Thursday 10 September 2015

හේම ශ්‍රී ද අල්විස් අද අසරණයි


ක්ලාස් එකක නිකන් ඉන්න ගමන් කෙල්ලෙක් සිංදුවක් කිව්වම, එයාව දවසේ පුවත කරගෙන, හතර අතට ශෙයා කරල, ලයික් දාල, කමෙන්ට් කරල, පුම්බල පුම්බල උඩ අරින්න නම් කට්ටිය එමටයි. ඒත් මේ වගේ දෙන්නෙක් ගැන ඒ තරම් වදවෙන්න වෙලාවක් නැතුව ඇති. ලංකාවෙ ඉන්නෙ අරුම පුදුම විචාරකයො ටිකක්… කලකිරෙනව ඇත්තටම…
ගීත 4000 ක් ලියු ඔහුත්…ගීත 1000 ගායනා කළ ඇයත් අද අසරණයි…..!!!
මේ ශ්‍රී ලංකා කලා ක්ෂේත්‍රය පෝෂනය කල දැවැන්තයන් දෙදෙනෙකි
අන්තර් ඡාලය පීරා බැලුවත් …ඔවුනගේ සොයාගත හැකිවූ ඡයාරෑපය බැලූවිට ඔවුන් කොතරම් නම් අසරණදැයි ඔබට පැහැදිළි වනු ඇත.
ඔහු හේම ශ්‍රී ද අල්විස්ය
ඇය ඔහුගේ ප්‍රිය බිරිද අයිරින් ද අල්විස්ය,
මේ යුගයේ අද වනවිට ගීත දහයක් ලියා ගීත 3ක් ඡනප්‍රිය කරගත් එකා
ලක්ෂපතියෙකි, ගීත 3 ක් අමාරැවෙන් කියා 1 ක් ඡනප්‍රිය කරගත් එකාද ලක්ෂ පතියෙකි ධනවාදය කලාව මාර්කටින් කරන්නේ එලෙසය මේ මා කියනා මිනිසා ලියූ ගීත
සංඛ්‍යාව 4000 කි. ඒ අතර(ඉන් බිඳක් )
මධු සදෙන් තවත් සුපුන් සදක්.
මයුරාසන මත වැඩ හිදිනා.
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවෙ.
ඔබ සොයනා කලු කෙල්ල මමයි.
මාගෙ මේ රට මාගෙ මේ රට.
ඇයි බඹරෝ පෙමිමල අතහැරලා.
දැන් කියන්නේ වෙනස්ම කතාවකි..!!
ඔවුන්ට ප්‍රෙමදාස ඡනාධිපති දුන් නිවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත උදුරා ගන්නා ලදී. ආශ්චර්යමත් හෙටක් යනු එහි දිගුවකි.අනතුරැව කුළි ගෙවල්වල ඡිවත්වූ ඔවහු සිය අවසන් නවාතැන් පොලවෙත පැමිණ ඇත එය කුඩා කාමර කැබැල්ලකි 173, වලපල පන්සල පාර පානදුර එහි ලිපිනයයි.
ඒ කුඩා කාමර කැබැල්ලේ ඔවුන් ඡිවිත කාලයටම ලාංකීය සංගීත කෂේත්‍රයට කල මහගු දායදට එකතුකරගත් සබිබ සකලමනාවම ඇත පරණ ඇදක්, ඇදුමි දාන ලී කබඩි එකක් ප්ලස්ටික් පුටු දෙකක් හා ඇල්බීසීයා ලීයෙන් තැනූ මේස කබලක් .. ඉතිහාසයක් පුරා ඔවුනගේ සිහිනයේ කැට කැබිලිතිය.හොදම ගීත රචකයාට දුන් හා හොදම ගායකාවට දුන් දිරාගිය සහතිකද මළ බැදුණු සහිවටනද ඒ අතරය.
ඉතිං ඈ හොදටෝම ලෙඩින්ය. ඔහු ඇළග දනින් වැටී සාත්තුවෙයි වැසි වැටෙන කලට කාමරය දොරෙ ගලයි වැස්සට සනීප අසනීප නැතිබැරිකමි අදාලම නැත.
ඔවුන් ඉල්ලා සිටින්නේ නෙතට කදුලු උනනා ඉල්ලීමකි ඒ වෙලක් ඇර වෙලක් හෝ දී ඔවුන් ඡීවත් කරවනා ලෙසයි
ලින්කුව - https://asammathaya.wordpress.com/
.

