Saturday 5 September 2015

මනාගේ පළමු පෝස්ට් එක...............

මනා දකින විදිහට මනා කියනනෙ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න හෙන අහිංසකයෙක් :p. ඒකෙන් වැඩක් නෑ ඉතින්. කොහොමහරි මේ පෝස්ට් එකෙන් කියන්න හදන්නෙ ඉස්සරහට මනාගේ පින්තාරුව හැඩ කරන්න හිතන් ඉන්නෙ කොහොමද කියල. 

මනා ටිකක් සංගීතයට බර කෙනෙක්. ඉතින් ඔයාලට සංගීතය ගැනත් දැන ගන්න පුළුවන් වෙයි. ඒ වගේම නවීන තාක්ෂණික දැනුම සහ පරිගණක ආශ්‍රිත දැනුමත්, තව විවිදාකාර දේවල් ගැන දන්නා තරමින් ඔයාලට දැනුම ගෙනත් දෙන්න තමා හිතන් ඉන්නේ.හැබැයි මේ බ්ලොග් පිටුව එක දේකට කොටු කරන්න මනාට හිත දෙන්නෙ නැ . එහෙම උනොත් මනාගේ පින්තාරුව ලස්සන වෙන එකක් නෑ කියල හිතෙනවා. පින්තාරුව ලස්සන වෙන්නෙ එකට විවිදාකාර පාට එකතු උනහමනේ ;).

මේක කෙටි පෝස්ට් එකක් තමා :D. එත් එකෙන් මනාගේ ඉදිරි දැක්ම ගැන සරලව දැන ගන්න පුළුවන් උනානෙ ;). අපි ඉදිරියට හොඳ පෝස්ට් එකකින් හම්බෙමු. ඔයාලගේ නොමද සහයෝගය හැමදාටම මනා බලාපොරොත්තු වෙනවා. එහෙනම් ජය වේවා හැමෝටම!!! .

මේ පොස්ටුවේ නමත් මේකමයි.
මීට අවුරුද්දකට විතර කලින් 
මනා ලියපු පළවෙනි පෝස්ටුව
කමෙන්ටු ඒකක්වත් නැතුව
පාලුවෙන් ඉන්නවා තාම..................

ගියොත් ඒ පැත්තට 
මනාගේ පළවෙනි පෝස්ටුවට
වටිනාකමකුත් දීලා ම ඒන්න...............

6 comments:

  1. මනාගේ ගේ නොමනා වැඩ ගැනත් ලියපල්ලා.. එළ එළ.. :)

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි.... ඉස්සල්ලා මනාත් මේ පැත්තට අාපු දැන්කෝ... නැත්තං ඉතින් නොමනා අමනා වෙයි මෙතන....

      Delete
  2. අඩේ කුරුටු :D. මං මේක දැන් දැක්කෙ. බොහොම ස්තුතියි මගේ පළවෙනි පෝස්ට් එක ගැන කිව්වට අනිත් අයට. ගොඩ කාලෙකින් බ්ලොග් එකට ගොඩ වැදුනෙ නෑ.

    ඔබතුමාගේ කමෙන්ට් එකත් දැක්කා වර්ණගේ පද වැල් ටික ගැන දාපු. වර්ණගේ අකමැත්තක් නැත්තම් මට ඒක ගීතයක් විදිහට නිර්මාණය කරලා දෙන්න පුළුවන්.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. වර්ණ කීවෙ වර්ණ කුලකය ලියන කෙනා. (නැත්තං වර්ණ ලියන දිනේෂ් බලයි මොකද්ද ඒ හරුපෙ කියලා)

      Delete
    2. මනා......... ලොකු දෙයක්...... මුලින් ම අපි මේක සින්දුවක් කරමු.... වර්ණටත් මං පණිවුඩය දෙන්නම්...... ඉක්මනට ම වැඩේ පටාංංංංංංංංංංංං ගමු......... ජයවේවා....

      Delete
    3. ගොඩක්ම ස්තූතියි ගී පවුරේ...

      Delete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........