Saturday 23 May 2015

අවන්හලේ පළවෙනි පෝස්ටුව..........

අවන්හලේ අයිතිකාරයා
මහේෂ් රත්නායක සහෝදරයා
බ්ලොග්කරණයට අැවින්
පළවෙනියට ම කුරුටු ගාපු කවිය
මහේෂ්ගේ වචනයෙන්ම
අවන්හල යනු මෙයයි.............




ළිහිණියෝ අහස් කුස සරනාතරේ
ලයිට් හවුසිය මළානිකව
සැදෑ අඳුරෙහි ගිලෙනා වෙලේ
අවන්හල කොණක හිඳ
බලා හුනිමි මම
සයුර දෙස...
රැළි නගන-රැළි බි‍දෙන
පෙන පිපෙන-පෙණ බිදෙන
එහිම අනන්තයෙන් හිත බිය වදින
සයුර දෙස....
දවස ගෙවීමේ පාපයෙන්
විඩා වැටී හෙම්බත්ව
අවන්හල කොණක හිඳ
බලා හුනිමි මම...
මතකයට නොනගිනා තරම්
දෝමනස්සයෝ
මධු බදුනක පිහිටෙන්
දියකරන්නට යත් දරමි මම...
නැගිටිමි පිටවෙමි
අනේක ජීවයෝ
යළි යළිදු පැමිනෙති පිටවෙති
ජීවිතය දිය කර හරිති
රළ නැගෙයි-බිදෙයි
පෙණ පිපෙයි-මියැදෙයි
ළිහිණියෝ තවම නුබ ගැබ සරති....

බ්ලොගය - අවන්හල
බ්ලොග්කරු - මහේෂ් රත්නායක
http://awanhala.blogspot.com/2013/09/blog-post.html‍

.

Tuesday 12 May 2015

අවුරුදු 05 කට කලින් මාතලං බාප්පාට ''ප්‍රීති'' දුන්නු කතාව..........

මීට අවුරුදු 05 කට කලියෙන්

මාතා බ්ලොග්කරණයට අාපු කාලේ
මැයි මාසෙකට ම ලියාපු කතාව
සීයාට උපදෙස් දෙන්න ගිහිං
මාතා පෙන්නපු පරිණතකම
ගිහින් ම බලන්නකෝ

http://maathalan.blogspot.com/2010/05/happy-family-life.html






මම කලින් කතාවෙ කීව්ව නේ මගේ ප්‍රශ්න කිරිල්ල ගැන, මේකත් ඒ වගේම පැහැදිලි උත්තරයක් නොලැබුනු නිසා වෙච්ච සිද්දියක්. හැම වෙසක් කාලයකදීම මට මේ කතාව මතක් වෙනව.

ඒ කාලේ වෙසක් එකට ලස්සන ලස්සන බකට් එල්ලනව. කොච්චර ලොකු කූඩුවක් හැදුවත් හැම ගෙදරම වගේ බකට් ටිකකුත් එල්ලනව. මේ තරම් ලයිට් ගැජට් නැති ඒ කාලේ, රෑට බකට් එලියෙන් ලැබුනෙ පුදුම ලස්සනක්.

පොඩිම කාලේ වෙසක් සිරි නරඹන්න යන්නෙ අපේ ගෙදර නැවතිල හිටිය ලොකු අම්මගෙ පුතාල දෙන්නයි එයාගේ යාලුවොත් එක්ක. එක අයියා කෙනෙකුගෙ ආදරේට කියන නම ප්‍රීතී. බකට් අතරෙ එක බකට් පේලියක් තිබුන "ප්‍රීතී වෙසක්" කියල, මේක දැක්කම කට්ටියම හිනා වෙනව. මම ඇයි හිනාවෙන්නෙ කියල ඇහුවම, කට්ටිය එක්ක තවත් හිනාවෙනව මිසක් උත්තරක් දෙන්නෙම නෑ.

