Sunday 31 January 2016

2015 හොඳම බ්ලොග්කරු සඳහා නාම යෝජනා සහ අනෙකුත් සම්මාන පිළිබද විස්තර - නෙලුම්යාය


නෙලුම් යාය සහෘද සමූහය විසින් පවත්වන 2016 නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල මේ වසරේ මාර්තු 26 වන සෙනසුරාදා පස්වරු 3.00 ට පවත්වන්නට කටයුතු යොදා ඇත.
පවත්වනු ලබන ස්ථානය වන්නේ ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ ජනමාධ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථාන ශාලාවහිය. එහි ලිපිනය නො 163, කිරුලපන මාවත, කොළඹ 5 ය.
එහිදී පහත සඳහන් සම්මාන ලාභීන් තෝරාගනු ලැබේ.

1. 2015 හොඳම බ්ලොග් අඩවිය සිංහල - පළමුවන ස්ථානය රුපියල් 15000 වටිනා තෑගී වවුචර , නෙළුම් යාය සම්මානය සහ සහතිකය 

දෙවන ස්ථානය සිංහල - රුපියල් 10000 වටිනා තෑගී වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය 

තුන්වන ස්ථානය සිංහල - රුපියල් 5000 ක් වටිනා තෑගි වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය 


2.2015 හොඳම බ්ලොග් අඩවිය දෙමළ - පළමුවන ස්ථානය රුපියල් 15000 වටිනා තෑගී වවුචර , නෙළුම් යාය සම්මානය සහ සහතිකය 

දෙවන ස්ථානය දෙමළ - රුපියල් 10000 වටිනා තෑගී වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය 

තුන්වන ස්ථානය දෙමළ - රුපියල් 5000 ක් වටිනා තෑගි වවුචර නෙළුම් යාය සම්මානය සහ සහතිකය 

දෙමළ භාෂාවෙන් පලවෙන බ්ලොග් අඩවි සඳහා නාම යෝජනා තාමරෛකුලම් වෙබ් අඩවියේ පලවෙනු ඇත. 

සිංහල බ්ලොග් අඩවි සඳහා පහත සඳහන් බ්ලොග් අඩවි විනිශ්චය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. නාම යෝජනා කරන ලද බ්ලොග් අඩවි 12න් මුල් වටයේ බ්ලොග් අඩවි 5ක් තෝරාගෙන ඉන් 3ක් පළමු, දෙවන හා තුන්වන ස්ථාන සඳහා තෝරා ගනු ඇත.

 (පහත නම් සඳහන් අනු පිළිවෙල විනිශ්චය කරන අනු පිළිවෙල නොවන බව කරුණාවෙන් සලකන්න). විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් එකිනෙකා ලබා දෙන ලකුණු සියල්ල එකතු කර වඩා ලකුණු ලබා ගත් බ්ලොග් අඩවියට ප්‍රථම ස්ථානය හිමි වනු ඇත. මෙහි සඳහන් බ්ලොග් අඩවි හිමි කරුවන්ට සම්මානය සඳහා සලකා බැලීමට අවශ්‍ය නොවේ නම් කරුණාකර අපට දන්වා එවන්න. ඔබේ අඩවියේ නම නාම යෝජනා වලින් ඉවත් කරන්නෙමු. 

1. w3ලංකා - http://www.w3lanka.com/2016/01/blog-post_56.html,http://www.w3lanka.com/2016/01/blog-post_8.html

2. එකොනැමැට්ටා - http://economatta.blogspot.co.uk/2015_09_01_archive.html,http://economatta.blogspot.co.uk/2015/08/blog-post_29.html

3. නිදහස් සිතුවිලි - http://ranrandil.blogspot.co.uk/2015/12/379.html,http://ranrandil.blogspot.co.uk/2015/11/366.html

4. කුරුටු ගෑ ගී පවුර - http://kurutugegeepawra.blogspot.co.uk/2015/09/blog-post_4.htmlhttp://kurutugegeepawra.blogspot.co.uk/2015/09/blog-post_25.html 

5. රසිකලොජි - http://rasikalogy.blogspot.co.uk/2015/12/daya-pathirana-end.html,http://rasikalogy.blogspot.co.uk/2015_04_01_archive.html