18 comments:

  1. බැංකු ගිණුම් විස්තරත් හොයාගෙන දැම්මොත්, සහ ගොඩක් අය එන බ්ලොග් වල සහ බුකි පිටුවල මේකට ලින්ක් එකක් එක්ක ඒ විස්තර ශෙයාර් කළොත් පොඩි හරි උදව්වක් වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. මේ විස්තරය ගත්තු අසම්මතය බ්ලොගයට යෝජනා කරන්නම්..... විස්තර හොයා ගනිමු.... ස්තූතියි

      Delete
    2. ඉතා හොඳ වැඩක්. අමරණීය ජෝති ඒ සදානන්දකර මියුරු සර පිටුවෙත් මේ ගැන පලකරලා තියෙනවා සති කීපෙකට කලින්. ඒ අයගේ ගිනුම් අංක සහ ටෙලිපෝන් නොම්බර සහිතව. මෙන්න ලින්ක් එක. හැකි උදව්වක් කරමු.

      http://tinyurl.com/pq7pp6v

      Delete
    3. ස්තූතියි කසුන් පාර පෙන්නුවාට.... ජයෙව්වා

      Delete
  2. අපේ රටවල මහන්සි වෙන්නේ වියදමි කරන්නේ රටම කාබාසිනියා කරන අධම දේශපාලඥයෝ රැක ගන්නයි උන්ගේ පාතාලයො රැකගන්නයි මිසක මෙ වගේ රටක් වටින සමිපතක් ආරක්ෂා කරගන්න නෙවෙයි.කලාකාරයො කියා ගන්නා බොහෝ උදවියත් දේශපාලඥයන්ගේ බැලයෝ උනා මිසක් තමන්ගේ කෙනා රැකගන්න ආරක්ෂා කරගන්න උත්සහ දරන්නේ නැ.මාධ්‍ය මගින් උනත් සුපිරි තරැ පුමිබලා පුමිබලා උන්ව පුපුරැවලා හිරන්න උත්සහ කරනවා මිසක් මෙ වෙනුවෙන් හඩක් නගනවද.හේම ශ්‍රී ද අල්විස් කියන මෙ වටිනා සමිපත ගැන පල කරලා තිබුනෙත් එකම එක පුවත් පතක මට මතක හැටියට.බොලිවුඩයේ නලු නිලියන්ගේ යට ඇදුමෙ ඉදලා පිටු ගානක විසතර ඒ වෙනුවෙන් වෙන් කරන පුවත් පතක මෙ වෙනුවෙන් පුංචි තීරැවක් වෙන් කරනවද.ඇත්තටම හරි සංවෙගයක් ඇති වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අැත්ත මනෝ....................

      අපි මේ මිනිස්සු ගැන හිතන්න වගකීමක් තියෙනවා.. අර ලස්සන සින්දු අහලා සතුටු වුණ අපිට ඒ මිනිස්සුන්ගේ දුකේ දී පිහිට වීමේ යුතුකමක් තියෙනවා....