ඔය දවස්වලම තමයි, පත්තරේ දැන්වීම් ගියේ "ප්‍රීතිමත් යුග දිවියකට - ප්‍රීතී" කියල, යුග දිවිය කියන එකට උත්තරේ ලැබුනත් "ප්‍රීතී" කියන එකට පැහැදිලි පිළිතුරක් "දයිය" ගෙන්වත් ලැබුනෙ නෑ. එයත් කිව්වෙ මල්ලි තව චූට්ටක් ලොකු උනාම කියල දෙන්නම් කියල. මැනිකගෙන් ඇහුව, කඩේ ප්‍රේමසිරි අයියගෙන් ඇහුව, ඒත් ලැබුන උත්තරේ තමයි "පස්සෙ කියල දෙන්නම් කියන එක."

ගමේ සීය ඇවිල්ල (තත්තගෙ තත්තා), අම්මටයි ආච්ච්ටත් (අම්මගෙ අම්මා) හොරෙන්, ඉස්තොප්පුවේ රහස් සාකඡ්ඡාවක්. මමත් පත්තරේකුත් අරගෙන ගිහිල්ල දෙන්නට කිට්ටුවෙන් බිම දිගා වෙලා පත්තරේ බලනව වගේ කතාව අහගෙන හිටිය. (ලොකු අය කතා කරන තැන්වල ගැවසෙන හොඳ පුරුද්ද ප්‍රගුන කල කෙනෙක් මම.)

දෙන්න කතාවෙන්නෙ, මැතකදි කසාද බැඳපු බාප්ප ගැන. (තත්තගෙ මල්ලී ගැන, එයාගෙ පෙර වැරදි ගොඩක් තිබුන කියල දැනගත්තෙ පසු කාලෙක, ඒත් අර හොඳ පුරුද්ද නිසා).

කතාව දිගටම යනව.

"හැමදාම රන්ඩු, දැන් අහල පහල අයත් දන්නව, මමත් අවවාද කලා, ඒත් අඩුවක් නෑ", "ඔහේවත් මල්ලි එක්ක මේ ගැන කතා කරල බලන්නයි කියල යන්න වැඩිපුරම ආවේ."

"මටත්, එහෙන් මෙහෙන් ආරංචි උනා. (ඒ කාලේ සන්නිවෙදනය බොහොම දුර්වලයි.), අනේ මං දන්නෙ නෑ තාත්තෙ, තාත්තා කියන නිසා මම කතා කරල බලන්නම්"

මගේ දැනුම ප්‍රදර්ශනය කරන්න හොඳම අවස්ථාවක් මේ.

"ඉතිං සීයේ, බාප්පට කියන්නකො සතුටෙන් ඉන්න "ප්‍රීතී" ගන්නෙයි කියල."

කතාවේ ඉතුරු ටිකත්, මම ම කියන්න ඕන නැහැනේ..........




.

Saturday 9 May 2015

සෑමාගේ චූටි කාලේ ගැන සෑමාගේ වචනයෙන් ම ලියපු ලිපිය......

7 - වසර (ලබ්බ සහ කැටය)

