Tuesday 28 July 2015

ලංකාප්‍රිය ඔහේ ලියන්න පටං ගත්ත පළවෙනි දවස......

පළවෙනි ම පෝස්ටුවට 
ලංකාප්‍රියම තියපු නම ........... ඔහේ ලියනවා
අද වෙනතුරුම ඔහු
අවුරුදු පහ හමාරක් ............ඔහේ ලියනවා

ඔහේ ලියනවා

මන් ඉන්නේ පිට රටක.. මොන කරුමෙකටද 
මන්ද මගේ රටේ හිත හදාගෙන ජීවත් වෙලා 
රටටම වැඩ කරන්න .. ඊට පස්සේ ඔහේ මැරිලා 
යන්න කොච්චර ආසාවක් තිබුනත් උත්සාහ කල 
හැම පාරම මට හිතුනේ එක්කෝ මම වැරදි 
කාලෙක ඉපදිලා එහෙම නැත්නම් වැරදි 
රස්සාවක් මුලදීම අල්ලාගෙන කියල.. 
ඇත්ත තමයි. මම කරන්න පටන් ගත්තේ 
ජීවිතේටම කරන අදහසක් වත් නොතිබුන එකක්. 
අපේ රටේ අපි හිතන පතන රස්සාවල් 
කරන්න ලැබෙන්නේ කාටද ? හම්බවෙන ඒකෙ 
එල්ලිලා ඔහේ ජීවිතේ ගැට ගහ 
ගන්නවා මිසක් .  තාමත් බලාපොරොත්තු   
තියාගෙන ඉන්නවා ඒ වෙනස අපේ රටේ වේවි ..
එතකොට හිතට එකඟව රටට සේවය කරලා 
මැරිලා ඒ පොළවටම පස් වෙන්න පුළුවන් 
වෙයි කියල.. එහෙම නුනොත් ඉතින් මම 
හම්බකරගත්තු කීයක්   හරි ඉතුරුකරගෙන මගේ 
අවසාන කාලෙට වත් ආපහු ගිහින් මගේ 
රටේ කොහේ හරි කොනක පැලක් අටවාගෙන 
කාටවත් කරදරයක් නැතුව මං හදපු ගහක් යට 
මැරිලා යනවා.

මේ කාලේදී මම වගේම අත්දැකීම්   
නිසා පිටරට ආව මට වඩා සිය දහස් 
ගුණයක් වටිනා මිනිස්සු මට හමු වුනා.. 
අපි ඔක්කොම සරීරයෙන් මෙහෙ හිටියත් 
හදවතින් ඉන්නේ උපන් පොළොවේ.. නින්ද ගියාම 
හීනෙන් දකින්නේ ලංකාව.

අවුරුද්දකට වතාවක් නිවාඩු ලැබුනම දුවගෙන 
යන්නේ(ලක්) අම්මා ලඟට.. කටුනායකින් 
බහිනකොට කඳුළු පිහිනවා වගේම ආපහු   
එනකොට යානය උඩට ගන්නකොටත් පහලින් පෙනෙන 
පොල්ගස් කරටි දිහා බලාගෙන කඳුළු පිහිනවා.. 
ඇහේ කඳුළු පිස්සට හිතේ කඳුළු දවස් ගණනක් ගලනවා..
අපේ කතාවට කොහෙද පත්තර ? බ්ලොගක් ඇරියා.. 
ඒකටත් පින් දෙන්න ඕන  ඇහින් නොදැකපු 
බ්ලොග්වලින් දැකපු ලංකාවේ කොල්ලෝ 
දෙන්නෙකුටයි.. උන් දෙන්න කොච්චර මට 
තල්ලුව දුන්නද ? අන්තිමට බ්ලොග් නමින්   
විතරක් දන්නා එක  මලයෙක්  මට බ්ලොග් 
අරින ලින්ක් එක පවා දීල තිබුන.. ඔන්න ඉතින් 
මගේ හෑල්ල ලියන එක පටන් ගත්ත.




.

Friday 24 July 2015

කමියා ලියපු පළවෙනි කවිය...................

කමියාගේ බ්ලොගයේ
දෙවැනි පෝස්ටුව
පළවෙනි ම කවිය
හරිම සුන්දරයි......
ලස්සන කතාවක්.................



