Tuesday 12 May 2015

අවුරුදු 05 කට කලින් මාතලං බාප්පාට ''ප්‍රීති'' දුන්නු කතාව..........

මීට අවුරුදු 05 කට කලියෙන්

මාතා බ්ලොග්කරණයට අාපු කාලේ
මැයි මාසෙකට ම ලියාපු කතාව
සීයාට උපදෙස් දෙන්න ගිහිං
මාතා පෙන්නපු පරිණතකම
ගිහින් ම බලන්නකෝ

http://maathalan.blogspot.com/2010/05/happy-family-life.html






මම කලින් කතාවෙ කීව්ව නේ මගේ ප්‍රශ්න කිරිල්ල ගැන, මේකත් ඒ වගේම පැහැදිලි උත්තරයක් නොලැබුනු නිසා වෙච්ච සිද්දියක්. හැම වෙසක් කාලයකදීම මට මේ කතාව මතක් වෙනව.

ඒ කාලේ වෙසක් එකට ලස්සන ලස්සන බකට් එල්ලනව. කොච්චර ලොකු කූඩුවක් හැදුවත් හැම ගෙදරම වගේ බකට් ටිකකුත් එල්ලනව. මේ තරම් ලයිට් ගැජට් නැති ඒ කාලේ, රෑට බකට් එලියෙන් ලැබුනෙ පුදුම ලස්සනක්.

පොඩිම කාලේ වෙසක් සිරි නරඹන්න යන්නෙ අපේ ගෙදර නැවතිල හිටිය ලොකු අම්මගෙ පුතාල දෙන්නයි එයාගේ යාලුවොත් එක්ක. එක අයියා කෙනෙකුගෙ ආදරේට කියන නම ප්‍රීතී. බකට් අතරෙ එක බකට් පේලියක් තිබුන "ප්‍රීතී වෙසක්" කියල, මේක දැක්කම කට්ටියම හිනා වෙනව. මම ඇයි හිනාවෙන්නෙ කියල ඇහුවම, කට්ටිය එක්ක තවත් හිනාවෙනව මිසක් උත්තරක් දෙන්නෙම නෑ.

ඔය දවස්වලම තමයි, පත්තරේ දැන්වීම් ගියේ "ප්‍රීතිමත් යුග දිවියකට - ප්‍රීතී" කියල, යුග දිවිය කියන එකට උත්තරේ ලැබුනත් "ප්‍රීතී" කියන එකට පැහැදිලි පිළිතුරක් "දයිය" ගෙන්වත් ලැබුනෙ නෑ. එයත් කිව්වෙ මල්ලි තව චූට්ටක් ලොකු උනාම කියල දෙන්නම් කියල. මැනිකගෙන් ඇහුව, කඩේ ප්‍රේමසිරි අයියගෙන් ඇහුව, ඒත් ලැබුන උත්තරේ තමයි "පස්සෙ කියල දෙන්නම් කියන එක."

ගමේ සීය ඇවිල්ල (තත්තගෙ තත්තා), අම්මටයි ආච්ච්ටත් (අම්මගෙ අම්මා) හොරෙන්, ඉස්තොප්පුවේ රහස් සාකඡ්ඡාවක්. මමත් පත්තරේකුත් අරගෙන ගිහිල්ල දෙන්නට කිට්ටුවෙන් බිම දිගා වෙලා පත්තරේ බලනව වගේ කතාව අහගෙන හිටිය. (ලොකු අය කතා කරන තැන්වල ගැවසෙන හොඳ පුරුද්ද ප්‍රගුන කල කෙනෙක් මම.)

දෙන්න කතාවෙන්නෙ, මැතකදි කසාද බැඳපු බාප්ප ගැන. (තත්තගෙ මල්ලී ගැන, එයාගෙ පෙර වැරදි ගොඩක් තිබුන කියල දැනගත්තෙ පසු කාලෙක, ඒත් අර හොඳ පුරුද්ද නිසා).

