Saturday 11 July 2015

කසුට්ටාගේ පළවෙනි කවිය ....................

2014 ඔක්තෝබර් 05 වෙනිදා 
පටන් ගත්තු කසුටු බ්ලොගයේ
05 වෙනිදාම ලියපු
පෝස්ටුව

තවත් විදිහකට කියනවානම්
කසුට්ටාගේ කසුටු බ්ලොගයේ
පළවෙනිම කවියේ 
මෙන්න මේ විදිහට 
ලියැවිලා තියෙනවා...........



එබී බලන්න.....
තව එකම එක වතාවක්
දඟකාර ඔය හිතට
එදිනට ඔබට හැගේවි.....
හිතට හොරෙන් සෙනෙහසක්
සෙමෙන් පූදින අයුරු
සත්තමයි ඔබට දැනේවි.......
ආදරය පූදින අයුරු
මේ සොදුරු තාරුණ‍ය්‍යෙ
පිළිගන්න ඔබේ දිවි මගට මාව
කිසිදාක ඔබ නොදැන සිටිය මුත්
රත්තරං.......ළබැදිය
මම විතරක්ම තනියම 
ඔබේ සෙනෙහස ගැනම සිතුව හැටි
මහ සයුරටත් එහා......
විසල් ආකාසෙටත් වඩා.....


කිසිදාක ඔබේ හුරුබුහුටි සිත.....
නොපැතු පතුම් ගොන්නත් මමයි
නොසිතු සිතුමන් බින්දත් මමයි
අනේ ඔබ ගැන දිනක
අනන්ත විශ්වයටත් වඩා
නෙතු පැතූ කථන්දර
සිත ගෙතූ සිහින වැල්
සිදදමාලන්න නම් එපා 
ඔබේ ආදරයෙන් දුරස් වු ජීවිතය.....
පාලු කලු හිස්තැනක් වී තියේවි......
රත්තරං.......සදහටම......



http://katusuhadawatha.blogspot.com/2014/10/blog-post_5.html


.

6 comments:

  1. නෙත් කෙවෙනි දෝරෙ යන
    මත් සිහින පුරාවට
    මං පැතුවෙ ඔබම බව
    කියන්නට බැහැය අද
    ගොළුය මුව සදහටම
    නොනිමි දිවි තලාවම
    පැතුමකින් ඔකඳ කළ
    ඔබ යළිදු දකින්නට
    ඉමි සසර පුරාවට

    ReplyDelete
    Replies
    1. අගේ අැති පද ටිකක්..... ඒත් මේ වර්ණනාව ලැබෙන්න ඔ්නේ අපේ කසුට්ටාට නිසා කසුට්ටා අාවාම උත්තරයක් ඉල්ලා ගනිමු...

      Delete
    2. කුරුටු පවුලේ සියල්ලෝ වෙත සෙනෙහසිනි,
      ඉස්සල්ලම සමාවියල්ලා මට පරක්කුවුනාට.මේ දවස්වල ජීවිතේ මහපාරේම ගෙවෙන නිසා ජංජාලගත වෙන්න තියන ඉඩ හරිම අඩුයි.මේ කරපු ඇගයීමට ගොඩක් ස්තූතියි පවුරේ හැමදෙනාටම.නවකයෙක් වුන මට මේතරම් දුරක් එන්න අත්වැල සපයපු ගොඩදෙනෙක් ඉන්නවා.මගේ බ්ලෝග් ගුරුවරු වුන "මාතලන්" සහ "අටමා", මගේ පළමු කමෙන්ටර් උන දවසේ ඉදන් හැමපෝස්ට් එකකටම පාහේ ඇවිත් කියවලා අදහස් දක්වන "රූපේ", නවකයෙක්වුන මාහට මිත්‍රත්වයේ දෑත් දිගුකල "තනිතරුවා" ,"මනෝශ්"හා හැමවිටම මාව දිරිගැන්වූ "අරූ අයියා" මේ වෙලාවේ අමතක කරන්නම බැරි චරිත හැමදාටම.ඒ උඹලා හැමදෙනාටමත් ගොඩක් ස්තූතියි මෙතනදී මාව තනිනොකලාට.තාමත් කවියෙක් කියලා නොසිතෙන මගේ පද හරඹ මේ විදිහට අකුරුකරන්න මග පෑදුව ඇයටත් ගොඩක් පිං.ඇය මාව අත්හැර නොගියානම් අදටත් මම අවුරුද්දට එක පාරක් උපන්දින සුභ පැතුම්පතක පද කුරුටුගාන මැශිමක් විතරයි.

      කිචියෝ,සඳමාලියෝ,මලියෝ ...කුරුට්ටන්ගේ සටහන දැකලා මෙතනට ඇවිත් අදහස් දැක්වූවාට උඹලා හැමෝටම ගොඩක් ස්තූතියි.ආයිමත් මට මේ ඇගයීම ,අවස්තාව ලබල දුන්න කුරුටු පවුලේ මිත්‍රත්වයට ස්තූතියි මාත් එක්ක ඉන්නවාට මේ විදිහට.ඒ මිත්‍රත්වය හැමදාටම ඒ විදිහට තියෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.....

      Delete
    3. ස්තූතියි කසුට්ටෝ.............. මේ වචන වලට

      Delete
  2. කසුට්ටා සුන්දර හිතක් තියන මනුස්සයෙක්..
    දැන් කූරැට්ටෝ ලියන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ලියනවා මෙන්ඩෝ............... අසංක අයියා කසාදයක් කරගන්න ලැහැස්තිය.... ඉතින් දැන් හොයන්නවත් නැහැ... අනික් අයත් ටිකක් හිරවෙලා....... හිර අඩු කරගෙන කොහොම හරි ලියනවා මෙන්ඩෝ........ උඹලා ඉන්නකල් කොහොමද නොලියා ඉන්නේ

      Delete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........