Saturday 4 July 2015

පැහැසරණියේ ගිය හිත උණු කරපු නිර්මාණය

පැහැසරණියේ ගියපු
‍හිත උණු කරපු
පැය ගාණක් කල්පනා කරපු
අමුතු හිනාවක් පාපු
රූපයකට ගොතපු
වේදනාවක් හංගාපු

මේ නිසදැස අායෙමත් පෙන්නන්න හිත නිතරම කියනවා...
මේ ඒ වෙනුවෙන්මයි....... 




එන්න හිත හිතා හිටියේ හැමදාමත් සර් 
ඇවිත් බලලා යන්න  
වැඩ ගොඩ උනා අතපහු උනා 
මේ පාර නම් එන්නමයි හිටියේ 
ආයේ සැරයක් කතාවක් අහල යන්න 

විද්‍යාව විතරක් ඉගැන්නුවනම් 
අමතක කරලා ඉන්න තිබ්බා 
සර් ඉගැන්නුවේ ජීවිතේ 
දහස් ගානකට ලෝභ නැතුවම 
බෙදලා දුන්නේ ආදරේ 

සර්ගේ මිනිබිරීටයි මුනුබුරාටයි 
ආණමඩුවේ පඬි ඇදපු පුංචිත්තන්ටයි 
පස්සේ කාලෙක මුණගැහුණු අපිටයි 
බෙදන්න තරම් ආදරේ ගොඩක් 
සර්ට තිබුණු හන්දමයි 
ආයේ ඇවිත් බලලා යන්න හිටියේ 

එත් වැඩ ගොඩ උනා සර් අතපහු වුණා
අපි පරක්කු වුණා


සර් එදා හරක් හදවතේ 
ඝනකම පෙන්නලා හිනා උනත් 
සුරතලේට හදපු බැල්ල 
අසනීපෙන් උන්නු වෙලේ 
"බලන්න එපා එයා දිහා, 
එයාට දුක හිතෙයි" කිව්වම 
අදුනගත්ත අපි එදා 
සර්ගේ හදවත කොයිතරම් 
මෙලෙක්ද කියල 

මනමාලයෙක් එන දවසේ 
පුංචි ලේන්සුවෙන්
ගෙයි වතුර ඉස් කරන්න හදපු 
අක්කා ගැන කියා කියා 
වර්ගඵලය කියා දීලා 
එක මොහොතෙන් 
අක්කා මතක් කර කර 
දුක් වෙන කොට 
අපේ අක්කා හොඳ අක්කා කියනකොට 
අපි දැනගත්තා සර් 
සර්ගේ කරුණාවේ වර්ගඵලය
එ නිසාමයි ආයෙ අපි 
ඇවිත් යන්න එන්න හිටියේ 

වැඩ ගොඩ උනා සර් අතපහු වුණා 
අපි පරක්කු උනා සර්

අවුරුදු ගානකට පස්සෙත් 
අපිට හිනා වෙන්න ඉතුරු වුනේ 
සර්ගේ රස පිරුණු විහිළු කතා 
ඊයේ පෙරේදත් කෙනෙකුට කියලා 
අපි හිනා උනා සර් 

ආයේ හිනා වෙලා යන්න 
ඇවිත් යන්නයි හිටියේ 
අනේ සුනිල් සර් 
සර් ඉක්මන් උනා 
අපි පරක්කු වුණා...  



සබැදිය - http://pahasaranee.blogspot.com/


.

No comments:

Post a Comment

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........