Wednesday 9 March 2016

නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2015


නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2015


පුරවැසි ජනමාධ්‍ය භාවිතාව ප්‍රචලිත කිරීමටත්, බ්ලොග් කරුවන් සමාජයේ දැනුම් නිම්තෙර පුළුල් කිරීම උදෙසා කරන සේවය ඇගයීමටත් බ්ලොග් ලෝකයේ නුදුටු සීමා අතික්‍රමණය කිරීමට නෙලුම් යාය සහෘද සමුහය සංවිධානය කරන දෙවන බ්ලොග් සම්මාන උළෙල 2016 වසරේ මැදින් මස 26 වනදා සවස 2.30 සිට සවස 5.30 දක්වා පැවැත්වෙයි.
ඉවාන් පව්ලුෂා (ප්‍රගීත් අනුරාධ) ගේ මෙයවිමෙන් නෙලුම්යාය සංස්කාරකවරයාගේ (කොළඹ ගමයා) විසින් “2015 බ්ලොග් සම්මාන උළෙල දක්වා නෙලුම් යාය ආ මඟ” පිලිබඳ හැඳින්වීමකින් හා මෙතෙක් කරන ලද ප්‍රජා සත්කාර වැඩ පිලිබඳ හැදින්විමකින් ආරම්භ වන මෙවර උළෙල ගිය වසර ට වඩා ගුණාත්මක ලෙස වෙනස්ව සංවිධානය කිරමට සහෘද බ්ලොග්කරුවන් විසින්ම සංවාද කොට අනුමැත කරගත් වැඩ පිළිවෙලක් තුලින් කටයුතු යොදා ඇත.
නෙලුම් යායේ තේමා ගීතය මෙවරද “මනාගේ ගේ පින්තුරය” බ්ලොගයේ මනෝජ් පෙරේරා විසින් ගයනු ලබයි.
ප්‍රවීන විද්‍යා ලේඛකයෙකු හා “සිව් මංසල කොලු ගැටයා ” බ්ලොගය ලියන නාලක ගුණවර්ධන මහතාත් W3ලංකා බ්ලොගය ලියන ප්‍රවීන හා වෘත්තීය බ්ලොග් කරුවකු වන අජිත් පැරකුම් ජයසිංහ මහතාත් මෙවර ප්‍රධාන දේශනය ඔවුනතර සංවාදයක් ලෙස බ්ලොග් පිලිබඳ කතිකාවක් සේ ඉදිරිපත් කරනු ඇත.
Unnamed theatre group කණ්ඩායම විසින් ඉදිරිපත් කරන “ආණ්ඩුවේ රස්සාවක්” නාට්‍යය හා රන්ජිත් සායක්කාර ඉදිරිපත් කරන “පුවක් එෂනින් ” හා “18 ප්ලස්” අංගයකින් සභාව රස ගැන්වෙනු ඇත.
සභාව සංගීතයෙන් රසවත් කිරීමට බ්ලොග් කරුවන්ගෙන්ම සමන්විත සංගීත කණ්ඩායමක් මෙවර ඉදිරිපත් වෙයි. මේ සඳහා මනාගේ පින්තරුවේ මනෝජ් , ද සහන් බ්ලොගයේ සහන් පද්මසංඛ සහ තවත් බ්ලොග් කරුවන් කිහිප දෙනෙකු ගායනයෙන් සහ වාදනයෙන් සහය දක්වනු ඇත. මෙහි විශේෂත්වය වන්නේ බ්ලොග් කරුවන් කිහිප දෙනෙකු විසින්ම් ලියන ලද ආධුනික ගීත ගායනා කිරමට තෝරා ගැනීමයි.
සම්මාන සඳහා තෝරාගත් බ්ලොග් අඩවි එදිනට හෙළි කරනු ලබන අතර සම්මාන සඳහා ත්‍යාග මුදල් පිරිනමනු ලබන්නේ ප්‍රවීන බ්ලොග් කරුවෙකු හා ද නේෂන් බිල්ඩින්ග් සොසයිටි සමාගම විසිනි. එක්සත් ජාතින් ගේ සංවිධානය විසින් බ්ලොග් කරුවන්ට තෑගි පාර්සලයක් ද ලබා දෙනු ඇත.
සම්මාන ප්‍රදානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.
~~~~~~~~~~ඔබ සැමට කරන සුහද ආරාධනයි මේ.~~~~~~~~~~~
ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරය
ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය
නො 163, කිරුලපන මාවත, කොළඹ 5
දිනය – මාර්තු 26 වන සෙනසුරාදා 2016 ​
​අසුන් ගැනීම ප්.ව. 2.00 සිට
ආරම්භය – ප.ව. 2.30 pm ​


උපුටා ගැනීම - http://nelumyaya.com/?p=5339


.

10 comments:

  1. ජයවේවා! අපිටත් එන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ටිකට් එදින දොරටුවෙන්.............

      Delete
  2. අවසන් මදු පානය නොමිලේ ද නැත්නම් ඔනමනම් අරගෙන වර BYO ද

    ReplyDelete
    Replies
    1. බොන අපිට කොහොමත් එකයි....... අතින් නැත්තං පයින්.... ආය දන්නවානේ..... බිව්වාම යන්න ත්‍රීවිල් එකකට කලින් ම කොන්ත්‍රාත්තුව දීලා සල්ලිත් දීලා තමා තියන්නේ.. මොකද බිව්වා ම අපිට ඕවා ගැන හිතන්න වෙලාවක් නැහැ..... වෙන වැඩ තියෙනවා...... හැක්

      Delete
  3. //මොකද බිව්වා ම අපිට ඕවා ගැන හිතන්න වෙලාවක් නැහැ..... වෙන වැඩ තියෙනවා.//
    බීපුවහම පස්ට ආතල් දෙන පොරවල්ද සිටි.

    ReplyDelete
    Replies
    1. ආය එදාට ආවානං අපි රගපාලාම පෙන්නනවානේ........ කොහෙද ඉතින් රට පිට කිව්වානේ.......

      Delete
  4. වැඩේ ලෙසටම තියෙයි වගේ

    ReplyDelete
    Replies
    1. කට්ටිය ම ලොකු මහන්සියක් ගන්නවා වැඩේ සාර්ථක කර ගන්නට.... මූලික ම වෙලා වැඩ කරන සංවිධායකවරුනුත් කීපයක් ම ඉන්නවා... අපිත් සහභාගී වෙන්න යනවා.... ආවානං මොකෑ එදාට ඒ පැත්තට........

      ජයවේවා..

      Delete
  5. කුරුටු ගෑ ගී පවුරMarch 11, 2016 at 7:09 AM
    පැරා තමා පාර කිව්වේ..... අපේ සින්ඩියටත් දා ගත්තා...

    http://kurutugegeepawra1.blogspot.com/

    අනික් සින්ඩි වලටත් යන්න... ඒක අනික් බ්ලොග්කියවන්නන්ටත් පහසුවක් වේවි... ජයවේවා..

    Menna Api Awa.. ජයවේවා..!!!!!!

    ReplyDelete
    Replies
    1. ජයවේවා.... ජයවේවා..... තවත් සින්ඩි කිහිපයක් ම තියෙනවා. ඒවාට යන්න.... ඒවාට බ්ලොගය දා ගන්න. එවිට බ්ලොග් කියවන්නන්ට පහසුයි...

      Delete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........