කතාව දිගටම යනව.

"හැමදාම රන්ඩු, දැන් අහල පහල අයත් දන්නව, මමත් අවවාද කලා, ඒත් අඩුවක් නෑ", "ඔහේවත් මල්ලි එක්ක මේ ගැන කතා කරල බලන්නයි කියල යන්න වැඩිපුරම ආවේ."

"මටත්, එහෙන් මෙහෙන් ආරංචි උනා. (ඒ කාලේ සන්නිවෙදනය බොහොම දුර්වලයි.), අනේ මං දන්නෙ නෑ තාත්තෙ, තාත්තා කියන නිසා මම කතා කරල බලන්නම්"

මගේ දැනුම ප්‍රදර්ශනය කරන්න හොඳම අවස්ථාවක් මේ.

"ඉතිං සීයේ, බාප්පට කියන්නකො සතුටෙන් ඉන්න "ප්‍රීතී" ගන්නෙයි කියල."

කතාවේ ඉතුරු ටිකත්, මම ම කියන්න ඕන නැහැනේ..........




.

6 comments:

  1. මේ මාතාගේ කට කන්න එපැයැ. හැක්

    ReplyDelete
    Replies
    1. අම්මපා.......... සීයාට ඒහෙමම හිතෙන්න අැති

      Delete
  2. මම කැමතියි ඒකට පස්සෙ තියෙන ළිපිය දැම්මා නම්.. මොකෝ එතනින් පස්සේ තමයි මට පට්ට විදියට මේල් ආවේ.. ළිපිය ගැන ප්‍රශංසා කොරලා...

    ReplyDelete
    Replies
    1. ඒකත් වෙලාවක දාන්නම්කෝ...... මාතාගේ ඉතිහාසය කියවාගෙන ගියා... ඒ අතර තිබුණ ටිකක් වෙනස් අාරක් ගත්තු වෙනස් විදිහේ කතාවක් නිසයි මේක දැම්මේ.... කට්ටිය කියවලා මාතාගේ ඉතිහාස පීරලා බලන්නත් උනන්දුවක් අැති වෙයිනේ කියලා හිතුවා....

      Delete
  3. ෂා මරු වැඩේ මලේ !!

    ReplyDelete
  4. හැක්.. මාතලං සහෝදරයා ඒ කාලේ ඉඳන්ම හීන් නූල් කාරය එහෙනං.
    මේක කියෙව්වම කතාවක් මතක් උනා. මගෙ චූටි නැන්දගේ පුතා පොඩි කාලෙ ඉස්කෝලෙ ඇරිල පාරෙ ඉඳන්ම කෑගහගෙන ගෙදරට එනවලු "අම්මේ ප*ය කියන්නෙ මොකද්දෝ" කියල අහගෙන. මහා හයියෙන්. වටේ ගෙවල් වලටත් ඇහෙන්න. නැන්ද ඇහුවලු "කවුද කිව්වෙ ඕක?" කියල.
    "ලොකු මාම කිව්වෙ"
    "කොහෙදිද? මොකටද?"
    "ඇයි ලොකු මාම සමරේ මාමට කිව්වෙ ,සමරයෝ උඹ දන්න ප*යක් නෑ කියල" (මූට ඒ කතාව මතක් වෙලා තියෙන්නෙ ඒ වෙලාවේ)
    "එහෙනං ඒකෙ තේරුම ලොකු මාමගෙන්ම අහගනින්"
    පස්සෙ දවසක මූ ගෙදර ඇවිත් කියනවලු "අම්මේ, ලොකු මාමගෙන් අහන්න ඕන නෑ, මට අමිල කිව්ව. ඒ කියන්නෙ චූවට කියන නරක වචනයක්!" මූ ඉස්කෝලෙ යාලුවෙක්ගෙන් අහගෙන විස්තරේ...

    ReplyDelete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........