      Delete
    2. ඇත්තෙන්ම මෙ කීර්තිමත් කලාකරැවන්ගේ ලස්සන සිංදු අහලා සතුටු වන අපි ඒ අයගේ දුකේදි සංවෙදි වෙන්න ඔනමයි.මෙ බිලොග් අවකාශයේ අපි ගොඩක් ඉන්නවා.අපි හැමෝ පුංචි මුදලක් ගානේ එකතු කලත් මාසයකට සැලකිය යතු මුදලක් එකතු වෙවි.මෙ අයගේ බැංකු ගිනුමකට අපි හැමොම මාසයකට අපිට පුලුවන් විදියට යමි මුදලක් දැමිමොත් එකත් ලොකු දෙයක්.මුලු රටම මෙක දැනගන්න ඔන නැ.කුරැටු මොකද යෝජනාවක් ගෙනල්ලා අපි එහෙම කලොත්.නැත්නමි අපි මොනතරමි මෙ අය වෙනුවෙන් දුක් වුනත් වැඩක් නැ නේද.අපිට මහ ලොකු මුදලක් බැරි වෙවි.එත් අපි හැමොම අපිට පුලුවන් විදියට මෙක කරමු.බැංකු ගිනුමක් අපි හදලා හිරි අපි මාසිකව මුදලක් යවමු

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මනෝ................... ස්තූතියි අදහසට..... අපිත් ඒකගයි... අපි මේ අදහස මාතලංලාටත් අජිත් අයියා අැතුළු නෙලුම් යායටත් රටින් බැහැරව ඉන්න සෙට් ඒකටත් කියලා මොකක් හරි ක්‍රමයක් හදාගනිමු... අපිට මොන විදිහක හරි උදව්වක් කරන්න ට හැකි වේවි..... යෝජනා කරමු.... ජයවේවා

      Delete
  3. අපේ රටේ හුඟක් කලාකරුවන්ට වෙලා තියෙන්නේ ඔය දේ තමයි.. ඒ මිනිස්සු ගැන හොයන්න බලන්න අන්තිමේ කවුරුවත් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්................ මේවා මිනිස්සු දැනගත යුතුයි... මේවා මිනිස්සුන්ගේ අැස් පාදාවි..

      Delete
  4. මෙවැනි අසරණයෝ තව බොහෝ ඇත. වෙනස මේ දෙන්නා අප බොහෝ දෙනෙකු නම අසා පුරුදු අය වීමයි.

    රටක හොඳ සමාජ සුභසාධන ක්‍රමයක් තියෙන්න ඕනෑ, නමුත් එවැනි ක්‍රමයක් හදන්න නම් අදායම් ලබන අය මීට වඩා බදු ගෙවිය යුතුයි.

    මෙවැනි සිදුවීම්වලින් අප සැමට උගත හැකි පොදු පාඩම නම්, අද අප ලබන ආදායමෙන් කොටසක් අනාගතය සඳහා ඉතුරු කර ගත යුතුය යන්නයි!

    ReplyDelete
    Replies
    1. ඔව් රසිකයියේ.............

      ඒක අාණ්ඩුව අරන් දුප්පතුන්ට දෙනකල් ම නොඉද අපිටමත් ඒ දේ කරන්න හැකියි කියලා ජනතාව තේරුම් ගත යුතුයි... ජයවේවා

      Delete
  5. ශ්‍රී ලාංකික අපි තරම් ඉක්මනින් අමතක කරන ජාතියක් නැති බව කවුරුත් දන්න කතාවක්. අම්ම තාත්තා මාසෙකට සැරයක් බලන්න නොයන අපි ම්.ම්.ම්.ම්.ම්.ම් නැහැ මහ මග දාලා යන අපි.... මහළු මඩම් වලට දාලා යන අපි අග්‍ර ගනයේ කලා කාරයෝ මතක තියා ගනීවිද?

    ReplyDelete
    Replies
    1. ඒකත් අැත්ත ප්‍රියන්ති........ අපි වෙනස් කරගත යුතු බොහොමයක් දේවල් තියෙනවා.... මේක හොද අවදිකිරීමක්

      Delete
  6. යථාර්තය ඕක තමයි අද....... ඒ වගේ ශ්‍රේෂ්ඨයොන්ට එහෙම වෙද්ද අර කිව්ව විදියෙ එකපාර ජනප්‍රිය වුණ අය තමා මිනිස්සුන්ට මතක.............
    ෴හුදෙකලා සිතුවිලි ෴
    http://hudekalasithuwili.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දැම්මා දැම්මා.............. සතුටුයි... ජයවේවා...

      Delete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........