Wednesday 20 April 2016

හයිකු අයින් කරමුද.........????????



ඇත්තට ම හයිකු කියන්නේ මොනවද
පද පේළි තුනකටද
පළවෙනි පේළියට අකුරු / මාත්‍රා 5ක්
දෙවැනි පේළියට 7 ක් 
ආයෙම 5ක් ලිව්වා ම හරිද...................

මොනව ද හයිකු වල තියෙන කිරු
මොනව ද මේකෙදි කපන්නේ
මොනව ද මේ සමීප දේවල් දෙක
මොනව ද මේ ඡේදනය වීම් කියන්නේ......

ඍතු කියන්නේ ස්වාභාවයනේ
ඍතු ගැන ඇයි කවි ලියන්නේ
ඍතු විතරනං මදෑ ඇයි මේ සත්තු
ඍතු ගැන කියන්න ඇයි ගස් ජාති.............


හයිකු ගැන ලියූ සටහනක් හරහා හැදුන හයිකු සංවාදයක් කුගෑගීප තියෙනවා. හයිකු ගැන කතා කරන්න ඒ පැත්තට එන්න. අපි දකින විදිහට මේ වෙලාවේ මේ සංවාදය මෙච්චර වැදගත් වෙන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. හයිකු නෙලුම්යායෙන් අයින් කරන්න යන සංවාදයකුත් තියෙන නිසා මේක කළ යුතු සංවාදයක් කියලා අපි හිතනවා. අයින් කරනවානං අයින් කරමු... හැබැයි ඒක හරවත් විදිහට කතා කරලා සාධාරණ එකගතාවයක් උඩ කරමු............... 

මෙන්න සංවාද ලින්කුව - http://kurutugegeepawra.blogspot.com/2016/04/blog-post_19.html



කුගෑගීප

29 comments:

  1. කව්ද යකෝ හයිකු අහක් කරන්න යන්නේ..

    ඒක හරි බං.. තාම හයිකු හරියට ලියන කීප දෙනයි ඉන්නේ.. අන්ත් හැමෝම කෙටි කවි ලියන අය.. හයිකුවක පද පේලි ගාණ අපි සිංහලනේ නොබැලුවත්, ඒකේ අදහසත් එක්ක හයිකුවක්ද නැද්ද කියල කියන්න පුළුවන්.. ප්‍රා ජේ හයිකු වල කන්ටෙන්ට් එක හරියටම අලල්ල කියල නං මං හිතනවා.. ඇයි මම... ඔව් ඩෝ මාත් හයිකු ගැන දන්න සෙද්දක් නෑ.. හැක්.. ජය.. ඒ පෝස්ට් එක හොදා.. නමුත් හයිකු ගැන හොදින් කරූණු කාරණා දන්න අය ඒකට ප්‍රතිචාර දීල නෑ..

    ReplyDelete
    Replies
    1. කවුද බං ඔය කියන හයිකු ගැන හොදට දන්න අය.... මං දන්න තරමින් හෙන්රි අයියා හොද සංවාදයක් කරා. අජිත් අයියා සම්මාන උළෙල සදහා හොයපු විස්තරත් එක්ක මේක ගැන කතා කරා. කමියාත් ඒ පදනමෙන් ම කතා කරා. තරු රසී හයිකු ගැන දන්නා දේ ගෙනැත් එකතු කරා. උඹත් ඒ ගැන කතා කරා. මහේෂ් සමහර දේවල් පෙන්නා දුන්නා. සද වියමල් ජපන් භාෂාව සහ හයිකු වලට ඇති සම්බන්ධය ගැන හොද සාකච්ඡාවක් ඇති කරා.

      තවත් බ්ලොග්කරුවෝ බොහොමයක් ආවාට හයිකු වලට සම්බන්ධ ව අලුත් දේවල් ගෙනැවිත් කතා කරපු අය විතරයි මං උඩින් කිව්වේ.....

      මට චුට්ටක් කියහංකෝ බලන්න හොදින්න කරුණු දන්න කවුද එතනට ආවේ නැත්තේ කියලා......... දැන ගන්න ආසයි බං.......

      Delete
    2. උඹ මහ මෝඩයෙක්.. හැක්

      Delete
    3. නෑ බං උඹ කියන්න ගිය එක කියනවානං තමා මං කැමති..... මොකද උඹේ උත්තරේට මගේ ගාවත් උත්තරයක් තියෙනවා........ කැමතිනං කියහං........

      Delete
  2. ඔච්චර හිත හිතා ඉන්නේ නැතුව ඔන්නොහෙ අයින් කරලා දාමු. හැක්

    ReplyDelete
    Replies
    1. උඹ විහිලුවට කියන්න ඇත්තේ........

