Wednesday 23 September 2015

වර්ණගෙයි සබරේ අැනෝගෙයි අලුත්ම උත්සහය.......

ඔන්න ඉතින් එහෙනම් හා හා පුරා කියලා එකෝමත් එක කතාවක් පටන් ගත්තා.  හැබැයි ඉතින් මේකත් අර ලස්සනම ලස්සන කුමාරි බලන්න රාස්සිගේ බෙල්ල කපල අස්ස ගුඩුං ආපු කුමාරයාගේ කතාව නම් නෙවෙයි ඕං.මෙලෝ රහක් නැතුව ලබ් ඩබ් කියල ගැහෙන අපේම හදවත්වල රිද්මය හෙයාගෙන යන, කළු සුදු හිත්වල අළු පාට හොයන ඔයාගෙයි මගෙයි කතාව.












කවිපද හතරක හිරකරන්න බැරි කොයිතරම් හීන කන්දක් අපි හැමදාම පාට 
කරනවද, උදේ පාන්දර වලාකුළු අතරින් රත්තරන් පාටට කවුළුවක් ඇරියා 
වගේ ඉර එළිය වැටෙද්දී අපි අතර කී දෙනෙක් නම් ලස්සනම ලස්සන අශ්ව 
කරත්තයක නැගුණ ලස්සන කුමාරිකාවක් කුමාරයෙක් එතනින් ඒවි කියල 
තවමත් බලාගෙන ඉන්නවද (එනවටම නෙවෙයි ඉතින්)  අවුරුද්දට කොහා 
එක්ක අපි කී දෙනෙක් නම් තවමත් තරගෙට කුහූ කියනවද..... හ්ම්ම් .... 
ඉන්ජෙක් වෙච්ච ඉවාන් අයියට මාතා අයියට කවදාවත් හිතිලම නැද්ද කඳු 
දෙකේ දෙපැත්තට ගිහින් දේදුන්නේ කොන හොයන්න... අපි හිනා වුණත් 
ඒත් මේ අපි අපිම නේද? මේ සම්මුති සමාජය ඉරි ගහල කොටු කරපු අපේ 
ජීවිතවල මොන තරම් නම් හැඩතල තියෙනවද. 
වෙලාවකට අපි අපිවම හොයනව.

යාළුවනේ එකෝමත් එක පණගහන්නේ ඔයයි මායි ජීවත් වෙන මේ 
පොළව උඩ ගෙන්දගම් රස්නෙට කරවෙලා ගිය මිනිසුන්ගේ සුවඳ හොයන්න 
එයාලගේ කළුසුදු හීනවලට පාට කවල නිදහසේ ඉගිල්ලවන්න. එහෙනම් ඉතින් 
ඔන්න වර්ණ කුලකයේ වර්ණයි, මිත්‍ර වර්ණයි (සබරේ ඇනෝ) 
බලාගෙන ඉන්නවා  එකෝමත් එක... කතාවක් කියද්දී හූ මිටි තියන්න, 
ලුණු ඇඹුල් එකතු කරන්න සයිබරයේ යාළුවෝ ටික නැගම් එනකන්...

ප.ලි. තරහ ගන්ට එපෝ අනිත් යාළුවන්ගේ ජොබ් එක හොයාගන්ට බැරි උනෝ...

ලිව්වේ - මිත්‍රවර්ණ (සබරෙ ඇනෝ)

ලින්කුව - http://ekomatheka.blogspot.com/

.