6. ට්‍රාන්සිල්වේනියා - http://transyl2014.blogspot.co.uk/2015/05/blog-post.html,http://transyl2014.blogspot.co.uk/2015/05/blog-post_21.html

 7. බස්සිගේ නවාතැන - http://bassigenawathana.blogspot.co.uk/2015/07/blog-post_24.htmlhttp://bassigenawathana.blogspot.co.uk/2015/09/blog-post_94.html  

8. යාං හෑල්ල http://yanhella.blogspot.co.uk/2015/05/travel-with-grandma.html,http://yanhella.blogspot.co.uk/2015/11/village-water.html

 9. ඉවාන් පව්ලුෂා - http://iwanpaulooshaa.blogspot.co.uk/2015/11/blog-post_24.htmlhttp://iwanpaulooshaa.blogspot.co.uk/2015/08/blog-post.html

10. විචාරක - http://wicharaka.blogspot.co.uk/2015/10/blog-post_28.html,http://wicharaka.blogspot.co.uk/2015/11/blog-post.html

11. අසම්මතයා - https://asammathayaaa.wordpress.com/2015/11/​​,https://asammathayaaa.wordpress.com/2015/09/15/sangakkara/​ ​

12. පින්ච්පොයින්ට් - http://pinchpoints.blogspot.co.uk/2015/12/blog-post_12.html,http://pinchpoints.blogspot.co.uk/2015/11/blog-post.html


මීට අමතරව සිංහල බ්ලොග් සඳහා පමණක් පහත සඳහන් රුපියල් 5000 තෑගි වවුචර හා සහතික පිරිනමනු ලැබේ. මේ සඳහා යෝජනා වුන බ්ලොග් අඩවි ඉදිරියේදී ඉදිරිපත් කරන්නෙමු.

දේශපාලන - පළමු දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික

කවි /නිසඳැස් පළමු දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික

කාලීන සංවාද - පළමු දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික

 කෙටි කතා - පළමු දෙවන (රුපියල් 2500 වටිනා තෑගි වවුචර) හා තෙවන ස්ථාන (රුපියල් 1000 වටිනා තෑගි වවුචර) සහ සහතික

 විද්‍යා හා තාක්ෂණ - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික

 විද්‍යා ප්‍රබන්ධ - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික

 නවකතා - (බ්ලොග් ) රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික

 හයිකු - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික

 ප්‍රහසන - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික

 අතීත කාමය - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික

 සංගීතය රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික

 සංචාරය - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික

 ඉතිහාසය - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික

 ගෘහස්ත කරන - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික

 පරිවර්තන - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික

 18ප්ලස් - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික

 වීඩියෝ බ්ලොග - රුපියල් 5000 වටිනා තෑගි වවුචර සහ සහතික



බ්ලොගය - http://kolambagamaya.blogspot.com/2016/01/2016-2015-2016.html


.

19 comments:

  1. ඈක්ක.. දේශපාලන, කවි/නිසඳැස්, කාලින සංවාද හා කෙටිකථා කියන්නේ බ්ලොග් රචනා අතර අමාරුම හා වැඩියෙන්ම අගය කල යුතු නිර්මාණ.. ඒවාට පලවෙනි තෑග්ගට 2500ක් දෙනවා කියන්නේ මොන කුණු හබ්බයක්ද? හයිකුවකට රුපියල් 5000ක් දෙද්දී? මෙහෙම කරන්න කියමු. පලවෙනි තෑග්ගට 5000යි දෙකට 3000යි තුනට 2000යි වත් දුන්නනම්.. එතකොට තෑගි තුනටම යන්නේ 10000යි. දැන් ඔය 2500 දෙකයි 1000යි එකතු උනාම 6000ක් වෙනවනේ .. අඩු වෙන්නේ 4000යි. කැටගරි හතරටම 16000යි. ඔන්න ඕක මන් කොහෙන් හරි හොයල දෙන්නම් කියල අන්න ඒ විදියට කරන්න යෝජනා කරපල්ලා.. මන් තම අජියගේ පොස්ට් එක කියෙව්වේ නෑ. එතනත් මේකම කියන්නම්.