සිදුවූයේ විනාසයකි.එකට සිටි සෙට් එකම සුනුවිසුනු කර අලුත් පන්ති වලට දැම්මේ අපේ ජීවිත ආරක්ෂා කිරීමට වඩා පාසල ආරක්ෂා කර ගැනීමට විය හැක. 7 - ඊ පන්තියේ අලුත් සෙට් එක වූයේ ගයාන්, පුන්සිත්, ශිතිල, ඩිලාන් (කළුවා), සසික (පොඩි ඕමා), සසික (අමරසිංහ), ඉසුරු (YP), ලාලින්ද්‍ර, ඉමංග, රුචිර, විනෝද් (චතුරංග), කිරියා (සදීප), ශිලංක, දමිත්, සහ කේලාම් කියන කෙල්ලෝ සෙට් එකකි. පන්තිභාර විජේකෝන් ටීචර් මල ඇණයකි (ඇණ වාතයට නිරාවරණය වූ විට මල බැදේ, වලක්වා ගැනීමට නම් ගැල්වනයිස් කල යුතුය නැතිනම් පොල්තෙල් වල ගිල්වා තැබිය යුතුය). පන්තියේ එවුන් ටීචර් නැති වෙලාවට කෑගසනවාට ඇය දුන්නේ අපූරු විසදුමකි. ඇය උදේම කෑගසන ලමුන්ගේ නම් ලිවීමට කෙනෙක් පත් කරයි. එදා දවසම ඔහුට හෝ ඇයට ඇත්තේ කෑගසන්නාගේ නම ලියා, කෑගසන වාරයක් පාසා නමට ඉදිරියෙන් ඉරි කැබැල්ලක් ගැසීම පමණි. එක ඉරක වටිනාකම රුපියලකි. (ඉස්සර අපේ එවුන් කැන්ටිමෙන් පාන් කෑල්ලක් කෑවේ රුපියල් 5කට පමණය. පස් පාරක් කෑගැසුවොත් කාලා හමාරය) ඇය පහුවදා උදේම ගණන් එකතු කර පන්තියේ ඇති කැටය පුරවයි. පන්තියට කොසු, ඉදල් ගත්තේත් එදා වේල පිරිමසා ගත්තේත් මේ මුදල් වලිනි. අපේ එවුන් කෑගසනවාට වඩා බඩ ගැන හිතන නිසා පන්තිය සද්ද නැත.




කෙල්ලෝ සදාතනික කේලම් කරුවෝය. අපේ ටීචර්ට එදා ඉදන් කුනුහරප ඇලජික්ය. අපිට ඒක තේරුම් ගිය වැදගත් සිදුවීම මෙසේය. එදා නම් ලියන්නට පැවරී තිබුණේ කේලම් බඩ්ඩකටය.

"විනෝද් මොකද කෑගහන්නේ මම නම ලියනවා හරිද?" කේලම් බඩ්ඩ කීවාය.


"මොන මගුලක්ද ඕයි මම පොතක් ඉල්ල ගන්න කතා කලේ" විනෝද් කීය. පන්තියම ඒ කාලේ කෙල්ලොත් එක්ක මලය. උන් උඩ පැන පැන ටීචර්ට ගොට්ට අල්ලයි. කොල්ලන්ට ඒවා නොදිරවයි.


"මම දන්නේ නැහැ. තමුසේ ඒක ටීචර් එක්ක බලා ගන්නවා.." අපි ගණන් නොගන්නා නිසාම කෙල්ලටත් මලය. 


"හරි තමුසෙත් ඕන ලබ්බක් කර ගන්නවා.." විනෝද් කීය. කෙල්ලගේ කට ඇරී ඇස් දෙක දෙපැත්තට ගියේය. ඒ ලබ්බට බයේය.

අපි දන්නා විදියට ලබ්බ වැදගත් වචනයකි. ගෙවල් හදනකොටත් ඉස්සෙල්ලාම එල්ලන්නේ ලබ්බකි (පුහුල් ගෙඩිය වුණත් ලබ්බ කියලා හිතමු). කෙල්ලන්ට ලබ්බ අකැපය. ඒ නිසාම විනෝද්ගේ නම ලියා ඉදිරියෙන් ඉරි කැබලි කිහිපයක්ම ගසා ඇත.

‍ටීචර් පන්තියට පැන්න විගස කරන්නේ ‍නම් කොලය බලා කලෙක්ෂන් එක දැමීමය. කේලමී කොලය රැගෙන පහුවදා උදේම ටීචර් ලගය. ඇය කේලම් ගොට්ටම දිගහැර ඇවිත් හිදගත්තාය. 

"විනොද් මෙහෙ එනවා." ටීචර් ඇමතීය. විනෝ ටීචර් ලගය. සද්ද නැත. සද්ද කරන්නටද බැරිය.


"තමුසෙ මොනාද මේ ලමයාට ලබ්බ කියලා තියෙන්නේ? මීට පස්සේ පන්තියේ කුණුහරප කීවොත් ගෙනියනවා ඔෆීස් එකට. 

