Sunday, 2 August 2015

විදානෙට හෙණේට හිටපු ටිකිරා අයියාගේ සමපෝෂ ගුලියේ පෝස්ටුව ......

සත්‍ය කතාව - කතාව මේකයි.. විදානේ ගිය අවුරුද්දේ සුපිරියට 

ලියපු බ්ලොගයක් කරා... ඒත් ගිය අවුරුද්දේ ඔක්තෝබර් වල ලියුවා 

මේ පහත තියෙන පෝස්ටුව.... ඒත් ඔය කියන සමපෝෂ ගුලිය ගැන

 ඒකේ කොහෝවත් ලියලා තිබුණේ නැහැ... ඉතින් කොල්ලාට ඒකට 

ලොකු මඩ පාරක් වැදුනා..... අපි ඉතින් බලං හිටියා ඊළග පෝස්ටුවෙන්වත් 

මේ සමපෝෂ ගුළිය ගැන කියයි කියලා.... ඒත් නැහැ.... අායෙම ඒක ගැන 

අැහුවා විතරයි..... විදානෙයා අා ගිය අතක් නැහැ.... දදා හිටපු මලදානෙත් අනාථයි.....



බොක්කෙන් වගේ කියන කතාව - මචං විදානේ... කොහොම හරි 
බ්ලොගය ලියපං..... පුළුවන් වෙලාවට අපේ මිතුරන්ගේ බ්ලොග් පැත්තටත් අැවිත් යමං.... 



පඹහින්න ගම, ටිකිරා අයියාගේ සමපෝෂ සංග්‍රහය 

සහ බස්සිට අදහසක්.....


පහුගිය සතියේ බස්සි ලියල තිබ්බ බෝඩිම් කට්ට (tips for boarding life - 1) 
පොස්ට් එක කියෙව්වම හිතුනු දෙයක් තමයි බොඩිමක් විතරක් 
නෙවයෙි හොස්ටල් ජීවිතේ ගැනත් යමක් කියන්න ඕන කියලා.
කොළඹ බදුල්ල පාරේ කිලෝ මීටර් 156 ක් විතර ගියාම 
බෙලිහුල්ඹය තියනවා, ගොඩාක් අයට ඉතිං බෙලිහුල්ඔය කිව්වම 
මතක් වෙන්නේ ටිකක් සිසිල්, සුන්දර පරිසරයක්.. ඔය සබරගමුව 
විශ්වවිද්‍යාලය පිහිටල තියෙන්නේ කලින් කියපු බෙලිහුල්ඔය 
ඉඳන් තවත් කිලෝමීටර් හතරක් විතර ගියාම මුණගැහෙන 
පඹහින්න කියන ගමේ.. හැබැයි පඹහින්න ගමට මේ විශ්වවිද්‍යාලයක්
 කියන එකක් ආවේ අමුතුම ආකාරයකට..

ගොඩක් අය දන්නවා ඇති සමනල වැව, ඔය වැව ගැන සිංදු එහෙමත් 
ලියලා තියනවා අපේ සහෝදර බ්ලොග් සෙට් එකක් වන 
කුරුටු ගෑ ගී පවුරේ (ආඬි එකොලොස් දෙනාගෙ බ්ලොග් එකේ) 
ඈයොත් මෙන්න මෙකවිය කුරුටු ගාල තිබුනෙත් ඕං ඔය 
කියන සමනල වැවගැන සිදුවීමක් ගැන තමයි. කොහොමින් 
කොහොම හරි ඔය කියන සමනල වැව සහ ඒ ආශ්‍රිත විදුලි 
යෝජනා ක්‍රමය හදන්න ආපු සේවකයනට නවතින්න ගොඩනැගිලි 
සංකිර්ණයක් ඉදිකරල තියනවා. ඒ ගොඩනැගිලි සංකීර්ණයේ
ආපන ශාලා, කුඩා ක්‍රීඩා පිටියක්, 100*20 ගොඩනැගිලි කිහිපයක්, 

නිළධාරීන්ට නවාතැන් සඳහා නිළ නිවාස, කාර්යාලයක්, පිහිනුම් 
තටාකයක් වගේ දේවල් වලින් යුක්ත වෙලා තියනවා. 
                                  සමනල වැවැ කදුමුනට පෙනන අයුරු

                                    සමනල වැව් බැම්ම සහ සොරොව්ව

සමනල වැව ව්‍යාපෘතිය අවසන් උනාට පසු මෙම ගොඩනැගිලිවල 
අයිතිය විදුලිබල මණ්ඩලයට හිමිඋනා. පසු කාලීනව එවකට පැවති 
රජයේ අවශ්‍යතාවක් මත මෙම ගොඩනැගිලි වලින්, කිහිපයක් 
ගෙන ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයට අනුබද්ධව, මෙහි අනුබද්ද 
විශ්වවිද්‍යාලක් පිහිටුවා තියනවා., මෙම අනුබද්ද විශ්වවිද්‍යාලය 
1996 වෙද්දි ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාල බවට පත්වෙනවා, 
මෙම විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය රහංගලත්, ව්‍යවහාරික 
විද්‍යා පීඨය බුත්තලත් ආරම්භ කරනවා.

