මීමට වගෙ
කිසි අවුලක් නෑ මටනම්
වර්චස් යනවා

ඒ වගේම උදේ අටට
රේස් අස්පයට වගේ
නොනවත්වා එක දිගටම
මට චූ යනවා

ඔය කියපුව හැමදේමත්
සිද්දවෙනව වෙලාවටම
කරුමෙට මට ඇහැරෙන්නේ
උදේ දහයට........!



ගිහින් බලන්න - http://madhumadhavi135.blogspot.com/2014/11/300.html



.

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........