Friday 24 July 2015

කමියා ලියපු පළවෙනි කවිය...................

කමියාගේ බ්ලොගයේ
දෙවැනි පෝස්ටුව
පළවෙනි ම කවිය
හරිම සුන්දරයි......
ලස්සන කතාවක්.................



හොරකං කරල දෙසීයක් 
ගෙදරක පුංචි කොළු ගැටයෙක්
අහුවෙලා අම්මාට- පුච්චලා අතක්
ආයෙ නොකරන්ට හොරකමක්
ගොසිප් ලංකා පුවතක්..

ඇවිල්ලා ළමා රක්ෂණෙං 
අම්මාව ගෙනිහින් කුදලං
දැම්මාලු කූඩුවේ දැන් කූරු ගැනපං
නොකරන්න ආයේ මේ වගේ 'අනුවේදනීය' 
රජකාලේ දඬුවං..

දුවනවා මයේ හිත හැල්මේ.. තිස් අවුරුද්දක් එපිට අතීතෙට..
මොනවද මංදා කියනවා.. දැනෙනවා අමුත්තක් නුහුරට..

ඉන්නවා පොඩි උන් තුන්දෙනෙක්
ලොකු එකා ගහක අත්තක් උඩ පොඩි උන් දෙන්න බිම ඇණ තියාගෙන..
රජ්ජුරුවෝ උඩයි උඩයි.. මොකක්ද කරන සෙල්ලම..
අයියෝ.. ඒ පොඩිම එකා මම නේද අක්කත් එක්ක බිම දූවිලි නාන..

මල්ලී ගෙනෙං බිත්තර දෙකක් කූඩුවෙං විකුණමු අල්ලපු ගෙදර අන්ටීට..
අපි තියමු 'ටූනමන්ට්' එකක්, බෙදමු බුල්ටෝ, සීනි බෝල දිනන උන්ට..


සුපිරි තරඟාවලියක්.. හවස් වෙනකොට හෙම්බත්..
'ස්පොන්සර්' අල්ලපු ගෙදර ඇන්ටී.. අපේම බිත්තර සල්ලි වලින්..
කියන්නේ කොහොමද අම්මාට..
නොකිය ඉමු අපි 'මැරුවත්'..සපථයක්...

"අනේ අක්කේ දවාලේ.. ගත්තානෙ මං බිත්තර දෙකක්...
සල්ලි දුන්නානෙ 'කළු මහත්තයට'.. හලාගෙනද දන්නෙ නෑ කොහෙවත්.."

"අම්මේ.. ඒක...මම..අරගෙන..එනකොට... ප..ප..පැ..පැන්නානේ..නයෙක්..අහසින්.. "
අළුත් තේ දර හරිම සුවඳයි..සනීපයි වදිනකොට තේ ඉපලෙන්..

තව කොහෙද මූ ලොකු උනාම.. ගලවපන් කලිසම.. ගෙනෙන් මට ලනු කෑල්ලක්..
බොරු කියනවද තෝ ආයෙත්.. කෝ ගෙනෙං පොඩි එකී අඹරපං මිරිස් ගුලියක්...

ටයිප් කරන්න අමාරුයි.. ඉතුරු ටික.. ඇස් පියන් පෙඟවෙලා.. තිස් අවුරුද්දකට පසුවත්..

"යුත්තේ යුත්තේ.. පජ්ජලතී.. පජ්ජලතී.. ගිහින් වරෙන් පුතේ..පරිස්සමින්.."
අපේ පොඩි එකා දැන් හොඳ තැනක.. තුණුරුවන්ගේ පිහිටෙන්..
අපරාදේ කියන්ඩ බෑ අදටත්.. දනගහනවා.. ඕන මහ සෙනගක් මැද්දෙත්..

ඇඬුනේ මට ඇයිද මංදා.. හරියටම තාමත්..
අනේ පොඩි එකෝ තව තිස් අවුරුද්දකින්.. වඳින්නේ උඹ කාටද..
අම්මටද.. ළමා රක්ෂනේටද නැත්නං..



බ්ලොගයට යන්න - http://kalahitha.blogspot.com/2014/08/blog-post.html


.

6 comments:

  1. ඌප්ස්.. මේකනම් කවුරුවත් දැකල තියෙන්නත් නැතුවැති.. ස්තූතියි කුරුටු සින්ඩියට.. බොක්කෙන්ම

    ReplyDelete
    Replies
    1. අපිටත් ඔ්න ඒකමයි කමියෝ................ අපේ බ්ලොග් අැතුලේ හැංගිලා තියෙන සුපිරි නිර්මාණ තියෙනවා.... සමහර ඒවා ගොඩක් අයගේ මුල්කාලේ නිර්මාණ... ඒවා කවුරුත් දැකලා නැහැ..... තවත් සමහර ඒවා ටිකක් පරණ වුණත් මේ කාලෙට හරියට ම ගැලපෙනවා..... ඉතින් ඒ විදිහට හැංගිලා තියෙන බ්ලොග් පෝස්ට් අායෙමත් කරළියට ගෙන ඒන්නයි අපි මේ උත්සහ කරන්නේ......

      Delete
  2. නෙත් අග කඳුළු
    රහසින් මටත්
    රූරා වැටුනෙ
    සිහිවී මගේ
    ළමා කාලය යළිත්
    පේර කෝටු පාර
    මතු කළා එදවස
    කකුල පුරා පාරවල්
    නොහඬා හඬා
    හැදුවේ මං
    හංගන්නයි කඳුළු
    අද මගෙ දෙකොපොලේ
    රූරා වැටෙන කඳුළු
    අම්මේ බුදු මව්නි,
    ඔබ නමිනි..

    ReplyDelete
    Replies
    1. කමියා මේ කතා කරන දේ හරි වැදගත් මාතෘකාවක්.... අැත්තට ම ප්‍රියන්ති කියනවා වගේ අම්මලා ළමයින්ට දඩුවම් කරන්නේ රටෙන් ලෝකෙන් දඩුවම් නොලබන්නයි...... ඒත් අද ඒකත් නීතියට යට කරලා........ ඉතින් හැදෙන උන් ගැන බලාගන්න වෙන්නෙත් නීතියටම තමා......

      Delete
  3. Replies
    1. ඔව්................... හැංගිලා තිබුණ කමියාගේ කවියක් මේක...... පළවෙනිම කවිය.....

      Delete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........