    ReplyDelete
    Replies
    1. අජිත් අයියාගේ කොළඹ ගමයා බ්ලොගයේ මේක ගැන විස්තර දාලා තියෙනවා... අපිත් මේ යෝජනාව ගැන දැනුම් දෙන්නම්..... ජයවේවා

      Delete
    2. හායි කිව්වට පස්සේ මේ හිතුවක්කාරයා තැන් තැන් වල ගිහිල්ලත් අඬනවා

      Delete
  2. හොද වැඩක් ජය වේවා!

    ReplyDelete
    Replies
    1. සිංහ...............

      උඩින් තියෙන ලින්කුවට යන්න... අජිත් අයියා සහ නෙලුම්යායේ පිරිස තමා මූලික මේ වැඩේට... ඒතැනට ගිහින් තව විස්තර කතා කරගන්න අැහැකියි.... ස්තූතියි අගය කිරීමට....

      Delete
  3. සින්හල දෙමළ කියලත් වර්ග කරලා. කමි යා කියලා තියෙන කතාව ඇත්ත.

    ReplyDelete
  4. සින්හල දෙමළ කියලත් වර්ග කරලා. කමි යා කියලා තියෙන කතාව ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ඔමා දෙමළ බ්ලොග් වලට සමාන අවස්ථාවක් දීම නං හොද වැඩක්.... ඒ වගේ ම මට තේරුණ විදිහට වසරේ බ්ලොග්කරු විතරයි දෙමළ කියලා විශේෂත්වයක් තියෙන්නේ...... අනික්වා සමාන ලෙස සලකනවා....... අපි මේ සාකච්ඡාව අජිත් අයියාගේ බ්ලොගය තුළටත් ගෙනියමු.....

      ජයවේවා

      Delete
    2. ඔමා මොකක්ද ප්‍රශ්නේ මෙතන. අපේ සහෝදර වෙබ් අඩවිය තමා තාමරි කුලම්. ඒ ගොල්ලන්නට ගොඩක් අඩවි නැහැ. ඒ නිසා තුනක් තෝරලා දෙනවා. මම නෙමේ තෝරන්නේ. මට දෙමල බැහැනේ. ඉංග්‍රීසි ඒවටත් ලබන අවුරුද්දේ සිට දෙනවා.

      Delete
  5. NGO එකක් මගින්ද මුදල් ලබාදෙන්නේ මෙතගි මුදල් වලට කියන්න අකමැතිනම් නොකියා ඉන්න අවුල් නැ
    නැතිනම් ඉතින් සල්ලි ආපු ක්‍රමයන් හොයන්න පොලිසියෙන් එයි

    ReplyDelete
    Replies
    1. අපි මේ සින්ඩියේ පළ කරලා තියෙන්නේ ඉහතින් දක්වා අැති බ්ලොගයේ අජිත් ධර්ම විසින් පළ කරන ලද ලිපියක් උපුටාගෙනය.... ඒ නිසා මුදල් වෙන්කරනා අාකාරය හෝ සම්මාන දෙන්න තෝරන අාකාරය හෝ අපි කියන්න දන්නේ නැහැ... ඒ ගැන ඔවුන්ගෙන් අැහුවොත් පැහැදිලි පිළිතුරක් ලැබේවි..........

      Delete
    2. ගිය වර මුදල් ලැබූ ආකාරය මගේ බ්ලොගයේ සහ ලනක්නිව්ස්වෙබ් අඩවියේ පලවූ ලිපි වලින් දමා ඇත. මේවට වියදම් කරන්නේ අපේ පෞද්ගලික මුදල සහ හිතවතුන් ගේ මුදල්ය. ඒ නිසා පොලෝසිය ආවත් පෙන්විය හැකිය.

      Delete
    3. දැන් අැනෝට සතුටු අැති...... අපි හිතනවා ප්‍රශ්ණය විසදුනාය කියලා...

      Delete
  6. සාර්ථකවේවා කියා පතමි.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. අපිත් හැකි සහයක් දෙමු..... ලලිතුත් ඒදාට ඒන්න සූදානම් අැතිනේ......

      Delete
  7. Replies
    1. ඩ්‍රැකියෝ............

      අපි නෙලුම් යායට කියමු...ජයවේවා

      Delete
  8. කුරුටු මල්ලිලා, නංගිලා මේක දැම්මට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. තව තවත් දේවල් කරනවා ඉදිරියට මේ වෙනුවෙන්...ජයවේවා

      Delete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........