      හයිකු සහ මිනිකවි කියන අංශය අයින් කිරීමට හිතුවේ ඒකට තෑගි ගන්න කවුරුත් ආවේ නැති නිසානේ..... ඒක මචං සාධාරණ හේතුවක් නෙමෙයි. අනික තමා දෙවැනි අවස්ථාවෙදිත් අපි උපරිම සාර්ථක වෙනවාමයි කියලා එකක් නැහැනේ මචං..... මේක අපි දැකිය යුතු එක දුර්වලතාවයක්. හැබැයි හයිකු ගැන අපි හිතුවාට වඩා හොද සංවාදයක් හැදුණා. අපි විශ්වාස කරනවා මේක මීට වඩා ලබන වසර තුළ නැගිටලා පණ ගහලා ඒවි කියලා. මචං හැමදාම ලියැවෙන දේවල් වලට විතරක් සම්මාන දීම හරහා අපිට කවදාවත් අලුත් මානයක් විවෘත කරන්න ලැබෙන්නෑ..... හයිකු සහ මිනිකවි කියන්නේ මේ වෙලාවේ බ්ලොග්කරණය තුළ නොදියුණු දෙයක් වෙන්න පුළුවනි...... ඒකම තමා අපි ඒක රැකගත යුත්තේ.....

      මොකද කමියා අපි ලොකු චිත්‍රෙයන් බ්ලොග් දිහා බලද්දිත් සමස්ථ මාධ්‍යකරණය තුළ බ්ලොග් කියන්නෙත් බ්ලොග්කරණය තුළ හයිකුවක් කියලයි මටනං හිතෙන්නේ....... ඒ නිසා බ්ලොග්කාරයෝ හැටියට අපිට වගකීමක් තියෙනවා හයිකු සහ කෙටිකවි/මිනිකවි අංශය රැකගන්න.......

      උඹේ අදහස අපිට පොඩි පට්ටම් කරන්න අවශ්‍ය නැහැ.. මොකද මේ වෙනුවෙන් මැරුණේ උඹලා...... තෝරලා උන්ට බුලත් දීලා වැදලත් පැත්ත බලපු නැති උන් ගැන උඹට ලොකු තරහක් ඇති. ඒත් උන් දිහා පුංචි නොතේරෙන දරුවෝ දිහා බලනවා වගේ බලහං....... එතකොට දුක නිවේවි.........

      Delete
  3. මමනම් හයිකු ගැන මොකවත් දන්නෑ. ඒ නිසා මට රසවිඳින්න පුළුවන් කවි විතරයි බලන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒත් එහෙම කියලා බැහැ. දැන් අජිත් අයියා කියලා තියෙන විදිහට විචාමාමා කියන්නේ ජජ් පැනල් එකේ සාමාජිකයෙක්.... ඉතින් හයිකුව අයින් කරන්න විචාමාමා එකගද කියලයි අපි මේ ප්‍රශ්ණ කරන්නේ....... මේ ගැන අර පෝස්ටුව අස්සේ තාම සාකච්ඡාව විවෘත ව තියෙනවා... ඇවිත් අදහස් කිව්වොත් හොදයි කියලයි හිතෙන්නේ..........

      Delete
  4. චෑ...තෑග්ගක් ගන්න හැදුව විතරයි

    ReplyDelete
    Replies
    1. මං උඹට දැන් දෙතුන් වතාවක් කිව්වා උඹේ රස්සාවත් එක්ක හයිකු ගැලපෙන්නැ කියලා...... තෑගි කෙසේ වෙතත් රස්සාව ගහලා යයි බොල...

      Delete
  5. අයින් කරන්න? ඩිෆෙන්ඩරයක් යන්න ආසද? ;)

    ReplyDelete
    Replies
    1. අන්න කොල්ලෝ.............

      Delete
  6. http://topsybur.com/feeds/posts/default?alt=rss මෙන්න මගේ ලිපිනය මේක දාන්න

    ReplyDelete
    Replies
    1. මේක දාන්න මං උත්සහ කරා...... ඒත් අප්ඩේට් දෙන්න බැහැ කියනවානේ....

      Delete
  7. මගේ බ්ලෙග් අඩවියත් එකතු කරන්න


    http://shanthakherathartist.blogspot.com/

    http://shanthakherathartist.blogspot.com/feeds/posts/default

    shantha k herath

    shanthakh@gmail.com

    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔබේ අඩවිය හොයාගත්තේ දින කීපයකට කලින්........ ඒ ගමන් ම සින්ඩියට දා ගත්තා..... දෙවැනි පේළියේ තියෙනවා....