හොරකං කරල දෙසීයක් 
ගෙදරක පුංචි කොළු ගැටයෙක්
අහුවෙලා අම්මාට- පුච්චලා අතක්
ආයෙ නොකරන්ට හොරකමක්
ගොසිප් ලංකා පුවතක්..

ඇවිල්ලා ළමා රක්ෂණෙං 
අම්මාව ගෙනිහින් කුදලං
දැම්මාලු කූඩුවේ දැන් කූරු ගැනපං
නොකරන්න ආයේ මේ වගේ 'අනුවේදනීය' 
රජකාලේ දඬුවං..

දුවනවා මයේ හිත හැල්මේ.. තිස් අවුරුද්දක් එපිට අතීතෙට..
මොනවද මංදා කියනවා.. දැනෙනවා අමුත්තක් නුහුරට..

ඉන්නවා පොඩි උන් තුන්දෙනෙක්
ලොකු එකා ගහක අත්තක් උඩ පොඩි උන් දෙන්න බිම ඇණ තියාගෙන..
රජ්ජුරුවෝ උඩයි උඩයි.. මොකක්ද කරන සෙල්ලම..
අයියෝ.. ඒ පොඩිම එකා මම නේද අක්කත් එක්ක බිම දූවිලි නාන..

මල්ලී ගෙනෙං බිත්තර දෙකක් කූඩුවෙං විකුණමු අල්ලපු ගෙදර අන්ටීට..
අපි තියමු 'ටූනමන්ට්' එකක්, බෙදමු බුල්ටෝ, සීනි බෝල දිනන උන්ට..


සුපිරි තරඟාවලියක්.. හවස් වෙනකොට හෙම්බත්..
'ස්පොන්සර්' අල්ලපු ගෙදර ඇන්ටී.. අපේම බිත්තර සල්ලි වලින්..
කියන්නේ කොහොමද අම්මාට..
නොකිය ඉමු අපි 'මැරුවත්'..සපථයක්...

"අනේ අක්කේ දවාලේ.. ගත්තානෙ මං බිත්තර දෙකක්...
සල්ලි දුන්නානෙ 'කළු මහත්තයට'.. හලාගෙනද දන්නෙ නෑ කොහෙවත්.."

"අම්මේ.. ඒක...මම..අරගෙන..එනකොට... ප..ප..පැ..පැන්නානේ..නයෙක්..අහසින්.. "
අළුත් තේ දර හරිම සුවඳයි..සනීපයි වදිනකොට තේ ඉපලෙන්..

තව කොහෙද මූ ලොකු උනාම.. ගලවපන් කලිසම.. ගෙනෙන් මට ලනු කෑල්ලක්..
බොරු කියනවද තෝ ආයෙත්.. කෝ ගෙනෙං පොඩි එකී අඹරපං මිරිස් ගුලියක්...

ටයිප් කරන්න අමාරුයි.. ඉතුරු ටික.. ඇස් පියන් පෙඟවෙලා.. තිස් අවුරුද්දකට පසුවත්..

"යුත්තේ යුත්තේ.. පජ්ජලතී.. පජ්ජලතී.. ගිහින් වරෙන් පුතේ..පරිස්සමින්.."
අපේ පොඩි එකා දැන් හොඳ තැනක.. තුණුරුවන්ගේ පිහිටෙන්..
අපරාදේ කියන්ඩ බෑ අදටත්.. දනගහනවා.. ඕන මහ සෙනගක් මැද්දෙත්..

ඇඬුනේ මට ඇයිද මංදා.. හරියටම තාමත්..
අනේ පොඩි එකෝ තව තිස් අවුරුද්දකින්.. වඳින්නේ උඹ කාටද..
අම්මටද.. ළමා රක්ෂනේටද නැත්නං..



බ්ලොගයට යන්න - http://kalahitha.blogspot.com/2014/08/blog-post.html


.

Wednesday 22 July 2015

රාජ්ගේ කමෙන්ට්ස් අත්දැකීම ............

