Thursday 22 October 2015

රාමා මේවා දන්නෑ වාල්මිකී......


වාල්මිකී උඔ දන්නෙ නෑ
මවු යෝනියකින් මිසක
නගුල් ලීයෙන් දරුවන් නූපදින බව..........

වාල්මිකී උඔ දන්නෙ නෑ
කෛකෛගේ දුස්ට කම් වලට
දඩුවමක් දිය නොහැකි තරමටම
දශරථ ස්ත්‍රී ධූර්තයෙකු බව.......................

වාල්මිකී උඔ දන්නෙ නෑ
රාජධානියක් භරතට දී
අත පිහදාගන්න තරමටම
රාම බියගුල්ලෙකු බව...................

වාල්මිකී උඔ දන්නෙ නෑ
රාමගේ නැට්ට වගේ
ලක්ෂ්මනයා කැලේට ආවෙ
මං ගැන පිස්සු වැටිල බව...........

වාල්මිකී උඔ දන්නෙ නෑ
පිනට හම්බුනු සැපත් නොතකා
රජ පුටුවෙ සපත්තුවක් ඉන්දවපු
භරත මන්ද මානසික දරුවෙකු බව............

වාල්මිකී උඔ දන්නෙ නෑ
මෙච්චර ගෑනු ඉන්න රටක
මං පස්සෙම ඇවිත්
මහා මිනිස් සංහාරයක් කරපු
රාමට පිස්සු බව......

වාල්මිකී උඔ දන්නෙ නෑ
චාලි මරවලා තාරාදේවි බේරගන්න
රාම ලඟට දුවන් ආපු හනුමා
ඇගෙ අනියං සැමිය බව.................

වාල්මිකී උඔ දන්නෙ නෑ
හුඹහක් උඹ වටේ එතෙනකං
ඒකවත් නොතේරුන
උඹ මහ මැටි හරකෙක් බව..............

වාල්මිකී උඔ දන්නෙ නෑ
අහස් යන්තරයක් හදපු
පලවෙනි මිනිහ දුෂ්ටයෙක් කියල
පචයක් ගොතාපු උඹ
සේරටම වැඩිය දුෂ්ට බව....................



ඩබ්.කේ ලියපු අමුතුම අමුතු කවිය
හැමෝට ම පෙන්නන්නයි 
මෙතනට ගෙනාවේ.......
වෙනස්කම් දෙකක් කරා
මාතෘකාවක් දැම්මා රූපයක් දැම්මා
ඩබ්.කේ තරහා වෙන ඒකක් නෑ......

ලින්කුව - http://wkwijeratna.blogspot.com/2015/10/blog-post.html?showComment=1445508269011#c3398041954485897395

12 comments:

  1. harima ageyi sthuthi bedaagaththata

    ReplyDelete
    Replies
    1. හරිම සුන්දර... අමුතු ලියැවිල්ලක් නිසා බෙදා ගන්න හිතුණා....

      Delete
  2. හිතවත් කුරුටු සින්ඩි හිමිකරු වෙත
    මාගෙ බ්ලොගයත් මෙහි ඇතුලත් කරන මෙන් ඉල්ලා සිටිමි
    කවි නිසදැස්
    www.yayawatta.blogspot.it
    sayunisaneli@gmail.com

    සයුනි
    ස්තුතියි

    ReplyDelete
  3. වැඩේ නියමයි කුරුටු සහෝදර වරුනි.

    ReplyDelete
  4. මේක තමයි ඇත්ත. හරිම අගෙයි

    ReplyDelete
  5. http://otukatha.blogspot.com/
    ඔන්න ඔටුවත් රිංගුවා..

    ReplyDelete
    Replies
    1. ඔටුවෝ දැනටමත් ඉන්නවා නේද???? නැත්තං කියන්න..... දාන්නම්...

      Delete
  6. මගේ එකක් මේකට ඇතුලත් කරගත්තට ස්තුතියි මචන්...

    ReplyDelete
    Replies
    1. අපේ ප්‍රමාණය............

      Delete
  7. මගේ කවියට පබිලිසිටියක් දුන්නට තැන්කු

    ReplyDelete
  8. බොහොම වටිනවා

    ReplyDelete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........