"ලබ්බ.. මම එල්ලවා තමුසෙගේ ලබ්බ කරේ..." පන්තිය සද්ද නැත. කෙල්ලට මෙන්ම ටීචර්ටත් (ටීචර්ට ලමයි පෝලිමක් හිටියා මට මතකය, ඇය ලබ්බට බය ඒනිසාදැයි සැක සහිතය) ලබ්බ අකැපය. ලබ්බ විතරක් නෙවේ හැම කුණුහරපයක්ම අකැප බව අපට වැටහිණ.

දිනපතා කෑගැසීම් සිදුවන නිසා කැටයේ දැන් ඉ‍ඩ නැත. තරහකාරයෙක්ට නම ලියන්න සෙට් වුනොත් ඉවරය. හුස්ම ගත්තත් හේ නම ලියයි. ටීචරුත් අපට වඩා කැටයට ආදරේය. පන්තියේ බඩුමුට්ටු වලට වඩා ඇය කැටයට ආදරේය. ඇයට කැටේ හීනෙනුත් පේනවා ඇත. අපේ එවුන්ට කැටේ පේන්න බැරිය. ඒ තරමට බයය. කැටේට ඇති ආලය නිසා ටීචර් කැටේ සවසට කබට් එකේ දමා යයි. ඒක‍ට වෙනම ලොක් එකක් ඇත. යතුරද ටීචර් ගේ හැට්ටය අස්සේය. (තංගල්ලේ බැංකුවේ දැම්මා සේය). හවස ගෙදර යන්න කලිනුත් ටීචර් පන්තියටම පැමිණ කබඩ් එක ලොක් දැයි බලා පිට‍වේ. මුළු 7 වසරම අපේ කැටය ගැන දනී.

දවසක් උදේම ටීචර් පන්තියට ආවේ කෑගහපු ලිස්ට් එක බලා ගණන් හිලව් බේරීමටය. ඇය උගන්වනවාට වඩා කලේ මුදලාලි ‍ජොබ් එකකි. කැන්ටිමේ ඩිස්කන් අයියාත් ‍කලේ එවැනිම ජොබකි. කලින් දවසේ නම් ලිවීමට තිබුණේ මටය. එදා උදේම ලිස්එක අරගෙන මම ටීචර් ලගය.


"ඊයේ ‍වැඩිය කට්ටිය කෑගහලා නැහැනේ. දෙතුන් දෙනයි කෑගහලා තියෙන්නේ" ඇය ලිස්ට් එක බලමින් කියයි. කස්ටිය සද්ද නැති වුණත් ටීචර්ට පාඩුය. 


"පුතා ගන්න බලන්න කබඩ් එකේ තියෙන කැටේ," ටීචර් අස්සට අත දමා යතුර දුන්නාය. මම ඇගිලි දෙකින් යතුර අල්ලා කබඩ් එක ලගට ගියෙමි.


"ටීචර් මාර වැඩේ, යතුර කරකවන්න කලින් ඉබ්බා ඇරුණා" මට හිතා ගන්න බැරි විය. ඉබ්බා කැස්බෑවා වී ඇත.


"ඒක කොහෙමද වෙන්නේ? අපි ඊයේ ලොක් කරලනේ ගියේ. බලන්න කැටේ නැද්ද කියලා" ටීචර් අඩියට දෙකට කබඩ් එක ලගය. කැටේ නැත. කරන්නට දෙයක් නැත. ටීචර්ට හීන් දාඩිය දමා ඇත. අපේ එවුන්ටත් හිතා ගත නොහැකිව උඩ බලා සිටිති.


"මේක අපි සර්ට ගිහින් කියමු. යකාගේ ‍වැඩක් නේ පන්තියෙ තිබ්බ කැටේ නැහැ. තමු‍සෙලා දැන් බලනකන් කබඩ් එක කඩලා කියලාවත් දන්නේ නැහැ. මරු ආ..."


ටීචර් මාවත් ඇදගෙන පිනා ලගට ගොස් කේස් එක ෆයිල් කෙරින, එදායින් පසු කැටත් නැත, පන්තියේ සද්දත් නැත. ටීචර්ගේ කැටේට වෙච්ච දේ තවමත් අභිරහසකි.
ටීචර්ගේ කැටේට වෙච්ච දේ තවමත් අභිරහසකි.