හරි දැං අපි මාතෘකාවට ගොඩ වෙමු. මං කිව්වේ  මේ විශ්ව
විද්‍යාලය තියෙන්නේ පඹහින්න කියන ගමේ කියලා. ඇත්ත වශයෙන්ම
කියනවා නං මහතැනන සානුවේ තියන මේ ගමේ බෙලිහුල්ඔය 
හරියේ තියෙන සුන්දරත්වයනං නෑ.. මේ පලාතේ මිනිස්සු වැඩිපුරම 
කරන්නේ හේන් ගොවිතැන. තක්කාලි, අමු මිරිස්, මඤ්ඤොක්කා 
වගේ බෝග තමයි වැඩිපුරම වවන්නේ.  අවුරුද්දේ මාස නමයක් 
විතරම පෑවිල්ලට යටවෙන මේ පැත්තේ අන්තිමට ඉතිරිවෙන්නේ 
අව්වට පිච්චිලා දුඹුරුපාට වෙච්ච අඩිය තියපු ගමන් දූවිලි ඇවිස්සෙන 
කර්කෂ පොලවක් තමයි. මේ මිනිස්සුන්ගේ විශ්වාසයක් තියනවා 
මෙන්න මේ ගානට පොලව වේලුනාම, ගමට ලස්සන දෙනගම 
ඉස්සරහින් තියන පරවියන්ගල කන්දේ මානං කැලේට ගිනිතිබ්බම 
ඉක්මනටම වැස්ස ලැබෙනවා කියලා. ඉතිං මිනිස්සු කරන්නේ 
මහ කැලෙත් මානං කැලෙත් අතර අඩි විස්සක විතර තීරුවක් සුද්ද 
කරනවා (මේ තීරුවට කියන්නේ ගිනි පටිය කියල මේ තීරුව නිසා 
ගින්න මහ කැලේට පැතිරෙන්නෙ නෑ). ඊට පස්සේ මානමට 
ගිනිතියනවා. රෑ කාලෙට ගිනිගන්න කන්ද දිහා බලන් 
ඉන්න එකෙත් පොඩි සුන්දරත්වයක් තියනවා.. හැබැයි ගිනිගත්ත 
කන්ද පහුවදාට අඟුරු කෑල්ලක් වගේ පේනකොට නං 
දැනෙන්නේ මාරම දුකක්. 


                                        පරවියන්ගල කන්ද 

මේ කන්දට ගිනිතියලා සතියක් යන්න කලින් මේ පැත්තට අනෝරා 
වැහි ඇදගෙන හැලෙවා. ඒක අවුරුදු පහක් විතර අද්දැකීමෙන්ම 
දන්න සිද්ධාන්තයක්.. මාස ගානක් පායල පායල කරකුට්ටන් 
වෙච්ච පොලවට වැහි බින්දු  වැටෙනකොට ඒ පොලවෙන් 
නික්මෙන සුවඳ හරිම ආස්වාදනීයයි.. අපිත් මුලින්ම මේ විදියට 
වැස්ස දවසේ පොඩි එවුන් වගේ වැස්සට පැනල හොදටම මඩ තැලුවා.. 

දවස් දෙකතුනක් යනකොට අර වේලිලා දුඹුරු පාට වෙච්ච 
ත(න/ණ)කොල වලින් ලා කොලපාටට දළු දාන්න පටන් 
ගන්නවා.. ඒක හරිම ලස්සන දර්ශනයක්, ඒ වගේම තමයි 
ගිනි අරන් කරකුට්ටන් වෙච්ච කළුපාට කන්දේ, මානම 
ආයෙත් පූදිනවා දවසින් දවස ඒක දිහා බලං ඉන්න ආසයි..

මේ ගමේ මිනිස්සුන්ගේ කෘෂි ආර්ථීකේට අමතර ආදයම් 
මාර්ගත් මේතැන විශ්වවිද්‍යාලයක් බිහිවෙච්ච නිසා ඇතිඋනා. 
මේ ඊයේ පෙරේදා වෙනකංම විශ්වවිද්‍යාල නේවාසිකාගාර 
විදියට භාවිතා කළේ මේ පඹහින්න ගමේ මිනිස්සුගේ ගෙවල් 
තමයි, සිසුන්ට අවශ්‍ය කෑම බීම හදල දෙන්න ව්‍යාපාරික 
ස්ථානත් බිහිවෙනවා. මේ පැත්තේ බස් ගමනාගමනයත් 
සිදුඋනේ යලට මහට හින්දා පඹහින්න හංදියේ 
ත්‍රි රෝද රථ ගාලක් එහෙමත් ඇතිවෙනවා.. වැදගත්ම 
දේ ඒක නෙවෙයි.. එවකට සමනලවැව පොලිස් මුරපොල, 
සමනල වැව පොලීසිය බවට පත්කරගන්නට අපි ඕකට යන 
කාලේ හැකිවෙනවා.. ඒක මං හිතන්නේ අපි විසින් ගමට කරපු 
ලොකුම සේවයක් කියලා මම තදින්ම විශ්වාස කරනවා. 

