Saturday 23 May 2015

අවන්හලේ පළවෙනි පෝස්ටුව..........

අවන්හලේ අයිතිකාරයා
මහේෂ් රත්නායක සහෝදරයා
බ්ලොග්කරණයට අැවින්
පළවෙනියට ම කුරුටු ගාපු කවිය
මහේෂ්ගේ වචනයෙන්ම
අවන්හල යනු මෙයයි.............




ළිහිණියෝ අහස් කුස සරනාතරේ
ලයිට් හවුසිය මළානිකව
සැදෑ අඳුරෙහි ගිලෙනා වෙලේ
අවන්හල කොණක හිඳ
බලා හුනිමි මම
සයුර දෙස...
රැළි නගන-රැළි බි‍දෙන
පෙන පිපෙන-පෙණ බිදෙන
එහිම අනන්තයෙන් හිත බිය වදින
සයුර දෙස....
දවස ගෙවීමේ පාපයෙන්
විඩා වැටී හෙම්බත්ව
අවන්හල කොණක හිඳ
බලා හුනිමි මම...
මතකයට නොනගිනා තරම්
දෝමනස්සයෝ
මධු බදුනක පිහිටෙන්
දියකරන්නට යත් දරමි මම...
නැගිටිමි පිටවෙමි
අනේක ජීවයෝ
යළි යළිදු පැමිනෙති පිටවෙති
ජීවිතය දිය කර හරිති
රළ නැගෙයි-බිදෙයි
පෙණ පිපෙයි-මියැදෙයි
ළිහිණියෝ තවම නුබ ගැබ සරති....

බ්ලොගය - අවන්හල
බ්ලොග්කරු - මහේෂ් රත්නායක
http://awanhala.blogspot.com/2013/09/blog-post.html‍

.

4 comments:

  1. "අනේක ජීවයෝ
    යළි යළිදු පැමිනෙති පිටවෙති" agey
    mage blog ekath meyata add kara ganna . :) sthuthi
    http://nihandasiththaraawi.blogspot.com/

    ReplyDelete
  2. අපරාධ ස්ථාන ඡායාරූපකරණය

    http://virajdaundasekara.blogspot.com/

    මාගේ අඩවියද ඇතුලත් කරගන්නා මෙන් ඉල්ලමි
    ස්තූතියි

    ReplyDelete
    Replies
    1. අැතුළත් කරා විස්තර දුන්නාට තුති

      Delete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........