සෑමාගේ බ්ලොගය - http://samindikasrimantha.blogspot.com/2011/09/grade-6-to-10.html



තමංගේ චූටි කාලේ ගැන
බ්ලොග් ලෝකයට චූටි ඒකෙක් වූ
සෑම ලියාපු කතාවයි මේ....
සෑමාගේ ඒකම ඒක යාලුවෙක් හැර
කවුරුත් කමෙන්ටු කොටා නැති,
අද බ්ලොග් ලෝකයේ සිටිනා බහුතරය
දැක නැති, මෙය තමයි
සෑමාගේ 05 වැනි පෝස්ටුව ....................

Friday 8 May 2015

දිනේෂ් පුංචි කාලේ වර්ණ කළ දහ වැනි පෝස්ටුවේ ගිය කවිය



අනුරාග නෙතු සලා

සිහිනයක මා දමා

නුඹ ගිහින් නික්මිලා

තනිකමින් හිත වෙලා.


ඝණදුරු රෑයක මා

නුඹ නමින් සෑනසිලා

ඔය උපුල් නෙත් දිහා

බෑලිමි ආදරෙන් මත්වෙලා.


ඔබෙ නෙත් සරින් මා

අනන්තයක් වෙත පියබලා

පෑතු පෑතුම් හදවත පුරා

ඈදුනි සිත තුල නොමෑකෙන තුරා.


විදින්නට ජීවිතය සදා

නුබෙ සිහිනය හද දරා

හිදිමි අදත් මා මග බලා

මගේ ලොවට ඔබ එන තුරා....





දිනේෂ්ගේ වර්ණ අඩවියේ
පළවුණ 10 වැනි පෝස්ටුව
කම ක කමෙන්ටුවක්
තනිරකිමින් සිටි සුන්දර කවිය
පාලු හිතක් ගැන කියුවට
මේ විදිහට පාලු විය යුතු නැති නිසාම
මෙසේ ඔබ පාමුල තබන වගයි.....................

Thursday 7 May 2015

විචාරක සීයා පොඩි කාලේ ලියපු කතාව.....

අපේ බ්ලොග්කරුවන් හැමෝම 
අඩිය අඩිය තියලා නැගිට්ට අය...
මුල් ම කාලේ ලියපු පෝස්ටු 
කවුරුත්ම දැකලත් නැහැ
සමහර විට කමෙන්ටුවක්වත් නැහැ...

ඉතින් අපි හිතුවා ඒවා අායෙමත් 
සහෘදයින්ට පෙන්නන්න.
හැමෝගෙම මුල් කාලයේ පෝස්ටු
අද සිට මෙම කොටසේ පළ කරනවා...

හැකිනම් ඒ කටුක අතීතය වෙනස් කරලා
ඒ පැත්තට ගිහින් බලන්න
කමෙන්ටුවක් කොටන්න
ඒ ස්වෝත්සාහයෙන් නැගිටපු 
අතීතයට උපහාරයක් වෙන්න.......


මෙන්න විචාරක සීයා පොඩි කාලේ ලියපු කතාව.


එක්තරා හමුදා කඳවුරක අණදෙන නිලධාරියා දිනක් සැරයන් වරයකුට කිව්වා කඳවුරේ ඇති කොඩි කණුවේ උස මනින ලෙස. සැරයන් එය සෙබළුන් දෙදෙනෙකුට පැවරුවා. සෙබළුන් දෙදෙනා කොඩි කනුව ගලවා බිම තබා මැනුම් පටියකින් එය මැනීමට සූදානම් වනවිටම සැරයන් ආවා. ‘ඔය මොකද කරන්නේ? කවුද උඹලට කිව්වේ කොඩි කණුවේ දිග මනින්න කියලා? වහාම කනුව ආපහු හිටවලා උස මැනපල්ලා මගෙන් කන පලාගන්නේ නැතුව’ කියා ගෝරනාඩු කළේය.


http://wicharaka.blogspot.com/2012/01/blog-post_29.html



මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........