Thursday 7 May 2015

විචාරක සීයා පොඩි කාලේ ලියපු කතාව.....

අපේ බ්ලොග්කරුවන් හැමෝම 
අඩිය අඩිය තියලා නැගිට්ට අය...
මුල් ම කාලේ ලියපු පෝස්ටු 
කවුරුත්ම දැකලත් නැහැ
සමහර විට කමෙන්ටුවක්වත් නැහැ...

ඉතින් අපි හිතුවා ඒවා අායෙමත් 
සහෘදයින්ට පෙන්නන්න.
හැමෝගෙම මුල් කාලයේ පෝස්ටු
අද සිට මෙම කොටසේ පළ කරනවා...

හැකිනම් ඒ කටුක අතීතය වෙනස් කරලා
ඒ පැත්තට ගිහින් බලන්න
කමෙන්ටුවක් කොටන්න
ඒ ස්වෝත්සාහයෙන් නැගිටපු 
අතීතයට උපහාරයක් වෙන්න.......


මෙන්න විචාරක සීයා පොඩි කාලේ ලියපු කතාව.


එක්තරා හමුදා කඳවුරක අණදෙන නිලධාරියා දිනක් සැරයන් වරයකුට කිව්වා කඳවුරේ ඇති කොඩි කණුවේ උස මනින ලෙස. සැරයන් එය සෙබළුන් දෙදෙනෙකුට පැවරුවා. සෙබළුන් දෙදෙනා කොඩි කනුව ගලවා බිම තබා මැනුම් පටියකින් එය මැනීමට සූදානම් වනවිටම සැරයන් ආවා. ‘ඔය මොකද කරන්නේ? කවුද උඹලට කිව්වේ කොඩි කණුවේ දිග මනින්න කියලා? වහාම කනුව ආපහු හිටවලා උස මැනපල්ලා මගෙන් කන පලාගන්නේ නැතුව’ කියා ගෝරනාඩු කළේය.


http://wicharaka.blogspot.com/2012/01/blog-post_29.html



19 comments:

  1. විචාරක පැංචාව හඳුන්වා දීම ගැන කුරුටු ළමයින්ට ගොඩාක් ස්තූතියි.. විචාරක පැංචාගේ කතාවත් නරකම නෑ.. ඔය වගේ සාජන්ලා මටත් හම්බෙලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. කමියා................... විචාරක දැන් බ්ලොග් ලෝකයට සීයා කෙනෙක්..... ඒත් පුංචි ඒකා කාලේ.... හරිම අහිංසක පාටයි....

      කමියාගේ පුංචි කාලෙත් හෙට අනිද්දා ම පෙන්නන්නංකෝ..................

      Delete
  2. කවුද විචාරක කියන්නේ.. අර වීදුරු ඔලුව උඩ තියන් කාවඩි නටන.. පිස්සු ඩයල් එකද???

    ජ ය

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි...... තාම ඒහෙම නටනවාද???? මේ පුංචි ඒකා කාලේ... කිරිසප්පයා කාලේ..... ඔව් බඩගාද්දි.....

      Delete
    2. නෑ නෑ ඒ අවිචාරක. මේ විචාරක

      Delete
    3. නෑ නෑ ඒ අවිචාරක. මේ විචාරක

      Delete
  3. මරු වැඩක්.. ජය වේවා.. මාත් මේක බලල නෑ.. හැබැයි මේ වගේ පිස්සු කතාවක් නං අහල තියේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයෝ...........

      විචාරකතුමා ඔය හමුදා කතා හොදට දන්නවා... අායේ සෙට් වුණාම අවුස්සලා ගත්තානම් සතියක් විතර අහගන්න පුළුවනි....

      Delete
  4. බොහොම හොඳ වැඩක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතා...... මාතා චූටි ඒකා කාලේ කතාත් බලමුකෝ ඉස්සරහට........

      අැත්තට ම මාතා, දැන් බ්ලොග් ලෝකයේ පෝස්ටුවක් දාපුවාම සිය ගාණක් දහස් ගාණක් කියවනවා වුණාට මුල් ම කාලේ කවුරුවත් ඒවා දැක්කේ නැහැ... හැබැයි සුපිරි නිර්මාණ... ඉතින් ඒ වගේ ඒවා හොයාගෙන ගිහිල්ලා අායෙම ඒ තැන්වලට බ්ලොග් සහෘදයන්ගේ අවධානය යොමු කරවන්නයි අදහස..... ටිකක් අමුතු විදිහේ වැඩක්..... කරලා බලමු.......

      ඔය වචන වලට ස්තූතියි මචං....

      Delete
  5. බොහොම හොඳයි..

    මාවත් ඔය සින්ඩියට එල්ලගන්න...

    http://sandunima.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දැනටමත් ඉන්නවෝ........... අපිට මගඅැරිලා නැතෝ.....

      වම් පැත්තේ පළවෙනිම පේලියේ විව් ඔ්ල් ගිහින් බලන්න... සදුනිමා අැත....

      Delete
    2. ඇත්ත නේන්නම්. තෑන්ක්ස් වේවා!

      Delete
    3. හොදා හොදා

      Delete
  6. අපි තාම පොඩි ඈයෝ නිසා බය නැතිව ඉන්න ඇහැකි....පුලුවනි නම් ඔය පත්තරයා, එලද බ්‍රා මෙන්ඩා, බොන සහ අයිසේ ඇනෝ වගේ ක්‍රියේටිව් කමෙන්ට්ස් දාන ඈයොන්ගේ කමෙන්ට්ස් එකතුවක් ගොනු කරන්න මරු නේ...!

    ReplyDelete
    Replies
    1. චෙෆ්...................

      නියම අදහසක් තමා... ඉස්සරහට කරන්න උත්සහ කරන්නම්.... ඒ කෙනුත් අලුත්ම අදහසක් අාවා.... අනිවා ඉස්සරහට කරන්නම්.... මේ අදහස් වලට තුති හරිද????? හිතෙන දේ කියන්න.. ඒවා අපිට වටිනවා හරියට...

      Delete
  7. හික් හික් හික්................අම්මපා මෙහෙමත් කාලයක් තිබුනා නේද කියලා හිතෙනවා. යකෝ මේ පරණ හඳහන් අවුස්සන්න උඹලා මාර කට්ටක් කනවා ඇති.

    හොඳයි හොඳයි. බොහොම ස්තුතියි ඈ.

    ReplyDelete
  8. හික් හික් හික්................අම්මපා මෙහෙමත් කාලයක් තිබුනා නේද කියලා හිතෙනවා. යකෝ මේ පරණ හඳහන් අවුස්සන්න උඹලා මාර කට්ටක් කනවා ඇති.

    හොඳයි හොඳයි. බොහොම ස්තුතියි ඈ.

    ReplyDelete
  9. හිහ් හී... විචාරකතුමාගෙ පරණ තෝම්බු...

    ReplyDelete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........