Saturday, 26 November 2016

අමාවකගේ බදු ගීතය.................


ඉර හඳ පෙන්නුව  ලෝකේ
යහපාලන කතරේ
 බදු  බර තව වැඩි වේ
 මේ  අයවැය අතරේ
 මේ අයවැය අතරේ
 වැට් එක පහලොව වේ.
 
 බාගෙට කාලා දිවි මග වැනවෙන //
ජීවිත නට්ටම් වේ
 රොකට් එකක් යන සේ //
බඩු මිල   තව වැඩි වේ.
දඩ කොල, ජල බිල  වැඩි වෙන වේගේ//
 ජීවිත සමතල වේ
මේ  අයවැය අතරේ
 මේ අයවැය අතරේ
 වැට් එක පහලොව වේ.
 
 වැඩිවන වියදම   මැඩලනු බැරි වී  //
බදු බර තව වැඩි වේ.
බත් පත වැලි  මුසුවේ
 යහ පාලන වගුරේ මන්ත්‍රිට සැප වැඩි වේ. //
බෙන්ස් කාර් හිනැහේ
 මේ  අයවැය අතරේ
 මේ අයවැය අතරේ
 වැට් එක පහලොව වේ.
 
 ඉර හඳ පෙන්නුව  ලෝකේ
යහපාලන කතරේ
 බදු  බර තව වැඩි වේ




.

4 comments:

  1. ආයිබොං නම් බොරු කීවා ඒත් බොන්න බෑ ගල් හුන්ඩුවට කෙලවලා තියෙන්නේ....................
    -කපිතන්-

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා උඹට අවුල් ද අපිට අවු්ල්ද කියලා...........

      Delete
  2. අගෙයි .... අහවල් තැන් වලිනුත් හිනා යනවා...

    ReplyDelete
  3. මාවත් කුරුටු සින්ඩියට ඇතුලත් කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි :)

    Name : කණ්ඩාගේ කොලම ~ Kanda's Column !
    Link : https://kandascolumnblog.wordpress.com

    ReplyDelete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........