පැනමා පේපර්ස් කියන්නේ පැනමාවේ පිහිටි ජාත්‍යන්තර නීතී උපදේශක සමාගමක රහස්‍ය ලිපි ප්‍රමාණයක් හෙලි වීමේ ජාත්‍යන්තරය කැලඹූ සිද්ධියකට.....
ඉතින් ඒක එච්චර ලොකු සීන් එකක්ද?
ඔව්....අපි මේ කථා කරන්නේ ඩොල්ර් බිලියන් ගානක් සීන් එකක්......මේ සමාගම විවිද රටවල පුද්ගලයන් උපයා ගත් විශාල කලු සල්ලි , ඒ කියන්නේ නිතී විරොධීව උපයාගත් මුදල්, සුදු කිරීම සදහා නිතීමය පහසුකම් ලබා දුන් ආයතයනයක් කියලයි චෝදනාව....
ඒත් මේ ආයතනය නම් මේ චෝදනා ප්‍රතික්ශේප කරනවා...
කොහොමද ඒක කරන්නේ......
එක කරන්නේ ඉතා ලිහිල් අදායම් බදු ප්‍රතිපත්තියක් හා නීතී ඇති රටවල එම කලු සල්ලි ආයෝජනය කිරීමෙන්.....
මේ සමාගම නීතී විරෝධීද?
වෙනත් රටවල ආයෝජනය කිරීම කියන්නේ නිතී විරෝධී වැඩක් නෙමේ...හැබැයි මේ ක්‍රමයේ තියෙන අඩු ලුහුඩුකම් පාවිච්චි කරලා විශාල කලු සල්ලි ප්‍රමානයක් සුදු වෙනවා....මේක ඩොලර් ට්‍රිලියන් 1-3 අතරෙ ගානක පට්ට ලොකු ගාණක්....
ලෝකය පුරා විහිදිලා ඉන්න මත් ද්‍රව්‍ය ජාවරම් කාරයින්...හොර අවි බිස්නස් කාරයන්, කොමිස් ගහපු දේශපාලුවන් තමන්ගේ අයථා මුදල් සුදු කරන්න ගන්න හදා ගත් යාන්ත්‍රනය මේකයි....
මොනාද ඒ ලිහිල් බදු නීතී තියෙන රටවල්....
බ්‍රිටිශ් වර්ජිනියා දූපත්,බහමාස් දූපත්, පැනමාව,සීශෙල්ස්,සැමෝවා වගේ රටවල්..
කවුද මේක ලීක් කලේ.....
මේක ඉස්සෙල්ලම එලියට දැම්මේ ජර්මනියේ පත්තරයක්...පත්තරේ නම නම් කියන්න ගියාම දිව උලුක් වෙනවා.... Süddeutsche Zeitung (SZ) ලේසියට sZ කියලා කියමු...
කවුද මේකට අහුවෙලා ඉන්න තෝරූ මෝරූ.......
රුසියාවේ ජනාධිපති වැල්ද්මියර් පූටීන් හා එයාගේ බොක්කක් වන ස්ර්ජි රෝලඩගින්... ඇමෙරිකානූ ඩොලර් බිලියන් 2 ක් විතර කියලා කියන්නේ.
එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමර්න්ගේ තාත්තා....
අයිස්ලන්තයේ අගමැති සිග්මන්ඩ් ඩේවියෝ...ලොක්කා නම් දැනටම ඉල්ලා අස් වෙලා ලූ....
පකිස්ථානයේ අගමැති නවාර් ශෙරිෆ්.....
චීනයේ උත්තරීතර පාලක මණ්ඩලයේ සමාජිකයන් අට දෙනෙක්....
හිටපු ඊජිප්තු ජනාධිපති මුබාරක් ගේ පුතා...
අල්ලපු රටේ අමිතාබ් බච්චන් සහ අයිශ්වර්‍යා රායී
ලංකාවත් ගැවීලද?
ඔව්...ලංකාවෙත් පුද්ගලයන් 3ක්, සමාගම් 3ක් හා ඒවායේ කොටස් හිමියන් 22 ක් ගැන සදහන් වෙනවා...තාම ඒ කවුද කොහොමද කියලා සම්පූර්ණයෙන් හෙලි වෙලා නෑ....
මෙතැන තියෙන දත්ත ප්‍රමානය ගොඩක් විශාලයි.....2.5 ටෙට්‍රා බයිට්ස්.....මේක තමයි මේ වෙනකන් වෙච්චි විශාලම දත්ත හෙලිදර්ව්ව...ස්නෝඩන්ගේ ඒවාටත් වඩා විශාලයි...ජර්නලිස්ට් ලා 100 වැඩි ගානක් වැඩේ ගොඩ දා ගෙන යනවා..... එතකන් නම් ටික එන්න වෙලා යනවා..
පල්ලෙහන් තියෙන්නේ සීන් එකට ගැවිව්චි රටවල්.....
අපිත් ඉන්නවා....ආඩම්බරයි නේ........
 |
soucrce :http://www.irishtimes.com/business/panama-papers |
උපුටා ගැනීම නොහොත් ලිපියේ අයිතිකාරයා - http://maiyyagelokaya.blogspot.com/2016/04/blog-post_6.html
.