Friday 8 May 2015

දිනේෂ් පුංචි කාලේ වර්ණ කළ දහ වැනි පෝස්ටුවේ ගිය කවිය



අනුරාග නෙතු සලා

සිහිනයක මා දමා

නුඹ ගිහින් නික්මිලා

තනිකමින් හිත වෙලා.


ඝණදුරු රෑයක මා

නුඹ නමින් සෑනසිලා

ඔය උපුල් නෙත් දිහා

බෑලිමි ආදරෙන් මත්වෙලා.


ඔබෙ නෙත් සරින් මා

අනන්තයක් වෙත පියබලා

පෑතු පෑතුම් හදවත පුරා

ඈදුනි සිත තුල නොමෑකෙන තුරා.


විදින්නට ජීවිතය සදා

නුබෙ සිහිනය හද දරා

හිදිමි අදත් මා මග බලා

මගේ ලොවට ඔබ එන තුරා....





දිනේෂ්ගේ වර්ණ අඩවියේ
පළවුණ 10 වැනි පෝස්ටුව
කම ක කමෙන්ටුවක්
තනිරකිමින් සිටි සුන්දර කවිය
පාලු හිතක් ගැන කියුවට
මේ විදිහට පාලු විය යුතු නැති නිසාම
මෙසේ ඔබ පාමුල තබන වගයි.....................

8 comments:

  1. අඩේ උඹලත් අදින්නේ පට්ට පරණ මතකයන්නේ..

    ඕකේ කතාව මෙහෙමයි. ඔය ෆොටෝ එකේ ඉන්න කෙල්ල මම දැක්කේ ඉතාලි ඇඩ් එකක.. මෙහේ ආව අළුත.. දන්නේ නැද්ද ඉතින් බොහොම අමාරුවෙන් නම ගම හොයාගෙන ( දැන්නම් නම මතකත් නෑ..) ෆොටො ටිකක් හොයාගෙන ඒක බලන් ඉන්න වෙලාවක ආපු මුල් පේලි ටික තමයි අන්තිමට ඔහොම ලියලා ඉවර කලේ.. මට මතක නෑ දැන්, තව කවියක් ඇති ඔය කෙල්ලගෙම ෆොටෝ එකක් දාලා.. හෙහ් අවුරුදු 5කට කලින් එවුවා බං..

    ReplyDelete
    Replies
    1. හරිම සතුටුයි දිනේෂ්.............

      මේ දේ තමා අපිට අවශ්‍ය... ඒ කතාව ඔය කවියේ අපිට දැනෙන්නැති වුණාට දැන් අගේට තේරෙනවා.... සුන්දර මතකයන් කෝටි ගාණක් බ්ලොග් අස්සේ වැලලිලා... අපි ඒවා හාරා අවුස්සනවා.... ලස්සන අතීතයන් අායෙම විදින්න උත්සහ කරනවා.... ස්තූතියි දිනේෂ් කතාවට

      Delete
  2. කවිය වගේම නිදාන කතාවත් ලස්සනයි. ස්තූතියි කුරුට්ටන්ට මේ අලුත්ම පරණ මතක ඉනොවේශන් එකට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමියා...................

      සතුටුයි මේ වචන අහන්නත්.. ඒවගේ ම ඔය දෙන ශක්තියටත්..

      Delete
  3. ෆොටෝ එක වෙන වින්ඩෝ එකක ඕපන් කලා නම් නම බලාගන්න තිබුනා.

    ඒ මතකයන් කොච්චර සුන්දරයිද දිනෙශ් .. මං බ්ලොග් කියන දේ ගැන දැනගත්තේ ඉතාම මෑතක. දැන් හිත ‍රැඳුනු තැන් වල පරණ මතකයන් අවුස්සන එක තමා මගේ වැඩේ. කාලය හරස් වෙන එක තමා අවුල ..

    ඒ හින්දම කුරුට්ටෝ මේ කරන්නේ ලොකු උදව්වක් ...

    ReplyDelete
    Replies
    1. සදරු.................. මිත්‍රයා....

      බ්ලොග් අස්සේ හැංගිලා තියෙන හරි සුන්දර මතකයන් තියෙනවා.. අපි ඒවා හොයාගෙන යමු......

      Delete
  4. එළ ද බ්‍රා. සොදුරු ක්‍රියාන්විතයක්..

    ReplyDelete
    Replies
    1. දේශකයා බායි.. ස්තූතියි බොහොත් මේ වචන වලින් දෙන හයියට.....

      Delete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........