Thursday 10 September 2015

හේම ශ්‍රී ද අල්විස් අද අසරණයි


ක්ලාස් එකක නිකන් ඉන්න ගමන් කෙල්ලෙක් සිංදුවක් කිව්වම, එයාව දවසේ පුවත කරගෙන, හතර අතට ශෙයා කරල, ලයික් දාල, කමෙන්ට් කරල, පුම්බල පුම්බල උඩ අරින්න නම් කට්ටිය එමටයි. ඒත් මේ වගේ දෙන්නෙක් ගැන ඒ තරම් වදවෙන්න වෙලාවක් නැතුව ඇති. ලංකාවෙ ඉන්නෙ අරුම පුදුම විචාරකයො ටිකක්… කලකිරෙනව ඇත්තටම…
ගීත 4000 ක් ලියු ඔහුත්…ගීත 1000 ගායනා කළ ඇයත් අද අසරණයි…..!!!
මේ ශ්‍රී ලංකා කලා ක්ෂේත්‍රය පෝෂනය කල දැවැන්තයන් දෙදෙනෙකි
අන්තර් ඡාලය පීරා බැලුවත් …ඔවුනගේ සොයාගත හැකිවූ ඡයාරෑපය බැලූවිට ඔවුන් කොතරම් නම් අසරණදැයි ඔබට පැහැදිළි වනු ඇත.
ඔහු හේම ශ්‍රී ද අල්විස්ය
ඇය ඔහුගේ ප්‍රිය බිරිද අයිරින් ද අල්විස්ය,
මේ යුගයේ අද වනවිට ගීත දහයක් ලියා ගීත 3ක් ඡනප්‍රිය කරගත් එකා
ලක්ෂපතියෙකි, ගීත 3 ක් අමාරැවෙන් කියා 1 ක් ඡනප්‍රිය කරගත් එකාද ලක්ෂ පතියෙකි ධනවාදය කලාව මාර්කටින් කරන්නේ එලෙසය මේ මා කියනා මිනිසා ලියූ ගීත
සංඛ්‍යාව 4000 කි. ඒ අතර(ඉන් බිඳක් )
මධු සදෙන් තවත් සුපුන් සදක්.
මයුරාසන මත වැඩ හිදිනා.
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවෙ.
ඔබ සොයනා කලු කෙල්ල මමයි.
මාගෙ මේ රට මාගෙ මේ රට.
ඇයි බඹරෝ පෙමිමල අතහැරලා.
දැන් කියන්නේ වෙනස්ම කතාවකි..!!
ඔවුන්ට ප්‍රෙමදාස ඡනාධිපති දුන් නිවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත උදුරා ගන්නා ලදී. ආශ්චර්යමත් හෙටක් යනු එහි දිගුවකි.අනතුරැව කුළි ගෙවල්වල ඡිවත්වූ ඔවහු සිය අවසන් නවාතැන් පොලවෙත පැමිණ ඇත එය කුඩා කාමර කැබැල්ලකි 173, වලපල පන්සල පාර පානදුර එහි ලිපිනයයි.
ඒ කුඩා කාමර කැබැල්ලේ ඔවුන් ඡිවිත කාලයටම ලාංකීය සංගීත කෂේත්‍රයට කල මහගු දායදට එකතුකරගත් සබිබ සකලමනාවම ඇත පරණ ඇදක්, ඇදුමි දාන ලී කබඩි එකක් ප්ලස්ටික් පුටු දෙකක් හා ඇල්බීසීයා ලීයෙන් තැනූ මේස කබලක් .. ඉතිහාසයක් පුරා ඔවුනගේ සිහිනයේ කැට කැබිලිතිය.හොදම ගීත රචකයාට දුන් හා හොදම ගායකාවට දුන් දිරාගිය සහතිකද මළ බැදුණු සහිවටනද ඒ අතරය.
ඉතිං ඈ හොදටෝම ලෙඩින්ය. ඔහු ඇළග දනින් වැටී සාත්තුවෙයි වැසි වැටෙන කලට කාමරය දොරෙ ගලයි වැස්සට සනීප අසනීප නැතිබැරිකමි අදාලම නැත.
ඔවුන් ඉල්ලා සිටින්නේ නෙතට කදුලු උනනා ඉල්ලීමකි ඒ වෙලක් ඇර වෙලක් හෝ දී ඔවුන් ඡීවත් කරවනා ලෙසයි
ලින්කුව - https://asammathaya.wordpress.com/
.

Saturday 5 September 2015

මනාගේ පළමු පෝස්ට් එක...............

මනා දකින විදිහට මනා කියනනෙ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න හෙන අහිංසකයෙක් :p. ඒකෙන් වැඩක් නෑ ඉතින්. කොහොමහරි මේ පෝස්ට් එකෙන් කියන්න හදන්නෙ ඉස්සරහට මනාගේ පින්තාරුව හැඩ කරන්න හිතන් ඉන්නෙ කොහොමද කියල. 

මනා ටිකක් සංගීතයට බර කෙනෙක්. ඉතින් ඔයාලට සංගීතය ගැනත් දැන ගන්න පුළුවන් වෙයි. ඒ වගේම නවීන තාක්ෂණික දැනුම සහ පරිගණක ආශ්‍රිත දැනුමත්, තව විවිදාකාර දේවල් ගැන දන්නා තරමින් ඔයාලට දැනුම ගෙනත් දෙන්න තමා හිතන් ඉන්නේ.හැබැයි මේ බ්ලොග් පිටුව එක දේකට කොටු කරන්න මනාට හිත දෙන්නෙ නැ . එහෙම උනොත් මනාගේ පින්තාරුව ලස්සන වෙන එකක් නෑ කියල හිතෙනවා. පින්තාරුව ලස්සන වෙන්නෙ එකට විවිදාකාර පාට එකතු උනහමනේ ;).

මේක කෙටි පෝස්ට් එකක් තමා :D. එත් එකෙන් මනාගේ ඉදිරි දැක්ම ගැන සරලව දැන ගන්න පුළුවන් උනානෙ ;). අපි ඉදිරියට හොඳ පෝස්ට් එකකින් හම්බෙමු. ඔයාලගේ නොමද සහයෝගය හැමදාටම මනා බලාපොරොත්තු වෙනවා. එහෙනම් ජය වේවා හැමෝටම!!! .

මේ පොස්ටුවේ නමත් මේකමයි.
මීට අවුරුද්දකට විතර කලින් 
මනා ලියපු පළවෙනි පෝස්ටුව
කමෙන්ටු ඒකක්වත් නැතුව
පාලුවෙන් ඉන්නවා තාම..................

ගියොත් ඒ පැත්තට 
මනාගේ පළවෙනි පෝස්ටුවට
වටිනාකමකුත් දීලා ම ඒන්න...............

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........