Sunday 23 August 2015

කවි බැදුමේ මුල් කාලේ කවි..........................



හිස් අහසත් බොල් පොලවත් ඉතිරි උනොත්    ඇති
උස් අදහස් ඵහෙම හිතති කිසිම  දෙයක්           නැති
ඇස් ඇර නැති අපේ ලමයි අතින් අතට              යති
දෙස් දුන්නත් උන්ට  රටක්  අපේ  කියා            නැති

බල තන්හාවෙන් තුරු හිස් ගහ කොල වන        සති
මුල මැද අග නැති සැලසුම් සංවර්ධන               පැති
මිල කරගන්නට බැරි දේ කුනු කොල්ලෙට      දෙති
නල වන දරුවත් උකුලෙම නයකාරයො         වෙති

රට  වටේම ක්‍රීඩා පිටි  හැදුවට   නය               වෙවී
වැට පනීවි ගැමි දරුවන් නව මෙවලම්          නොවී
තැට මුවාට හැම දෙනාම  චින්තනයේ             කවි
වට  උනේම ඵක පවුලකි බලයෙන් මත්       වෙවී

බදු බර ඇන ඇන අරගත් මුදලෙන් හරි          අඩක්
උදුරන ක්‍රමයට ගෙනවිත් දැම්මොත් ගල්  ගොඩක්
අදුරට නියවන උන්දැට   ඵ්කත්  ලොකු       වැඩක්
කොදු ඇට නැති උන් හැදුවා හොරාට හොඳ ඉඩක්

පතුල  බැළුව මහත්වරුනි ආස්චර්යෙ             ර‍ගේ
වතුර දමන විට මුහුදෙන් පිරිත් වැඩපු           අගේ
උතුර  දකුන මාරුවෙලා නැව්  ඵන්නෑ          නගේ
කතුර දුන්නෙ පටි කපන්න කිලි කෙල්ලෙක් වගේ

මිහින් ඵයාර් නම තිබුනට නෙමැත ගුවන්       බස්
ගිහින්  වැඩට හැමකෙනෙක්ම මුර කරන්නෙ ගස්
ඇහින් දැකපු චින්තනයේ වැඩ සේරම           පුස්
විහින් කපපු වල හින්දා කමු අපි දැන්             පස්


අඩවියට ලින්කුව - http://kavibeduma.blogspot.com/


සටහන - සදැස රකිමින් අගේ අැති කවි ගෙත්තම් රැසක් ලියා අැති අඩවියකි.
ජනප්‍රිය රැල්ලට විරුද්ධව කාලයක් තිස්සේ කවි ලියූ බ්ලොගයකි.... 

7 comments:

  1. කවි බැදුම් ! කරෝල බැදුම්, කරවිල බැදුම්, අල බැදුම් විතරයි රහ බලල තිබ්බෙ. බලමුකො දැං බදින ජාතිවලත් හැටි. මහ වහතු රහයි ඕයි කවිබැදුම ඒ වුනාට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි ඕයි !!!

      Delete
  2. මේක මට මිස් වෙලා තිබ්බ එකක්.. ස්තුතියි අඳුන්වල දුන්නට :)

    ReplyDelete
    Replies
    1. ඒ වචන වලට ස්තූතියි කමියා.... ඒක තමා අපේ අවශ්‍යතාවය.... ජයවේවා

      Delete
  3. http://ekomatheka.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දැම්මා වර්ණ..... කතාත් ලියමු ඒහෙනම්... අපිටත් බැරියෑ කියවලා බලන්න... ජයවේවා... ලියන්න. ඒතකොට අප්ඩේට් වෙයි...

      Delete

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........