Tuesday 26 January 2016

කමියාගේ කවියා...............



සඳ උවන වසා නැගි- අඳුරු වලා පිස
මල් මන්දහාස ඉඳුවරී..
තව කිම්ද නෑර ගොස්- හඟිනු දෙපා සිඹ
පෙම් බැන්ද චන්න කින්නරී..

සිටු මැදුරු බෝම දුර- නෑර පැමිණි මග
පෑව සෙනෙහෙ අගනා..
මට අහිමි කුමර වර- සේද සිනිඳු සර
අළුයමෙක බෑර කෙරුනා..

රළු කඨොර හීන විඳ- රහල් බැඳුම් මැද
සැප සුඟක මිටින් දරනා..
ගිනි ගහන මහද සිදු- යශෝදරාවත
පිනි සෙමෙර සිහිල් සලනා..


අඩවිය - http://kalahitha.blogspot.com/2014_09_01_archive.html



බ්ලොගය පතුලේ සැගවුණු
කමෙන්ට් හිට්ස් කීපයකින් සැනසුනු
කාලෙකට පෙර ලියැවුණු
කමියාගේ දෙවැනි කවිය......................

හැකියි නං හි යන්න
පරණ කවි කියවන්න
සැගවුණත් රහ දැනෙන
පරණ කවි පුබුදන්න.....................


.

9 comments:

  1. ඔන්න මාත් ඒ පැත්තේ ගියා.
    කමියා ඒ කාලෙත් කවි වැඩ්ඩෙක් නෙව.

    ReplyDelete
  2. මගේ Other Half සම්භන්දයෙන් ලියවුනු මන් ආසම නිර්මාණය.. ඒ කාලේ කවුරුත් මගේ බ්ලොග් එක පැත්තේ එන්නේ නැති නිසා (වෙලාවට) මේක කවුරුත් දැක්කේ නෑ.. උඹල තමයි ඔන්න ආයිම අවුස්සලා ගත්තේ.. :)

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි කමියා........

      අපේ බ්ලොග් අස්සේ හැංගුණ ලස්සන නිර්මාණ තියෙනවා. ඒවා සමහර විට මහා නිර්මාණ. ඒත් අපි මුල් කාලේ ලියපුවා නිසා (අර ඔබ කිව්වා වගේ ඒ කාලේ කවුරුත් ඒ පැත්තේ ඒන්නේ නැති නිසා) ඒවා බහුතරය දැකලා නැහැ. ඉතින් අපි උත්සහ ගන්නේ ඒවාට ලැබිය යුතු තැන ලබා දෙන්නයි........

      Delete
  3. ඔන්න මන් අයෙමත් ආව...කුරුටු වැඩේ හරි....(පොඩි එකී දස්සි..හැක..) සින්ඩියට දාගන්නකෝ ගිම්මි ඔන්න උර්ල් එක වෙනස් කරගත්ත...එන්නකෝ ආයෙත් ඒ පැත්තේ
    http://gimmigekolama.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හරි හරි ගිම්මි........... මේක දකින්න කලින් ම වැඩේ හොයා ගත්තා..... දැම්මා.... දැන් දෙකම තියෙනවා...... ලියන ඒකක් හරියයි.........

      Delete
  4. මගේ එකත් කොහේ හරි මුල්ලක බාගෙට හරි එල්ලන්න ඊයේ පෙරේදා හැදුවේ.නිදිමරාගෙන කෙටුවා කෙටිල්ලක් අස් රතු වෙලා මගේ දැන්
    http://topnetsystem.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඒල්ලුවා කොල්ලෝ...............

      Delete
  5. අගේ ඇති කවි පද

    ReplyDelete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........