ඔන්න ඔය කියන ගමේ තමයි ටිකිරා අයියගේ කඩේ තිබුනේ.. 
මං හිතන්නේ තව දිගට මේක ලිව්වොත් කියවන අයට එපා වෙන්න 
ඉඩ තියනවා. ඒ නිසා ටිකිරා අයියාගේ සමපෝෂ සංග්‍රහය සහ 
බස්සිට දාන අදහස ගැන ලඟදීම පොස්ට් එකක් දාන 
බලාපොරොත්තුවෙන් අදට නවතිනවා..

ඔය පැත්ත ගැන ලියවුනු වෙනත් එව්වා...




ප/ලි  :  ඔය පොටෝ එහෙම අල්ලල තියෙන්නේ මමම තමයි 


බ්ලොගයට ලින්කුව - http://cvpsur.blogspot.com/2014/10/blog-post_26.html

Tuesday, 28 July 2015

ලංකාප්‍රිය ඔහේ ලියන්න පටං ගත්ත පළවෙනි දවස......

පළවෙනි ම පෝස්ටුවට 
ලංකාප්‍රියම තියපු නම ........... ඔහේ ලියනවා
අද වෙනතුරුම ඔහු
අවුරුදු පහ හමාරක් ............ඔහේ ලියනවා

ඔහේ ලියනවා

මන් ඉන්නේ පිට රටක.. මොන කරුමෙකටද 
මන්ද මගේ රටේ හිත හදාගෙන ජීවත් වෙලා 
රටටම වැඩ කරන්න .. ඊට පස්සේ ඔහේ මැරිලා 
යන්න කොච්චර ආසාවක් තිබුනත් උත්සාහ කල 
හැම පාරම මට හිතුනේ එක්කෝ මම වැරදි 
කාලෙක ඉපදිලා එහෙම නැත්නම් වැරදි 
රස්සාවක් මුලදීම අල්ලාගෙන කියල.. 
ඇත්ත තමයි. මම කරන්න පටන් ගත්තේ 
ජීවිතේටම කරන අදහසක් වත් නොතිබුන එකක්. 
අපේ රටේ අපි හිතන පතන රස්සාවල් 
කරන්න ලැබෙන්නේ කාටද ? හම්බවෙන ඒකෙ 
එල්ලිලා ඔහේ ජීවිතේ ගැට ගහ 
ගන්නවා මිසක් .  තාමත් බලාපොරොත්තු   
තියාගෙන ඉන්නවා ඒ වෙනස අපේ රටේ වේවි ..
එතකොට හිතට එකඟව රටට සේවය කරලා 
මැරිලා ඒ පොළවටම පස් වෙන්න පුළුවන් 
වෙයි කියල.. එහෙම නුනොත් ඉතින් මම 
හම්බකරගත්තු කීයක්   හරි ඉතුරුකරගෙන මගේ 
අවසාන කාලෙට වත් ආපහු ගිහින් මගේ 
රටේ කොහේ හරි කොනක පැලක් අටවාගෙන 
කාටවත් කරදරයක් නැතුව මං හදපු ගහක් යට 
මැරිලා යනවා.

මේ කාලේදී මම වගේම අත්දැකීම්   
නිසා පිටරට ආව මට වඩා සිය දහස් 
ගුණයක් වටිනා මිනිස්සු මට හමු වුනා.. 
අපි ඔක්කොම සරීරයෙන් මෙහෙ හිටියත් 
හදවතින් ඉන්නේ උපන් පොළොවේ.. නින්ද ගියාම 
හීනෙන් දකින්නේ ලංකාව.

අවුරුද්දකට වතාවක් නිවාඩු ලැබුනම දුවගෙන 
යන්නේ(ලක්) අම්මා ලඟට.. කටුනායකින් 
බහිනකොට කඳුළු පිහිනවා වගේම ආපහු   
එනකොට යානය උඩට ගන්නකොටත් පහලින් පෙනෙන 
පොල්ගස් කරටි දිහා බලාගෙන කඳුළු පිහිනවා.. 
ඇහේ කඳුළු පිස්සට හිතේ කඳුළු දවස් ගණනක් ගලනවා..
අපේ කතාවට කොහෙද පත්තර ? බ්ලොගක් ඇරියා.. 
ඒකටත් පින් දෙන්න ඕන  ඇහින් නොදැකපු 
බ්ලොග්වලින් දැකපු ලංකාවේ කොල්ලෝ 
දෙන්නෙකුටයි.. උන් දෙන්න කොච්චර මට 
තල්ලුව දුන්නද ? අන්තිමට බ්ලොග් නමින්   
විතරක් දන්නා එක  මලයෙක්  මට බ්ලොග් 
අරින ලින්ක් එක පවා දීල තිබුන.. ඔන්න ඉතින් 
මගේ හෑල්ල ලියන එක පටන් ගත්ත.




.

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........