''අපි ලියන්නේ 
කමෙන්ට්ස් බලාන නෙමෙයි.''
''අපිට නම් කමෙන්ට්ස් නැතත් කමක් නැහැ.''
මේ කතා අැත්තද??????
බ්ලොග්කරුවෙකුට කමෙන්ට්ස් 
වැදගත්ද නැත්ද?????
මේ රාජ්ගේ අදහස්........


comments මොකටද...............?



මම ඉස්සර වෙලාම බ්ලොග් කියවන්න ගත්තෙ 
මීට අවුරැද්දකට විතර කලින්.ඒකත් 
සිද්ධවුනේ අහම්බෙන් වගේ.
ඒ දවස්වල මම ජාලෙට ඇවිල්ලා සිංහල ** හොයන්න 
ගූගල් එකට ගිහිල්ලා ටයිප් කරන්නෙ
 "sinhala ****" කියලා.
sinhala .. කියලා ටයිප් කරනකොට 
sinhala blog කියලා sugession එනවනේ. 
අන්න ඒව‍ගෙ වෙලාවක තමයි බ්ලොග් 
කියවන්න සෙට් වුනේ.ගොඩාක් බ්ලොග් වල තිබුනා 
comment එකක් දාන්න,ඔබේ අදහස් හරි වටිනවා,..
වගේ දේවල්.එතකොට මම කල්පනා කලේ 
මොකටද comments ඕනවෙන්නෙ කියල. 
ඊටත් ගොඩාක් කාලෙකට පස්සේ මමත් මේ බ්ලොග් එක
පටන් ගත්තේ මෙන්න මේ පෝස්ට් එක බලලා.
බ්ලොග් එක පබ්ලිෂ් කලාට සින්ඩියට එකතු කලේ නෑ.
මොකද මට ලියන්න දෙයක් නැතිවේවි,
මම ලියන ඒවා අනිත් අයගේ තරම් හොද නැතිවේවි,
වගේ ඔලුවෙ වැඩ කරපු වෛරස් නිසා.
ඊයෙ හවස මාරයාගෙමෙන්න මේ පෝස්ට් එක දැකලා 
මමත් නිකමට බ්ලොගේ ලිපිනෙ දැම්ම.
අද උදේ බ්ලොග් එකට ගිහිලිලා බැලුවා 
නිකමට comments එකක්වත් ඇති කියලා.‍......... 
බලනකොට එකක්වත් නෑ.පස්යෙ මේල් එක ඕපන් කලාම 
තමයි දැක්කේ 5 දෙනෙක් comment දාලා කියලා. 
බ්ලොග් ලියන අයට comments කොච්චර වටිනවද 
කියල හිතන්න බ්ලොග් ලියන්නම ඔන. 
හැමෝටම ස්තුතියි!පස්සෙ හමුවෙමු.


බ්ලොගයට මෙතැනින් යන්න 
http://raj1st.blogspot.com/2011/05/comments.html

Saturday 11 July 2015

කසුට්ටාගේ පළවෙනි කවිය ....................

2014 ඔක්තෝබර් 05 වෙනිදා 
පටන් ගත්තු කසුටු බ්ලොගයේ
05 වෙනිදාම ලියපු
පෝස්ටුව

තවත් විදිහකට කියනවානම්
කසුට්ටාගේ කසුටු බ්ලොගයේ
පළවෙනිම කවියේ 
මෙන්න මේ විදිහට 
ලියැවිලා තියෙනවා...........



එබී බලන්න.....
තව එකම එක වතාවක්
දඟකාර ඔය හිතට
එදිනට ඔබට හැගේවි.....
හිතට හොරෙන් සෙනෙහසක්
සෙමෙන් පූදින අයුරු
සත්තමයි ඔබට දැනේවි.......
ආදරය පූදින අයුරු
මේ සොදුරු තාරුණ‍ය්‍යෙ
පිළිගන්න ඔබේ දිවි මගට මාව
කිසිදාක ඔබ නොදැන සිටිය මුත්
රත්තරං.......ළබැදිය
මම විතරක්ම තනියම 
ඔබේ සෙනෙහස ගැනම සිතුව හැටි
මහ සයුරටත් එහා......
විසල් ආකාසෙටත් වඩා.....