      Delete
  8. හයිකු කවි රස විඳින්න නම් පුලුවන්...ඒත් විසිරි මිණි වගේ කවි පොත් හදාරලා හයිකු ලියන්න මාත් උත්සාහ කලා...සමහරක් විට අපේ බස කෙටි කවි වලට වඩා දුරයන බසක් නිසා වෙන්න ඇති..මට අමාරුයි ලියාගන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි.............. තවත් උත්සහ කරන්න.... අකුරු ගාන ගැන හිතන්න එපා. ඒක අස්සේ හිර වෙන්න එපා. හයිකු වල තව හිතන්න පැති සහ ලියන්න දේවල් ඕන තරම් තියෙනවා. ඇත්තට ම හයිකු කියන්නේ ජීවිතේ කුරුටු ගානවාටමයි....... ඒ නිසා හයිකු කියන්නේ අකුරු කීපයක් කරගන්න එපා..... තවත් උත්සහ කරන්න.... පළමු හයිකුව ලියපු දාට අපිටත් කියන්න....

      Delete
  9. හයිකුක්කු එපා..

    හික්ක්..


    ජයවේවා"

    ReplyDelete
  10. හයිකුක්කු එපා..

    හික්ක්..


    ජයවේවා"

    ReplyDelete
    Replies
    1. හිටින් කියන්නං මං...........

      Delete
  11. හයිකු සිංහලෙන් ලියන්න හදන එක සරල ෆන් එකකට හොඳයි එත් සීරියස් කරන්න අවශ්‍ය නෑ.මේක වෙනමම සංස්කෘතියක අංගයක්..
    කවදාවත් ජපන්නු සඳැස් ලියන්න ට්‍රයි කරයි කියල හිතනවද?

    ReplyDelete
    Replies
    1. නැහැ අපි සීරියස් කරලා බලමු.......... ජපන්නුන්ටත් ඕනේ නං සදැස් ලියයි. අනික සදැස් කියන්නේ අපිට තනියම අයිතිය තියෙන දෙයක් නෙමෙයි.

      අනික මචං අපි කවි ලියන බ්ලොගයක් නිසා විවිධ කවි වර්ග ගැන හොයා ලැබීම අධ්‍යයනය කිරීම වැදගත්. ඒකෙන් අපිට තව තවත් නිර්මාණාත්මකකමක් හදා ගන්න හැකියි. මචං දෙයක් ගැන ඉගෙන ගැනීම හොයා බැලීම අවුලක් නෙමෙනේ....

      සදැස් ලියන එක පැත්තකින් තියහංකෝ..... සාමාන්‍යෙයන් ජපන්නු ඉංග්‍රීසි කතා කරන්නේ නැහැනේ... ඒත් සිංහල ඉගෙන ගන්න ජපන්නු බොහොමයක් ඉන්නවා. ඒ වගේ ම සිංහල හොදට කතා කරන ජපන්නුත් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා..... අපි මෙතැන සදැස් ගැන කතා කරනවා....

      උඹේ අදහස් දැක්වීමට විරුද්ධ වෙන්න විතරක් නෙමෙයි ඕනේ වුණේ..... අපේ අදහස කියන්නයි ඕනේ වුණේ....

      ජයවේවා..

      Delete
    2. මම හිතන්නේ හයිකු සම්ප්‍රදාය ජපන් භාෂාත්මක ව්‍යුහයත් එක්ක බද්ධ වුනු එකක්...
      එක්කෝ අපිට අතාරින්න වෙනවා ඔය මාත්‍රා ගණන,එහෙම නැත්තන් එච්චරම පුළුල් වපසරියකට යන්න අමාරුයි..
      මට එහෙම අවුලක් නෑ එකඟ වෙන එක නොවෙන එක අනිවාර්යෙන්ම මත ගැටෙන්න ඕනේ.. ;)

      Delete
    3. උඹේ කතාව එක්ක අපිත් එකගයි. ඇත්තට ම මේ හයිකු කලාව අපිට අදාළ කර ගනිද්දි ඔය කියන අකුරු ගණන හරි මාත්‍රා ගණන හරි කියන දේ අමතක කරන්න වෙනවා. ඒක අවස්ථාවට අනුව හදා ගන්න වෙනවා. ඒක අස්සේ හිර වෙලා හයිකු ලියන්න බැහැ.

      හයිකුව හැදෙන්නේ ජපානයේ නිසා ඒක ඒ භාෂාවත් එක්ක බද්ධ වෙලා තමා තියෙන්නේ. ඔබ හරි.... ඒක අපිට ගේද්දි කලාවක් විදිහට ගැනීමේ වරදක් අපි දකින්නැහැ. ඒත් ඒක අනික් භාෂාවක දෙයක් අපේ භාෂාවට ගේනවා වගේ කරන්න අමාරුයි. ඒ නිසා අපිට භාෂාවේ තියෙන සීමාකම් තේරුම් ගන්නා ගමන් ම අනික් ලක්ෂණ ගැනත් හොදට හොයලා බලලා අපේ ම හයිකු ලියන්න හැකියි කියලයි අපි යෝජනා කරන්නේ.......

      Delete
  12. http://gaweshshaka.blogspot.com/ ගවේකෂක

    ReplyDelete
  13. රෝමාන්තික රස්තියාදුකාරයා
    http://rasthiyadukarayaa.blogspot.com/

    ReplyDelete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........