Sunday 28 June 2015

මාධවීගේ පළවෙනි වල් කවිය.......

ස්වස්ථි සිද්ධම් කියලා 
පටන් ගත්ත මාධවියා
කවි පහකට පස්සේ දිනක්
කවියක් ලිව්වා......

ඒ කවියෙන් ගත්ත ගැම්ම
අදවෙනතුරු පවතිනවා
මල්(වල්)කවි රැජිණය කියලා
රටම දන්නවා......



දවසක්දා හැන්දෑවක
උයන් තෙරක බංකුව මත
දෙටු පුරවැසියන් තිදෙනෙක්
ඉඳගෙන උන්නා

එකෙකු වයස හැත්තෑවයි
අනෙකා හට අසූවකුයි
ඉතිරි කෙනා අනූවකැයි
කියලා කියමූ

මේ තිදෙනා ආගිය තතු
කතාකරන අතර තුරේ
තමන්ගෙ අසනීප ගැනත් 
දොඩමින් හිටියා

තමන් පෙළෙන අති දුෂ්කර
අපහසුතා කියන අතර
මෙන්න මෙහෙම දෙබසකි එහි
අහන්න ලැබුණේ

මට අවුරුදු හැත්තෑවයි
උදේ අටට ඇහැරෙන්නේ
වැසිකිලියට ගිහින් විඳින
දුකක් අම්මපා

උදේ දහය වෙනතුරාම
පැය දෙකකුත් තවත් ටිකක්
චූ කරගන්නට බැරුවයි 
මං විඳවන්නේ

අයියෝ ඕකත් වැඩක්ද
මගේ වයස අසූවනොවැ
මම ඇහැරෙමි හත වෙනකොට 
මෙන්න මගේ ලෙඩේ

දහය වෙනතුරුත් පැය තුන
වැසිකිලියේ මම ලැග ඉමි
වර්චස් පොඩ්ඩක් හෙලන්න
නොවිඳිනා දුකක්

මේ දෙන්නගෙ දෙබස අසා
වයස්ගතම පුරවැසියා
අමාරුවෙන් ගොතගහලා
මෙහෙම කියනවා

අනූවකිය මගේ වයස
තමුසෙලාගෙ ලෙඩත් ලෙඩද
මම කියනා මේ කතාව 
හොඳට අහනවා

උදේ හතට හරියටෝම
විරේක වුණු මීමට වගෙ
කිසි අවුලක් නෑ මටනම්
වර්චස් යනවා

ඒ වගේම උදේ අටට
රේස් අස්පයට වගේ
නොනවත්වා එක දිගටම
මට චූ යනවා

ඔය කියපුව හැමදේමත්
සිද්දවෙනව වෙලාවටම
කරුමෙට මට ඇහැරෙන්නේ
උදේ දහයට........!



ගිහින් බලන්න - http://madhumadhavi135.blogspot.com/2014/11/300.html



.

14 comments:

  1. අනූවත් වයසක්ද කොල්ලෝ?

    ReplyDelete
    Replies
    1. ඒකත් අැත්ත කිචි

      Delete
  2. ඔය මාධවී කියන්නේ කොල්ලෙක් නේ බං.. සමාර විට කොලු තාත්තෙක්..

    ReplyDelete
    Replies
    1. ඒතකොට මක්කෙයි මාධවී කියලා දාගෙන ඉන්නේ... ඒක කාන්තා නාමයක් නෙවැ දේශකයෝ.......

      Delete
  3. ස්වස්ථි සිද්ධම් එකේ ඉඳම්ම බල බලා ඇවිල්ල මට මේක මිස් වෙලාද මංදා.. ටැන්කූ ආපහු මතක් කරාට කුරුට්ටෝ..

    ReplyDelete
    Replies
    1. ටැන්කූ... ටැන්කූ

      Delete
  4. හැක් කියන්නෙ හැක් හැක් හැක්!

    ReplyDelete
  5. ඇයි මේක මෙතෙන්ට ගෙනාවෙ?
    සින්ඩියක පෝස්ට් එකක් එහෙම්පිටින් දාන එක හරිද?

    ReplyDelete
    Replies
    1. ශණී...............

      අපේ සින්ඩියෙන් අපි කට්ටියගේ සින්ඩි අප්ඩේට් කරලා පෙන්නනවා වගේම... අතීතයේ සැගවිලා තියෙන සුන්දර මතකයන් අායෙම කට්ටිය අතරට ගේන්න උත්සහ ගන්නවා.. සමහර පෝස්ටු තියෙනවා අද ඉන්න සුපිරි බ්ලොග් කාරයන්ගේ... හැබැයි මුල්කාලේ පෝස්ට් වලට කිසිම කමෙන්ටුවක් නැහැ... දෙතුන් දෙනයි බලලා තියෙන්නේ.... ඉතින් ඒවාට අායෙම අවස්ථාවක් දෙන්නයි මේක කරන්නේ......

      Delete
    2. ඒක අවුලක් නෑ ශණී. උපුටාගැනීමක් බව පේනවානෙ ටොපික් එකෙන්..ඒ වගේම ලින්ක් එකත් දීලා තියෙනවනෙ.

      Delete
    3. තැන්කූ තැන්කූ......... අපිව තේරුම්ගත්තාට මාධවියාට......

      Delete
  6. ඇත්තටම මචෝ සින්ඩියකින් කියවන්නෙ වෙලාව තියෙන හැටියට. දැනට කරන්නෙ එල්ලගෙන තියෙන ඒවයෙන් ගොඩවෙන එක. ඒ නිසා උඹලගෙ මේ වගේ මතුකිරීම් මග ඇරෙනවා. සොරිවෙන්ට ඕනෑ. ඒ වගේම බොහෝම ඉස්තූතිවන්ත වෙනවා මේ සපෝර්ට් එකට.

    ReplyDelete
    Replies
    1. අනිවා මාධවී......... මේ වචනත් අපිට හයියක්.... ඉස්සරහට තව තව ඒවා බලමු හරිද????

      Delete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........