කිසිදාක ඔබේ හුරුබුහුටි සිත.....
නොපැතු පතුම් ගොන්නත් මමයි
නොසිතු සිතුමන් බින්දත් මමයි
අනේ ඔබ ගැන දිනක
අනන්ත විශ්වයටත් වඩා
නෙතු පැතූ කථන්දර
සිත ගෙතූ සිහින වැල්
සිදදමාලන්න නම් එපා 
ඔබේ ආදරයෙන් දුරස් වු ජීවිතය.....
පාලු කලු හිස්තැනක් වී තියේවි......
රත්තරං.......සදහටම......



http://katusuhadawatha.blogspot.com/2014/10/blog-post_5.html


.

Saturday 4 July 2015

පැහැසරණියේ ගිය හිත උණු කරපු නිර්මාණය

පැහැසරණියේ ගියපු
‍හිත උණු කරපු
පැය ගාණක් කල්පනා කරපු
අමුතු හිනාවක් පාපු
රූපයකට ගොතපු
වේදනාවක් හංගාපු

මේ නිසදැස අායෙමත් පෙන්නන්න හිත නිතරම කියනවා...
මේ ඒ වෙනුවෙන්මයි....... 




එන්න හිත හිතා හිටියේ හැමදාමත් සර් 
ඇවිත් බලලා යන්න  
වැඩ ගොඩ උනා අතපහු උනා 
මේ පාර නම් එන්නමයි හිටියේ 
ආයේ සැරයක් කතාවක් අහල යන්න 

විද්‍යාව විතරක් ඉගැන්නුවනම් 
අමතක කරලා ඉන්න තිබ්බා 
සර් ඉගැන්නුවේ ජීවිතේ 
දහස් ගානකට ලෝභ නැතුවම 
බෙදලා දුන්නේ ආදරේ 

සර්ගේ මිනිබිරීටයි මුනුබුරාටයි 
ආණමඩුවේ පඬි ඇදපු පුංචිත්තන්ටයි 
පස්සේ කාලෙක මුණගැහුණු අපිටයි 
බෙදන්න තරම් ආදරේ ගොඩක් 
සර්ට තිබුණු හන්දමයි 
ආයේ ඇවිත් බලලා යන්න හිටියේ 

එත් වැඩ ගොඩ උනා සර් අතපහු වුණා
අපි පරක්කු වුණා


සර් එදා හරක් හදවතේ 
ඝනකම පෙන්නලා හිනා උනත් 
සුරතලේට හදපු බැල්ල 
අසනීපෙන් උන්නු වෙලේ 
"බලන්න එපා එයා දිහා, 
එයාට දුක හිතෙයි" කිව්වම 
අදුනගත්ත අපි එදා 
සර්ගේ හදවත කොයිතරම් 
මෙලෙක්ද කියල 

මනමාලයෙක් එන දවසේ 
පුංචි ලේන්සුවෙන්
ගෙයි වතුර ඉස් කරන්න හදපු 
අක්කා ගැන කියා කියා 
වර්ගඵලය කියා දීලා 
එක මොහොතෙන් 
අක්කා මතක් කර කර 
දුක් වෙන කොට 
අපේ අක්කා හොඳ අක්කා කියනකොට 
අපි දැනගත්තා සර් 
සර්ගේ කරුණාවේ වර්ගඵලය
එ නිසාමයි ආයෙ අපි 
ඇවිත් යන්න එන්න හිටියේ 

වැඩ ගොඩ උනා සර් අතපහු වුණා 
අපි පරක්කු උනා සර්

අවුරුදු ගානකට පස්සෙත් 
අපිට හිනා වෙන්න ඉතුරු වුනේ 
සර්ගේ රස පිරුණු විහිළු කතා 
ඊයේ පෙරේදත් කෙනෙකුට කියලා 
අපි හිනා උනා සර් 

ආයේ හිනා වෙලා යන්න 
ඇවිත් යන්නයි හිටියේ 
අනේ සුනිල් සර් 
සර් ඉක්මන් උනා 
අපි පරක්කු වුණා...  



සබැදිය - http://pahasaranee.blogspot.com/


.

මේක පාවිච්චි කරන්න.........

මේක පාවිච්චි කරන්න.........