Wednesday 23 September 2015

වර්ණගෙයි සබරේ අැනෝගෙයි අලුත්ම උත්සහය.......

ඔන්න ඉතින් එහෙනම් හා හා පුරා කියලා එකෝමත් එක කතාවක් පටන් ගත්තා.  හැබැයි ඉතින් මේකත් අර ලස්සනම ලස්සන කුමාරි බලන්න රාස්සිගේ බෙල්ල කපල අස්ස ගුඩුං ආපු කුමාරයාගේ කතාව නම් නෙවෙයි ඕං.මෙලෝ රහක් නැතුව ලබ් ඩබ් කියල ගැහෙන අපේම හදවත්වල රිද්මය හෙයාගෙන යන, කළු සුදු හිත්වල අළු පාට හොයන ඔයාගෙයි මගෙයි කතාව.












කවිපද හතරක හිරකරන්න බැරි කොයිතරම් හීන කන්දක් අපි හැමදාම පාට 
කරනවද, උදේ පාන්දර වලාකුළු අතරින් රත්තරන් පාටට කවුළුවක් ඇරියා 
වගේ ඉර එළිය වැටෙද්දී අපි අතර කී දෙනෙක් නම් ලස්සනම ලස්සන අශ්ව 
කරත්තයක නැගුණ ලස්සන කුමාරිකාවක් කුමාරයෙක් එතනින් ඒවි කියල 
තවමත් බලාගෙන ඉන්නවද (එනවටම නෙවෙයි ඉතින්)  අවුරුද්දට කොහා 
එක්ක අපි කී දෙනෙක් නම් තවමත් තරගෙට කුහූ කියනවද..... හ්ම්ම් .... 
ඉන්ජෙක් වෙච්ච ඉවාන් අයියට මාතා අයියට කවදාවත් හිතිලම නැද්ද කඳු 
දෙකේ දෙපැත්තට ගිහින් දේදුන්නේ කොන හොයන්න... අපි හිනා වුණත් 
ඒත් මේ අපි අපිම නේද? මේ සම්මුති සමාජය ඉරි ගහල කොටු කරපු අපේ 
ජීවිතවල මොන තරම් නම් හැඩතල තියෙනවද. 
වෙලාවකට අපි අපිවම හොයනව.

යාළුවනේ එකෝමත් එක පණගහන්නේ ඔයයි මායි ජීවත් වෙන මේ 
පොළව උඩ ගෙන්දගම් රස්නෙට කරවෙලා ගිය මිනිසුන්ගේ සුවඳ හොයන්න 
එයාලගේ කළුසුදු හීනවලට පාට කවල නිදහසේ ඉගිල්ලවන්න. එහෙනම් ඉතින් 
ඔන්න වර්ණ කුලකයේ වර්ණයි, මිත්‍ර වර්ණයි (සබරේ ඇනෝ) 
බලාගෙන ඉන්නවා  එකෝමත් එක... කතාවක් කියද්දී හූ මිටි තියන්න, 
ලුණු ඇඹුල් එකතු කරන්න සයිබරයේ යාළුවෝ ටික නැගම් එනකන්...

ප.ලි. තරහ ගන්ට එපෝ අනිත් යාළුවන්ගේ ජොබ් එක හොයාගන්ට බැරි උනෝ...

ලිව්වේ - මිත්‍රවර්ණ (සබරෙ ඇනෝ)

ලින්කුව - http://ekomatheka.blogspot.com/

.

14 comments:

  1. මොකක්ද මේ වර්ණ හුටපටේ.. කුලක වර්ණ නම් කියවනවානේ.. මිත්තරාවිය (මං හිතන් ඉන්න විදියට) නම් මෙච්චර කල් දැක්කේ කොමෙන්ට් වලින් විතරයි.. ලෙට්ස් සී.. දැට් එකෝමත් එක :)

    ReplyDelete
    Replies
    1. කමියා................ මේක ටිකක් දිග කතාවක්... මුලින් ම සබරේ අාවේ කමෙන්ටු වලට විතරයි.... පස්සේ වර්ණ කුලකයේ වර්ණත් ඒක්ක සෙට් වෙලා දැන් කීප දොහක ඉදන් කවි ලියනවා...... ඒ බ්ලොගය දැන් දෙන්නාම කරන්නේ.. හොද සුසංයෝගයක්.... දැන් ඔවුන් පටං ගත්තු කතා ලියන බ්ලොගය තමා මේක... ගිහින් බලන්න

      Delete
    2. කල්‍යාණ මිත්‍රයෝ කුලකය පැත්තෙයි එකෝමත් එක පැත්තෙයි දිගටම ඇවිත් බලහංකෝ හුටපටේ කොහොමද කියලා..
      ජයවේවා කමියා / ගී පවුර

      Delete
  2. Replies
    1. ඔවුන් වෙනුවෙන් භාරගන්නම්..... ඒ පැත්තට ගිහින් බලන්න

      Delete
    2. ස්තූතියි
      ජයවේවා

      Delete
  3. අතහිත වෙනුවෙන් කුරුටු ගෑ ගී පවුරට හදපිරි තුති පිරිනමමු...
    තවත් අප වන් බ්ලොග් වෙත මෙසේ දිරි දෙන්නට අවස්ථාව ලැබේවා
    ජයෙන් ජයවේවා!

    ReplyDelete
    Replies
    1. මේවා යුතුකම් බොලව්.... අපි අද බ්ලොග් ලෝකේ පය ගහලා ඉන්නෙත් උදව් කරපු ඒවුන් නිසාතමයි....

      Delete
    2. තැන්කු කරුට්ටෝ අපි දෙන්නම වෙනුවෙන් වර්ණ වගඋත්තර බදින නිසා මං නාවට තරහ ගන්ට එපෝ.

      කුරුට්ටා ඉතින් ගමේ යාළුවනේ....

      Delete
    3. අාය............ අාය.................. තරහා වෙලා කොහොමෙයි...........

      Delete
  4. ඔන්න ඉතින් අපෙත් සුබ පැතුම්....

    ReplyDelete
    Replies
    1. භාරගත්තා ඒ ඩබල වෙනුවෙන්......... තැන්කූ

      Delete
  5. රතු හිතුවක්කාරයා
    https://rathuhithuwakkaraya.wordpress.com

    ReplyDelete
    Replies
    1. දැම්මෝ..................

      Delete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........