Saturday 5 March 2016

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - කවි,නිසඳැස් අංශය හා හයිකු අංශය


කවි සහ නිසඳැස් ලියන බ්ලොග් අඩවි නිර්දේශ කිරීමට ප්‍රමාද වුනේ බ්ලොග් උළෙල සංවිධානය කිරීමේ කටයුතු මෙන්ම වෙනත් පරිබාහිර වැඩ යෙදුනු බැවිනි. මේ නිර්දේශ කිරීම වලදි පැන නැගුනු ප්‍රධානම ප්රශ්නයක් වූයේ වත් පොතේ හෙවත් බුකියේ තිබෙන කවිත්, ලංකා නිව්ස් වෙබ් ගී සයිබර් පවුරේ පලවන ඒවාත් මේ නිර්දේශ වලටම ඇතුලත් කර ගන්නවාද යන පැනයයි. බුකියේ කවි හා සයිබර් පවුර සඳහා වෙනම උළෙලක් පැවැත්වීමේ අදහස සිතේ තබාගෙන බ්ලොග් කවි පමණක් මෙම නිර්දේශ සඳහා සලකා බැලු බව සඳහන් කරමු.  

මෙහිදී තවත් වැදගත් කරුණක් සාකච්චා කළ යුතු යැයි අපි සිතමු. බ්ලොග් උළෙල සංවිධානය කරන සංවාදයේදී "කුරුටු ගෑ ගී පවුර" අඩවියෙන් ආ එක් යෝජනාවක් වූයේ තමන්ගේ ලියු ලිපි, කවි ආදිය එනම් තම බ්ලොග් අඩවිය ඉදිරිපත් කරන්නට අවස්ථාව දිය යුතුය යන්නය. තිබෙන අති විශාල බ්ලොග් සංඛ්‍යාව හා ඉනුත් කවි, නිසඳැස් සහිත බ්ලොග් අඩවිද රාශියක් ඇති බැවින් මේ යෝජනාව සාධනීය බව අපට වැටහී ඇත. මා මෙන්ම මාතලන් ද ඒ අදහසට මුලදී විරුද්ධ වූයේ ඉන් නිදහසේ බ්ලොග් තෝරා ගැනීමකට ඉඩ නොසැලසෙන බැවිනි. කෙසේ හෝ වේවා ලබන අවුරුද්දේ සිට ක්‍රම දෙකම භාවිතා කිරීමට තීරණය කළෙමු.  

බොහෝ විට අපට යම් යම් බ්ලොග් අඩවි මග හැරීමට ඉඩ තිබෙන අතර ඒ ගැන කණගාටුව පළ කරමු. 





හයිකු 

හයිකු තේරීමේදී මේවා හයිකු නොවේ යයි චෝදනා එල්ලවිය හැකි වුනත් මේ නිර්දේශයන් 
ඒ සඳහා සුදුසු බව සිතමු. සම්ප්‍රදායික ජපාන හයිකු වල ඇත්තේ පේලි තුනක් පමණක් 
වන අතර මුලික අදහස වන්නේ ඉන් කැපීම/ කැපෙන (කිරු) කිරීම යන්නයි. 
මුලික අදහස හා අවසන් පේලියේ අදහස කැපෙන මැද වචනය කිරෙජි නම් වේ. 
මේවා ලියවෙන්නේ මාත්‍රා (syllables) 5 (මුල් පපේලිය ) -7 (දෙවන පේලිය) -5 
(තුන්වන පේලිය ) වශයෙනි. 

හයිකුවක උදාහරණයක් වශයෙන් කියෝ මුරකමි ගේ (1865-1938) මේ කවි පෙළ 
(නෙළුම් මල් ගැන කියැවෙන බැවින්ම ) මෙසේ සටහන් කරමි. 

Murakami, Kijo. (1865-1938). 

The moment two bubbles
are united, they both vanish.
A lotus blooms. (උපුටා ගත්තකි.) 

පහත නිර්දේශ කෙරුණු කවි පෙළවල් ඉහත නිතිය නොසලකා ලියවුනු කෙටි කවි 
වූවත් හයිකු බ්ලොග් වලට ආරම්භයක් දීම සඳහා "ලඟින් යන" තේරීමක් කල බව 
කරුණාවෙන් සලකන්න. 


උපුටා ගැනීම - http://kolambagamaya.blogspot.com/2016/03/2016.html
රූපය සොරා ගැනීම - කමියාගේ සම්මාන උළෙල ගැන වූ සටහනෙනි.


.

8 comments:

  1. ඒ අර මගේ රූපේ මූ වැරදියට නේ දාලා තියෙන්නේ. කවි තේරීම් වලටනම් උඩින්ම කැමතියි. හයිකු ලියන්න පොළඹවන්න හොඳයි මේ වතාවේ ලඟින් යන ඒවාට හරි දෙන එක.. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. //කවි තේරීම් වලටනම් උඩින්ම කැමතියි.//

      මේක දැකපු වෙලේ ඉදලා හිතේ තියෙන දෙයක් කමියා... නොකියා ඉන්නමයි හිතුවේ... ඒත් කට කකියනවා. මේකට නං කොහෙත් ම එකග වෙන්න බැහැ.

      Delete
  2. ඔක්කොටම සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. අපෙත් සුභ පැතුම්....

      Delete
  3. Replies
    1. අපෙත් සුභ පැතුම්....

      Delete
  4. කුකුලගෙනුත් සුබපැතුම් සම්මාන උළෙලට.

    ReplyDelete
    Replies
    1. එදාට එනවා කියලා ස්ථිර කරානං තවත් සතුටුයි......

      Delete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........